Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
22
"අම්මට නංගි ලැබෙන්න ඉන්නකොට යන වාහනේ නවත්වලා අම්මට පහර දුන්නා, ඒ අවස්ථාවේ අම්මට අමාරු වෙලා රෝහල් ගත කළා..." - පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්නගේ පුත් කියයි

- "අම්මට නංගි ලැබෙන්න ඉන්නකොට යන වාහනේ නවත්වලා අම්මට පහර දුන්නා, ඒ අවස්ථාවේ අම්මට අමාරු වෙලා රෝහල් ගත කළා..." - පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්නගේ පුත් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,992 Views
මා නෙත්, අභිනික්මන, සීත මීදුම් යන ගීත නිර්මාණය කරමින් සංගීත ක්‍ෂේත්‍රය තුළ හැඩ වැඩ පාන අලුත් නිර්මාණකරුවෙක් ගැනයි මේ කතාබහ. දේශපාලන පවුල්වල දරුවන් දේශපාලනයට පිවිසෙන සම්ප්‍රදාය බිඳ දමමින් කලාවට පිවිසි ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව කවිරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්නගේ පුත් කණිෂ්ක කවිරත්නයි.මේ ඔහු ගැනයි.

කොහොමද මේ දිනවල ජීවිතේ?
ජීවිතේ හොඳින් ගෙවෙනවා.
 
ඔබේ නිර්මාණ කටයුතු ගැන කතා කරමු?
මම අවුරුදු එකහමාරක් පමණ තිස්සේ සංගීත ක්‍ෂේත්‍රයේ සංගීත ගායකයෙක් ලෙස වගේම සංගීත නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ වන විට මම ගීත 4ක් එළිදක්වලා තිබෙනවා. මගේ පළමු ගීතය ‘අභිනික්මන’ එහි පද රචනාව සහ තනුව මගේ. නිසල් ගංගොඩගේ තමයි එහි සංගීත නිෂ්පාදනය සිදු කළේ. මගේ අප්පච්චි අපෙන් සමුගත්තේ 2014දී. අප්පච්චිගේ සමුගැනීමත් සමඟ මට දැනුණු හැඟීම තමයි අභිනික්මන ගීතයේ පදවලට පෙරළුණේ.
 
මේ ගීතය මගේ ළඟ බොහෝ කාලයක් තිබුණා. 2019දී නිසල් ගංගොඩගේ හමුවීමෙන් පසුව තමයි එය ගීතයක් ලෙස එළිදැක්වූයේ. ඊට පසුව 2020දී මා නෙත් කියන ගීතයේ රොක් වර්ෂන් කියලා ගීතයක් කළා. එහි පදරචනාව සහ තනුව මගේ. සංගීත නිෂ්පාදනය නිසල් අයියගේ. ඒවගේම ගිය අවුරුද්දේ අවසාන භාගයේ සීත මීදුම් කියලා තවත් ගීතයක් කළා එය සන්තුස දිසානායක ලියූ ගීතයක්.
 
එකම ගීතයේම තවත් වර්ෂන් එකක් කරන්න සිතුවේ ඇයි?
ගීතය අහපු බොහෝ අයගෙන් ඉල්ලීම් ලැබුණා මෙහි පියානෝ වර්ෂන් එකක් කරන්න කියා. බොහෝදෙනෙක් පියානෝ වර්ෂන් කරන නිසා මට සිතුණා යම් වෙනසක් කරන්න. හාන්ස් සිමර් කියන සංගීතඥයාගේ නිර්මාණවලට මම බොහොම කැමැතියි. ඔහුගේ නිර්මාණ නිතර අහලා මට සිතුණා මගේ මේ ගීතයට ඔකෙස්ට්‍රා වර්ෂන් එකක් කරන්න. ඒ අනුව ගිය මාසේ ඒ ගීතයේ ඔකෙස්ට්‍රා වර්ෂන් එකක් කළා.
 
ගීතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම සංගීත ක්‍ෂේත්‍රයට පැමිණියේ කවුරුත් නොදන්න අලුත් කෙනෙක් හැටියට. මිනිස්සු අඳුරගෙන ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගෙන ආපු ගමනට බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
 
සංගීත නිෂ්පාදනයට පෙලඹුණේ කොහොමද?
මේ ක්‍ෂේත්‍රයට පිවිසෙන්න පෙර, පාසල් කාලයේ සිටම මම සංගීතයට ළැදියාවක් දැක්වූවා. අවුරුදු ‍ෙදාළහක් පමණ සංගීත කණ්ඩායම්වලට සම්බන්ධ වෙලා ඩ්‍රම්ස් සහ ගිටාර් ශිල්පියෙක් ලෙස කටයුතු කළා. 2019දී මගේ පළමු ගීතයේ සංගීත නිෂ්පාදනය කළේ නිසල් ගංගොඩගේ. ඔහු මට සංගීත නිෂ්පාදනය පිළිබඳව කියලා දුන්නා. එතැනින් පසුව තමයි මම සංගීත නිෂ්පාදනයට පෙලඹුණේ.
 
දේශපාලන පවුලක දරුවෙක් දේශපාලනය නොකර සංගීතය තෝරා ගන්න සිතුවේ ඇයි?
මගේ අම්මා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක්. මගේ අප්පච්චිත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. මම ඉපදුණු දවසේ සිටම දැක්කේ දේශපාලනය. සාමාන්‍යයෙන් අපි දීර්ඝකාලීනව යම් දෙයක් සමඟ සිටින විට එක්කෝ අපි ඒකට කැමැති වෙනවා නැත්නම් එයට අපි අකැමැති වෙනවා. ලංකාවේ දේශපාලනය ගැන මට තිබෙන්නේ කලකිරීමක්.
 
1999 පළාත් සභා ඡන්දෙදී අම්මාට නංගි ලැබෙන්න සිටියේ. අම්මා යන වාහනේ නවත්වලා අම්මාට පහර දුන්නා. ඒ අවස්ථාවේ අම්මාට අමාරු වෙලා රෝහල් ගත කළා. 2001 මහ මැතිවරණයේදී අපේ නිවෙසේ කවුරුත් නොසිටි අවස්ථාවක යම් කිසි පිරිසක් පහර දුන්නා. අම්මා, මාවයි, නංගිවයි සැඟවූවේ කබඩ් එකක් ඇතුළේ. එවැනි දේශපාලන සදාචාරයක් තිබෙන තැනකට එන්න මට කැමැත්තක් නැහැ.
 
කුඩා කාලයේ සිටම මම සංගීතයට ඇල්මක් දැක්වූ කෙනෙක්. මම පාසල් කාලයේ විවේකයක් ලැබුණු හැම අවස්ථාවකම සිටියේ සංගීත කාමරයේ. මම පාසලේදී ඩ්‍රම්ස්, ගිටාරය සහ පියානෝව වාදනය කරන්න ඉගෙන ගත්තා. එපමණක් නොවෙයි මගේ අම්මා කියන්නේ. මම කුඩා කාලයේදිත් හැඳි ගෑරුප්පු අරගෙන හට්ටි මුට්ටිවලට තට්ටු කර කර සිටි කෙනෙක් කියලා.
 
ඔබ උසස් අධ්‍යාපනය හැදෑරුවේත් සංගීතය අංශයෙන්ද?
නැහැ. මම උපාධිය හැදෑරුවේ වාණිජ අංශයෙන්. මම එම ක්‍ෂේත්‍රයේ අවුරුදු 3 1/2ක් පමණ රැකියාව කළා. මගේ වෘත්තීය සුදුසුකම් අනුව මම සිටිය තැන එතැන වුවත් මගේ හදවතේ තිබෙන්නේ සංගීතය කියන එක මට තේරුම් ගියා. මේ කරන දෙයින් මට සතුටක් ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගියාට පසුව මම එම රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව සංගීතයට යොමු වෙන්න සිතුවා. දැන් මම වෘත්තීයමය වශයෙන් සංගීත නිෂ්පාදකයෙක්.
 
සංගීත ක්‍ෂේත්‍රය තුළ ඔබ ඔබේ අනන්‍යතාවක් මතු කරන්නේ කොහොමද?
ලංකාවේ බොහෝමයක් සංගීත නිෂ්පාදකයන් එක් සංගීත ශානරයකට සමීප වෙලා සිටිනවා. නමුත් මට කුඩා කාලයේ සිටම රොක්, පොප්, ක්ලැසිකල් ආදී සංගීත ශානර සමීපයි. සෑම ශානරයක් ගැනම අවබෝධයක් මට තිබෙන නිසා යම් කිසි නිර්මාණයක් කරද්දී එම ශානරයන් එකිනෙක මුසු කරලා වෙනස් නිර්මාණ කිරීමේ හැකියාවක් මට තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. මම කළ ගීතත් එවැනි නිර්මාණ. අභිනික්මන ගීතය රොක් ක්ලැසිකල් මිශ්‍ර කරලා කරපු එකක්. මම සිතනවා මගේ අනන්‍යතාව තිබෙන්නේ එතැන කියලා.
 
මේ ක්‍ෂේත්‍රයෙ තිබෙන තරගකාරී බව ඔබට බලපාන්නේ කොහොමද?
ඕනෑම ක්‍ෂේත්‍රයක තරගකාරීත්වයක් තිබෙනවා. අපි කළ යුත්තේ අනෙකාව අභිභවා යන්නේ කොහොමද කියලා සිතන එක නොවෙයි. කලින් නිර්මාණයට වඩා සාර්ථකව හා නිර්මාණශීලීව ඊළඟ නිර්මාණය කරන එකයි. අපිව අපි දියුණු කරගන්න එකයි කළ යුතු වන්නේ කියලා මම විශ්වාස කරනවා.
 
ඔබ වෙනත් වෘත්තියක් කළ කෙනෙක්. මේ සංගීත ක්‍ෂේත්‍රය තුළ වෘත්තීයමය තත්ත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් කියලා ඔබ සිතනවාද?
ඔව් අනිවාර්යයෙන්ම. සංගීත නිෂ්පාදකවරයෙක් හැටියට මේ කරන්නෙත් ව්‍යාපාරයක්. අපි අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කළ පසු පළමු අවුරුදු දෙක පොඩ්ඩක් දඟලන්න වෙනවා. නමුත් ඉන් පසුව සාර්ථක වෙන්න අවස්ථාව තිබෙනවා. මම අඩියෙන් අඩිය තියලා මගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න උත්සාහ කරනවා.
 
සංගීත ක්‍ෂේත්‍රයට පිවිසීමේදී පවුලෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරයක්ද?
අද ලංකාවේ දේශපාලන පවුල්වල දරුවන් දේශපාලනයට පිවිසෙන එක විලාසිතාවක් වෙලා තිබෙන්නේ. එම නිසා අම්මාගෙ අදහස වුණෙත් ඒක නතර වෙලා අලුත් කෙනෙක්ට දේශපාලනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්න ඕනෑ කියන එක. මමත් හිතනවා අපි මවුපියන්ගේ අඩිපාරෙම යන්න ඕනෑ නැහැ. අපි කැමැති දේ අපේ අනන්‍යතාව කරගෙන ඉදිරියට යන්න ඕනෑ කියන එක.
 
 
පවුලේ විස්තර?
අප්පච්චී 2014 නැති වුණා. අම්මා, නංගී සහ මම තමයි දැන් පවුලේ සිටින්නේ. නංගී මේ වන විට විදේශ ගතවෙලා සිටින්නේ.
 
ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන නිර්මාණ මොනවාද?
මගේ ගීත 10ක ඇල්බම් එකේ ගීත මාස 10ක් ඇතුළත නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ඇල්බම් එකේ පළමු ගීතය දෙසැම්බර් මාසයේ පළමු සතියේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top