කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලූ පාසල්වල සියලූම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට පැවැත්වෙනවා.
ඒ මෙතෙක් ආරම්භ නොවු 06, 07, 08 සහ 09 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමත් සමගයි. කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල් අධියර කිහිපයක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කළ අතර පළමු අදියරේදී ළමුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් පසුගිය මස 21 වනදා විවෘත කෙරුණා.
දෙවන අදියරේ දී දිවයිනේ සියලූම පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වනදා ආරම්භ කෙරුණු අතර 03 වන අධියරේදී සියලූම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි පසුගිය 08 වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කලා.