නිල් චිත්‍රපට කර්මාන්තය ඇතුළේ තියෙන
කවුරුත් නොදන්න රහස්.......
නිල් චිත්‍රපට, එහෙම නැත්තම් අසභ්‍ය චිත්‍රපට කියන්නේ ලෝකයෙන්ම වසං කළ නමුත් බොහෝ දෙනෙක් ප්‍රිය කරන තෝතැන්නක්.. මේ හේතුව නිසාමයි දවසින් දවස විවිධ තේමාවන් ඔස්සේ දිග හැරෙන නිල් චිත්‍රපට කරළියට පැමිණෙන්නේ.
(ඒ කියන්නේ ඔබ ප්‍රිය කරන කාටූන්වල චිත්‍රපටවල චරිත විදිහටත්.)
හැබැයි අවාසනාවකට මේ කියන "නිල් චිත්‍රපට" නිළියන් පිටුපස තියෙන ඛේදජනක කතාන්දරය බොහෝ දෙනෙක් දන්නෙ නැහැ.
මේ කියන ඛේදජනක බව නිසාමයි බොහෝ නිළියන් මෙම වෘත්තීය අත්හැර යන්නේ. (ඒක සල්ලි උල්පතක් වුණත්.)
ඒකට හේතුව ඔවුන් ට මේ චිත්‍රපටවල රඟපාන්නත්, තමන්ගේ "බ්‍රෑන්ඩ්" එක රැකගන්නත් විවිධ ඖෂධ භාවිතා කරන්න වෙනවා, අධ්‍යක්ෂකවරයාගේ සිතූ මනාපෙට ඕනෑම දේකට කැමැත්ත පළ කරන්න වෙනවා.
2007 වර්ෂයේ එළියට ආපු වාර්තාවක දැක්වුණේ ඒඩ්ස් නිසාම නිල් චිත්‍රපට නිළියන් 9 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණු බවයි.
නිළියන්ගෙන් 12%ත් 25%ත් අතර පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලින් පෙළෙන බවත් මේ වාර්තාවේ සඳහන්.
1990 සිට 2013 කාලය දක්වා නිල් චිත්‍රපට නිළියන් 26ක් සියදිවි නසාගෙන තියෙන්නේ මෙවැනි ඛේදජනක දේට ඇස්පනාපිට මුහුණ දෙමින්.
45 දෙනෙක් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරලා මිය ගිහින් තියනවා.
හොඳයි... ඒ දේවල් එහෙම වුණත් මේ කර්මාන්තය අදටත් ලෝකයේ අංක එකේ කර්මාන්තයක් බව දන්නෝ දනිති.
ඒ නිසාමයි විවිධ දේ අත්හදා බලමින්, නිල් චිත්‍රපට ලෝලීන්ට අමුතු අමුතු දේ දෙන්න මේ අය ක්‍රියා කරන්නේ.
2015 වර්ෂයේදී මුල්වරට එක්තරා අසභ්‍ය වෙබ් අඩවියක් මඟින් අනාවරණය කළේ ඔවුන් අභ්‍යවකාශයේ නිල් චිත්‍රපටයක් රූගත කිරීමට සැළසුම් සකස් කරන බවයි.
(මේක කොහොම වෙයිද කියන එකට නම් ගොඩක් අය අනුමාන කිරීම් කරනවා.)
දැනටමත් අභ්‍යවකාශයේ රූගත කළාට සමාන නිල් චිත්‍රපට තියෙනවා වුණත් මේ උත්සාහය පළමු වරට "සත්‍ය වශයෙන්ම අභ්‍යවකාශයේ" චිත්‍රපටයක් කිරීමට බවයි ඔවුන් කියන්නේ.
මෙම චිත්‍රපටය සඳහා 26 හැවිරිදි රංගන ශිල්පිනියක් වන ඊවා ලොවියා සහ නිල් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තයෙකු වන ජොනී සින්ස් රංගනයෙන් දායක වන බවටයි නිවේදන කර තිබුණේ. (මේකට මොනා වුණාද කියලා නම් අපි දන් නෑ.)
කොහොම වුණත් දැනටමත් නිල් චිත්‍රපට වලට බොහෝ චෝදනා එල්ල වෙද්දි උතුරු කොරියාවේ නායකතුමාත් චීනයෙන් එන "නිල් චිත්‍රපට"වලට වැට බඳින්න තීරණය කරලලු.
By Lakshan
තොරතුරු අන්තර්ජාලයෙනි.