ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වට්ස් අප් සමාජ ජාලයේ සටහනක් තබන මුදිත විදානපතිරණ සඳහන් කරන්නේ තමා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.
තමාගේ රාජකාරි කටයුතුවලදී එදා මෙදා තුර සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවද ඔහු එම සටහන මඟින් වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.