Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
24
සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණයා කපුවාගෙ පවුල සමඟ පැනගිහින්... බිරිඳ සොයා කපුවා පොලීසි යයි...

- සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණයා කපුවාගෙ පවුල සමඟ පැනගිහින්... බිරිඳ සොයා කපුවා පොලීසි යයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,019 Views
බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය කරකාරෙට රැගෙන යාමේ පුවතක් දකුණු කළුතර පළාතේ පොලිසියකින් වාර්තා වෙයි.

කළුතරට ආසන්න ගමක පුද්ගලයකුගේ තරුණ බිරිය හිටිහැටියේම ඔහු අතහැර දමා නිවෙසින් පිටව ගියේය.

තම බිරිය සොයාගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවත් ඇය සොයාගැනීමට නොහැකි විණි.

මේ අතර මිතුරකු හමුවූ කතානායකයා සිද්ධිය පිළිබඳව පවසා උදව්වක් පැතීය.

සිය මිතුරාගේ මඟ පෙන්වීම මත කතානායකයා දේවාලයකට ගියේය.

බිරිය තමා අතහැර ගොස් දැන් සති ගණනක් ගතවන බවත් ඇය සොයාගැනීමට පිහිටවෙන්නැයි කඳුළුපිරි දෙනෙතින් යුතුව ආයාචනා කළේය.

සේවාකරුගේ අඳෝනාව සාවදානව අසා සිටි දේවාලයේ කපු මහතා අඳුනක් අසලට ගොස් මතුරන්නට විය. ගත වූයේ සුළු වේලාවකි. කපුවා ආරූඪ විය.

අඳුන බලාගෙන පේන කියන්නට විය. ආතුරය උඹේ බිරිය තවත් අයකු සමඟ නිවසක ඉතා සතුටින් වාසය කරන බව මෑණියන් කියනවා.

ඇය යළි ගෙන්වා දීමට හැකියි. හැබැයි කොන්දේසි කීපයක් තියෙනවා. ඒ සඳහා කැපවිය හැකිනම් ගෙන්වා දෙන බව මෑණියන් පවසනවා කීවිට කපුවාට වැඳ වැටුණු කතානායකයා

බිරිය ගෙන්වා ගැනීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නම් දේවගැතියා ඉදිරියේ පින්සෙන්ඩු විය.

සතියේ දින දෙකක් පිරිසුදුව දේවාලයට පැමිණ දේවාලය අවට පිරිසුදු කර මල් පහන් පූජා කොට දේව මෑණියන්ට කන්නලව් කරන ලෙස මෑණියන් කියනවා.

එම උපදෙස් අකුරටම පිළිපදින්නම් පොරොන්දු වූ කතානායකයා දේවගැතියාගේ දැන්වීම මත සතියකට දින දෙකක් දේවලය පිරිසුදු කිරීමටත් කන්නලව් කිරීමටත් පැමිණියේය.

එසේ පැමිණෙන අතරතුර දේවගැතියාගේ රූමත් බිරිය කතානායකයාගේ නෙත ගැටුණි. ටිකක් ඉඟිබිඟි පෑ ඇය කතානායකයා සමඟ ඇයි හොඳයි කමක් ඇති කර ගත්තේය. ජංගම දුරකතන අංක ද මාරු විය.

හොරාට හොරාට දෙදෙන කතාබහ කළේය. ඒ ඇයි හොඳැයිය දැන් දුරදිග ගොසිනි. දෙදෙනා එකම වහලක් යටට යෑමට කතිකා කර ගත්තේය. ඊට හොඳ උපක්‍රමයක් යෙදීය.

තම අවුරුදු දෙකක් පමණ වයසැති දරුවාගේ කටවටේ භූමිතෙල් ගෑ කපුවාගේ බිරිය දරුවා භූමිතෙල් පානය කර ඇති බවත් ඉක්මනට රෝහලට රැගෙන යායුතු බවත් කපුවාට පවසා අප කතානායකයා සමඟ පැන ගියාය.

අවසානයේ කපුවා තම බිරිය සොයා දෙන්නැයි කළුතර පොලිසියට පැමිණ බැගෑපත් විය.
ලංකාදීප








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top