Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
24
ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන, දිවි ගමනට සමු දෙයි

- ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන, දිවි ගමනට සමු දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

115,199 Views
සිනමාවෙනුත්, පුංචි තිරයෙනුත් කාගෙත් සිත් සොරා ගත් රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මීට මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මේ ඒ පිළිබඳව සඳහන් කරමින් ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ තැබූ සටහන...

ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනයන් දිවිසැරිය නිමා කරයි ..............................
සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මීට සුළු මොහොතකට පෙර සිය ජීවිතයෙන් සමුගෙන ඇති බව ආරංචි වීමම මහත් සේ කම්පාවට කරුණක් වීය. එහෙත් අවාසනාවකට එය සත්‍යයකි.
සිරි කුලරත්නගේ "අනුරාධා" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය "සනසන්න මා", "සුර දුතියෝ" චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර "සසර චේතනා", "සඳ මඩල", "සත්‍යා දේවි" සහ "ඇහැළේපොළ කුමාරිහාමි" වැනු චිත්‍රපටවල කැපීපෙනෙන උප ප්‍රධාන චරිත රඟපෑවාය. සරසවිය ජනප්‍රියම නැගී එන නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ විශාකා වේදිකාවේ කලාතුරකින් රඟපානු දක්නට ලැබෙන අතර පුංචි තිරයේ නිතරම දකින මුහුණකි.
මා ඇගේ ඡායාරූප මුළින්ම ගනු ලැබුවේ 1997 වසරේ ය. ගතවූ වසර 24තුළ ඇය මගේ හිතවත්ම යෙහෙළියකි. විනෝද චාරිකා, විවාහ මංගල උත්සව වැනි අවස්ථාවල අප නිබඳව සිනහවෙන් කල්ගෙවා ඇති අතර ඒ සැමරුම් මතකයේ සදා රැඳෙනු ඇත.
මුහුණුපොත ඔස්සේ මගේ සියලු සටහන් වෙනුවෙන් නිබඳව ඇය ද සුබ පතමින්, දිරි ගන්වමින් එක්වන අතර අප සැම දෙනා වෙනුවෙන් ම ඇය දැක්වූ ආදරය ගෞරවය අපිරිමිත ය. දකිනා ඕනෑම අවස්ථාවක මහත් සේ හෘදයාංගමව අප සමග කටයුතු කරන ඇය සිතාගත නොහැකි නිමේෂයක මෙලෙසින් අපෙන් නික්ම යෑම මහත් කම්පාවක්ම ය. එහෙත් ජීවිතය එයම නොවෙදැයි ඇය අපට වටහාදී නික්මෙන්නීය.
මේ සසර ගමනේ යළිඳු කිසිත් භවයක මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවායි පතන අතරම ආදරණීය විශාකා ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවායි පතමි !!!
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top