සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (23) තහවුරු කරන ලද ඊයේ සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වනවා.
මෙම මරණ 19ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,593ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, තවත් කොවිඩ් ආසාදිතයින් 437 දෙනෙකු අද (23) දිනයේ මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 535,412ක්.
මේ අතර කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 350 දෙනෙකු අද (23) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.