Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
“...මම එයාගේ ළඟට වෙලා ඉද්දී එයා මගේ අත තදින් අල්ලාගෙනයි හිටියේ. අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන විදිහ මම ඇස් දෙකින් එදා දැක්කා...!” - රටම නැළවූ සය නිවුන් දරු උපතින් පසු, ආඩම්බරකාර තාත්තා මුල්වරට කළ අදහාගත නොහැකි හෙළිදරව්ව

- “...මම එයාගේ ළඟට වෙලා ඉද්දී එයා මගේ අත තදින් අල්ලාගෙනයි හිටියේ. අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන විදිහ මම ඇස් දෙකින් එදා දැක්කා...!” - රටම නැළවූ සය නිවුන් දරු උපතින් පසු, ආඩම්බරකාර තාත්තා මුල්වරට කළ අදහාගත නොහැකි හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

93,055 Views
“මේක හාස්කමක් වගේ දෙයක්.
දැන් මගේ බිරියයි මමයි ඉන්නේ ලොකුම ලොකු සතුටකින්”

“ඇය පසුගිය කාලය පුරාවටම මේ බර දරාගෙන සතුටින් හිටියා.”

ඒ වෙලාවේ මම හිතුවා ගැහැනියක් මොන තරම් ශාරීරික වේදනාවක් විඳිනවද කියලා. මට මගේ අම්මා ගැන වගේම මගේ බිරිය ගැනත් මහා පුදුමාකාර විදිහේ ආදරයක් ඇති වුණා. මම ඒ නිසාම දිලිනිගේ මුහුණ දිහා බලාගෙන හිටියේ ලොකු ආදරයකින්

මෙසේ කීවේ පසුගිය 21 වැනිදා අලුයම 12.16ට එසේත් නැත්නම් ඔක්තෝබර් 20 වැනිදාට යෙදී තිබුණු පින්බර වප් පොහොය ගෙවී තවත් විනාඩි 16කින් උපන් වාසනාවන්ත දරු පැටවුන් හයදෙනාගේ තාත්තා ප්‍රභාත් උදයංග මරවනාගොඩය. 35 වැනි වියේ පසුවන මේ වාසනාවන්ත පියා මෙන්ම දරු හයදෙනා බිහිකළ 30 හැවිරිදි දිලිනි වාසනා නමැති මව දැන් පසුවන්නේ ලෝකයක් දිනූ ජයග්‍රාහී ලීලාවෙනි.

“මම කොයිතරම් වාසනාවන්ත වුණත් ඒ දරුවන්ගේ තාත්තා මම වුණත් ඇත්තටම මේ දරුවන්ගේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මගේ බිරියටයි. ඇය පසුගිය කාලය පුරාවටම මේ බර දරාගෙන සතුටින් හිටියා. ඒක කොයිතරම් ධෛර්යවන්තකමක්ද? තාත්තා කෙනෙක් හැටියට එහෙමත් නැතිනම් ස්වාමි පුරුෂයෙක් හැටියට මම කළේ ඇය රැක බලාගන්න එක, ආදරය කළ එක විතරයි. ඒ නිසා මම හිතනවා මුළු බර දරාගෙන ඉවසාගෙන සතුටින් හිටපු ඇය මහ පුදුමාකාර බිරියක් කියලා”

“දරුවෝ ලැබෙන වෙලාවෙත් ඇය හොඳ මානසික තත්ත්වයකින් හිටියා. මම ඇගේ ළඟට වෙලා ඉද්දී ඇය මගේ අත තදින් අල්ලාගෙනයි හිටියේ. ඒ අල්ලාගෙන හිටි විදිහට මම දන්නවා ඇගේ හිතේ කොයිතරම් ලොකු ආදරණීය හැඟීමක් තිබුණද කියලා ප්‍රභාත් උදයංග තම ප්‍රිය බිරිය ප්‍රසූත අවස්ථාවේදී දැක් වූ ප්‍රතිචාරය විස්තර කළේ එහෙමය.

“ඇත්තටම ඒ අවස්ථාවේදී මහාචාර්ය ටිරාන් ඩයස් වෛද්‍යවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ හැමෝම එකා වගේ මගේ බිරියට වගේම දරු පැටවුන් 6 දෙනාගේ ජීවිතවල සුරක්ෂිතභාවය වෙනුවෙන් කළ මෙහෙය අගය කළ යුතුමයි. ඒක ඇත්තටම වචනවලට පෙරළන්න අමාරුයි. මේක හාස්කමක් වගේ දෙයක්. දැන් මගේ බිරියයි මමයි ඉන්නේ ලොකුම ලොකු සතුටකින්” යැයි කී ප්‍රභාත් උදයංග සිනාසුණේය.

එකවර දරුවන් හය දෙනකු ලැබූ මේ ඓතිහාසික අවස්ථාව අපේ රටේ වාර්තාගත සිදුවීමක් විය. ඒ සිදුවීම පිටුපස ඇති කතන්දරයේ තවත් විස්තර අප සතුයි. ඒවා හොඳින් ගළපා විශ්ලේෂණය කොට බලන විට අප නොසිතන අප නොදන්න තවත් බොහෝ දේ අපට අවබෝධ කර ගත හැකිය. ඉඳින් ඒ අවසරය දැන් අප ලබා ගත යුතුය.

”මේ දරුවෝ කුසට ආපු කාලේ නොවෙයි, ඊට පෙර ඉඳලම අපි බුදු දහමට අනුව යහපත් විධියට ජීවත් වුණා. අපි බුද්ධ දර්ශනය ඔස්සේ ජීවිතය හැඩ ගස්වා ගත් දෙන්නෙක්. අපේ හමුවීම, දැන හඳුනාගැනීම මේ හැම දේකටම සංසාරගත පුරුදු බලපාන්න ඇති. මේ දරුවෝ හයදෙනා අපිට ලැබුණෙත් ඒ නිසාම වෙන්නත් ඇති. 2019දී විවාහ වෙලා අවුරුදු එක හමාරක් විතර ගත වෙද්දී අපි කල්පනා කළා දරුවෙක් හදාගන්න ඕනෑ කියලා. ඊළඟට අපි බොදු වත් පිළිවෙත්වල පිහිටලා වටිනා දරු සම්පතක් ප්‍රාර්ථනා කළා.”

ප්‍රභාත් උදයංග හා දිලිනි වාසනා මවුපියන් වීමට සිතූ කාලයේ තවත් අතිදක්ෂ වෛද්‍යවරයකුගේ සේවය ඔවුන්ට ලැබුණේය. මේ වෛද්‍යවරයා තිළිණ පලිහවඩන මහතාය. ඔහු මේ දෙපොළට මුණගැසුණේ කොළඹ 05, නාරාහේන්පිට .... රෝහලේදීය.

“ඇත්තටම කිව්වොත් මේ වෛද්‍යවරයා තමයි අපිට හමුවුණ පළමු දෙවියා. ඔහු අපි මානසිකව මේ සඳහා සූදානම් කළා. ඒ වෙනුවෙන් කළ යුතු ව්‍යායෑම් වගේම තවත් බොහෝ දේ ගැන අප දැනුවත් කළා. මාසෙන් මාසේ අපිට එන්න කියලා පරීක්ෂණ කටයුතු කළා.”

“මේ ආකාරයට තිළිණ පලිහවඩන වෛද්‍යතුමා අපි ගැන අවධානයෙන් සිටින විට තමයි මුලින්ම දරුවන් දෙදෙනකු ඊට පස්සේ හතරදෙනකු අවසානයේ හයදෙනකු සිටින බව දැන ගත්තේ. ඉන්පස්සේ එතුමන්ගේ මැදිහත්වීමෙන් තමයි අපි මහාචාර්ය ටිරාන් ඩයස් විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකෙරුණේ.”

මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ප්‍රසව හා නාරි වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සිටින අතිදක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක්. මේ නිසාම ප්‍රභාත් උදයංගට හා දිලිනිට වාසනාට ..... රෝහල ගෙදර වගේ සුපුරුදු වාසනාවන්ත තැනක් බවට පත්විය.

“අපේ වෛද්‍යවරුන් නිතරම අපි ගැන සොයා බැලුවා. හමුවෙන්න රෝහලට ගියාම පෝලිමේ තියන්නේ නැතිව ප්‍රමුඛස්ථානයක් ලබාදී “එන්න” කියලා හැමදේම සොයා බැලුවා. ඇත්තටම ඒක විශිෂ්ට සේවාවක්.

මේ සියලු මැදිහත්වීම් හා උපදෙස් තමන්ට ලැබුණේ පෙර කළ පින් මහිමය නිසා බව ප්‍රභාත් උදයංග විශ්වාසයෙන් යුතුව පවසන්නේය. පසුගිය 21 වැනිදා අලුයම 40කට අධික කණ්ඩායමකගේ මැදිහත්වීමෙන් මේ සියලු කටයුතු සාර්ථකව නිම වූයේද ඒ නිසා යැයි ඔහු සිතයි.

“දැන් ඊළඟට තිබෙන ගැටලුව තමයි මේ දරුවන්ගේ අනාගතය. ඒ වෙනුවෙන් දැන් මම කල්පනා කරනවා. මොකද මමත් මගේ බිරියත් මුල ඉඳලම හිතුවේ අපිට ලැබෙන දරුවෝ මේ රටට, බුද්ධ ශාසනයට ළැදි දරුවන් විධියට හදන්න ඕනෑ කියලා.”

ප්‍රභාත් උදයංගගේ හා දිලිනි වාසනාගේ සිත්වල මෙවැනි සිතිවිලි පහළ වී ඇත්තේ ඔවුන් ගොවි පවුල්වල සාමාජිකයන් වගේම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් බැට කෑ මායිම් ගම්මානවල උදවිය වූ නිසාමය. ඔවුන්ගේ මුල්ගම වවුනියාවේ මාමඩුවය.

1980 -90 කාලය වන විට එහි තිබුණේ දරුණු සටන්ය. ත්‍රාසය හා භීතිය මැද ජීවත් වූ මේ ගම්මානවල අහිංසක ගොවි පවුල් වගා කටයුතු කළේ ජීවිත අවදානම ගැන නොතකාය. ඒ ජීවත්වනු පිණිස හේන කුඹුර වපුරාගත යුතු නිසාමය.

“මම ඉස්කෝලේ ගියේ වවුනියාවේ අග්‍රබෝධි විද්‍යාලයට. ඒත් ඇත්තටම ගෙදරින් තීරණය කළා මාව අනුරාධපුරයේ ඥාති ගෙදරක නවත්තලා උගන්වන්න. මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා අනුරාධපුරයේ ශාන්ත ජෝශප් විද්‍යාලයට ආවේ ඒ විදිහටයි.”

දිලිනි වාසනාත් වවුනියාවේ මාමඩුව ගමේම බව අපි ඔබට මුලදී කීවෙමු. ඇගේ පියා පොලිස් නිලධාරියෙකි. ඒ රාජකාරි කටයුතුවලින් නිවාඩු ලැබූ හැමවිටම ඔහු ගොවිතැන් කටයුතු කළේය.

කෙසේ හෝ ප්‍රභාත් උදයංගට වඩා වසර 5ක් බාල දිලිනිද අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයට ඇතුළත් වූයේ ගමට වූ කොටි තර්ජන නිසාමය.

“අපි අතර පවුල් හැටියට දැන හැඳුනුම්කමක් වගේම ඥාති සබඳතාවකුත් තිබුණා. නමුත් ඇය සමඟ මගේ ආදර සබඳතාවක් තිබුණේ නැහැ. නමුත් කොළඹ ඇවිල්ලත් ටික කාලයකින් තමයි මේ සබඳතාව ඇති වුණේ. ඒක වුණෙත් යෝජනාවක් විදිහටයි. මම උසස් පෙළ සමත්වෙලා පේරාදෙණිය සරසවියේ ඉන්ජිනේරු පීඨයට ඇතුළත් වුණා. ඊට පස්සේ අධ්‍යාපන වැඩ කටයුතු අහවර කරලා මම පෞද්ගලික ආයතනයක රැකියාවක් ලබා ගත්තා.දිලිනිත් තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉගෙන ගෙන කොළඹට ඇවිත් තිබුණේ රැකියාවක් පිණිසයි. ඉතින් එහෙම ඇවිත් ටික කාලයකින් තමයි ඇගේ නැන්දණියත් අපේ අම්මාගෙන් මේ ගැන අහලා තිබුණේ. ඉන්පසුව අපි කතා කළා. අවුරුද්දක් විතර පෙම්වතුන් විදිහට ඇසුරු කළා. ඇත්තම කිව්වොත් මේ හැම දෙයක්ම සිදුවුණේ මහා පුදුමාකාර විදිහට. අපි දෙන්නා අපි දෙන්නාට හරිම ළැදියි. ආදරෙයි.”

සාමාන්‍යයෙන් අපේ ජීවිතවල බොහෝ දේ සිදුවන්නේ අපි හිතාගෙන ආ ආකාරයටය. ඒවාට සංසාර පුරුදු බෙහෙවින් බලපාන බව අපේ ආගම දහමේ මොනවට පැහැදිලි කොට ඇත.

“මට මේ හැම දෙයක් දිහාම ආපහු හැරිලා බලද්දී එහෙම හිතෙනවා. දිලිනිගෙයි මගෙයි සිතුවිලි එකයි. ප්‍රාර්ථනා එකයි. දැන් අපි දෙන්නම හිතන්නේ මේ දරු පැටව් ගැනයි. දරුවෝ හයදෙනෙක් කුස තුළ ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලම දිලිනි හිටියේ සතුටින්. දුකක්, බියක් තිබුණේම නැහැ. ඒකත් අපේ වාසනාවක්. දැන් මේ දරු පැටව් හින්දා ලෝකයක් තරමට අපිට සතුට ලැබිලා. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. නමුත් මගේ අම්මා ඒ වගේම එකම අක්කා හා මස්සිනා, විතරක් නොවෙයි දිලිනිගේ මවුපියන් හා සහෝදර සහෝදරියන් කොයිතරම් සතුටක් ලබනවද. ඒ අය සතුටු කඳුළු හෙළනවා. මේක ඉවසාගන්න බැරිව.”

මේ සය දරු උපත නිසා ප්‍රභාත් උදයංග හා දිලිනි වාසනා මෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවිය මේ සතුට ඉහළින්ම සමරන බව අපි හොඳින් දනිමු. එමෙන්ම තම වෛද්‍ය වෘත්තිය ඉතාමත්ම ඉහළින් ඉටුකළ සේවාව පිළිබඳව මහාචාර්ය ටිරාන් ඩයස් පමණක් නොව නයින්වෙල්ස් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වෛද්‍ය විහාෂ් විජේරත්න මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට ඇත්තේ අප්‍රමාණ සතුටකි.

එමෙන්ම සඳහා දායකත්වය සැපයූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රංජිත් දිසානායක, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන හා නව ජන්ම දරු පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමගේ මෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ යන මහත්වරුන්ගෙන් ලැබුණු අනගි සහාය ගැනද මෙහිදී මතක් කළ යුතුමය.

ප්‍රභාත් උදයංග ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කරන්නේ ගොඩනැඟිලි තාක්ෂණය පිළිබඳව උපදෙස් සපයන පෞද්ගලික ආයතනයකය. මේ ආයතනයේ ප්‍රධානි මහේන්ද්‍ර ජයලත් මහතා ගැනද ඔහු මතක් කළේ මේ කාලය පුරාවටම ලබාදුන් සහයෝගය හෘදයාංගමව මතක් කරමින්.

“සර් මට තාත්තා කෙනෙක් වගේ හැමවිටම මේ ගැන තොරතුරු විමසනවා. උදවු කරනවා.”

ගොවි පවුලක ඉපදී හැදී වැඩී නාගරික පළාතකට පැමිණ එසේත් නැත්නම් රාජගිරිය වැනි ප්‍රදේශයකට පැමිණ ප්‍රභාත් දිලිනි ජීවත් වන්නේ ඔවුනොවුන් උපයා ගන්නා මුදලිනි. නාරහේන්පිට ප්‍රදේශයේම ඇති තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ ආයතනයක රාජකාරි කරන දිලිනිත් මේ රැකියාව කරන්නේ දැඩි සතුටකිනි. එහෙත් ඇත්ත කතාව පටන් ගනු ඇත්තේ ප්‍රභාත් සහ දිලිනි අලුත උපන් දරුවන් හයදෙනා සමඟ ඊළඟට මුහුණ දෙන ප්‍රශ්න වැලෙනි. ඒවා ආර්ථික ගැටලු යැයි කීවාට කිසිවකු අහිතක් නොසිතනු නියතය.

“මම හැමදාම හිතන්නේ හෙට දවසේ කරන්න තියෙන දේ ගැන විතරයි. නැතිනම් ඔළුව හොඳට තියාගෙන ඒ වැඩේවත් හරියට කරන්න බැහැ.

මම දන්නවා, මේ තත්ත්වය එක්ක මට අති විශාල මුදලක් දරන්න වෙනවා. දරුවෝ ජීවත් කරවන්න ඕනෑනේ. ඒක මගේ වගකීමක්.

ඉතින් තවමත් කුලී නිවෙසක ජීවත්වන මට ඒක අභියෝගයක් තමයි. ඇත්තටම අපට රජයෙන් ආයතනයකින් මේ වෙලාවේ උදව්වක් ලැබෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් මම උද්ධච්ච වෙන්නේ නැහැ. දරුවෝ වෙනුවෙන් ඒක මම භාරගන්න ඕනෑ. ඇත්තටම මට ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් අයිතියක් නැහැ.” ප්‍රභාත් උදයංග කීවේ නිහතමානීවය.

කෙසේ හෝ තවත් දින කීපයකින් මේ දරුවන් හයදෙනා රෝහලින් නික් මී නිවෙසට යනු ඇත. ඒ ලෝකය ඉතා සුන්දරවනු නියතය. එහෙත් ඒ සුන්දර බව තීව්‍ර කිරීමට නම් ඔබේ අපේ අවධානය තිබිය යුතුමය.

එකම දවසේ එකම වේලාවකදී ඉපදුණු මේ දරුවන් දැන් අපේ රටේ වාර්තා පොතට ගොස් අවසන්ය. මේ අනුව එම වාර්තා ඉදිරියේදී තවත් අලුත්වනු ඇත. ඒ එකම දිනයකදී පාසල් යන මේ ගැහැනු දරුවන් තිදෙනා හා පිරිමි දරුවන් තිදෙනා තවත් කාලයකදී එකම දවසේ 5 ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටිනු ඇත. ඊළඟට එකම දවසේ අ.පො.ස. (සා.පෙළ) හා උසස් පෙළට පෙනී සිටින එකම පවුලේ දරුවන් ලෙස වාර්තා පොතට එකතුවනු ඇත. ඒ කාලයට මෙරට ජනමාධ්‍ය යළි යළිත් ඔවුන් ගැන කතා කරනු නියතය. ප්‍රභාත්ගේ සහ දිලිනිගේ දරු පවුලේ කතාව එතරම්ම දිගු අනාගතයකට උරුමකම් කියන්නේය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පත...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top