Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
අද රටේම අවධානය යොමු වුණු, මෙරට සිදු වූ පළමු කළු දිලීර මරණය ගැන, අදහාගත නොහැකි අලුත්ම අනාවරණය - වෛද්‍යවරුන් කරන හෙළිදරව්ව මෙන්න - Video

- අද රටේම අවධානය යොමු වුණු, මෙරට සිදු වූ පළමු කළු දිලීර මරණය ගැන, අදහාගත නොහැකි අලුත්ම අනාවරණය - වෛද්‍යවරුන් කරන හෙළිදරව්ව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,577 Views
මෙරට කොවිඩ් අලුත්ම තත්ත්වය..
පළාත් සංචරණ සීමා ඉවත් වන හැටි මෙන්න..

මේ අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයෙකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළැඳී ඇති බව තහවුරු වී ඇතැයි එම රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසනවා.

පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇති 56 හැවිරිදි මෙම පුද්ගලයා ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවෙක්.

මියයෑමෙන් අනතුරුව ඔහුගෙන් ලබාගත් සාම්පල වැඩිදුර පර්යේෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇති අතර, එහි වාර්තාවලට අනුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වනදා අලුයම හතරෙන් පසු ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

එසේම සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු ඉදිරි පෙළ වෘත්තිකයන් සඳහා නොවැම්බර් 01 සිට කොරෝනා මර්දන වර්ධක එන්නතක් ලබාදීමටද එහිදී තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් නැවතී තිබූ මගී දුම්රිය සේවය නැවත ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ද ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව, ලබන 25 වනදා සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ගමනාගමනය ආරම්භ කෙරෙන අතර, එය වාරප්‍රවේශපත්‍ර හිමියන්ට පමණක් සීමාවනු ඇති. එමෙන්ම නොවැම්බර් 1 වනදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනයද ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

එහිදී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 50 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64 ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කළ සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.

උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳවද අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත් ලබාදී අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එහිදී කියා සිටියේ නොවැම්බර් මාසයේදී වර්ධක එන්නත් ලබාදීමට අවශ්‍ය කරන ෆයිසර් එන්නත් තොග දිවයිනට ලැබීමට නියමිත බවයි.

මේ අතර, ඉස්ලාම් භක්තිකයින්ට සිය දේවස්ථාන තුල සිකුරාදා යාච්ඤා මෙහෙයන් සිදුකිරීම සඳහා අවසර ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

50 දෙනෙකුට උපරිම වශයෙන් එය සීමා විය යුතුයි.

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 448 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, අද සුවය ලැබූ සංඛ්‍යාව 276ක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top