ඉදිරියේදී කුමන ද්‍රව්‍යවල හිඟයක් ඇති වේ දැයි කිව නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
චීනය වැනි රටවල්වලින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මේ වන විට මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට කර්මාන්තවලට ද ඉන් බලපෑමක් ඇති වී තිබෙන බවයි ඔහු පවසන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ, 'ඉන්ධන මිල ඉහළ ගොස් ඇති පසුබිමක ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවේවිද?' යනුවෙන් මාධ්‍යවේදියෙකු අද ඔහුගෙන් කළ විමසීමකදී.
ලෝකය මුහුණ දී ඇති අලුත් ම අභියෝගය වන මෙය හමුවේ මෙරට විවිධ ද්‍රව්‍යයන්හි මිල ගණන් ඉහළ යාම පාලනය කළ හැකි යම් ක්‍රමවේදයක් යෝජනා කළ හැකි අයෙක් වේ නම් පැමිණ තමා හමුවන ලෙස ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළා.
"කුමන දේවල් හිඟයක් වෙයි ද? දන්නෙ නෑ. දැන් චීනය කියන ලෝකයේ තියෙන විශාලතම රටක දවස් පහක් වැඩ කරන රට එක දවසක් නම් විවෘත කරලා තියෙන්නේ, එතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙනවා නේ ලෝකේ. අපිටත් අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ චීනයෙන්. අපිට අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණොත් අපේ සමහර කර්මාන්තවලටත් මේක බලපානවා. ඒක තමා ලෝකයේ තියෙන අලුත් ම අභියෝගය. කවුරු හරි කියනවා නම් මෙන්න මෙහෙමයි ලෝකේ ඛනිජ තෙල් වැඩි වෙන එක පාලනය කරන්නේ මෙහෙමයි, ලෝකේ ගෑස් මිල 130%කින් වැඩි වෙලා තියෙනවා ඒක අඩු කරන්නේ මෙහෙමයි කියලා කවුරුහරි ක්‍රමවේදයක් දන්නවා නම් එයාට මාව ඇවිල්ලා හම්බවෙන්න කියන්න."