Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
පළාත් තුල දුම්රිය ධාවනය සඳුදා සිට

- පළාත් තුල දුම්රිය ධාවනය සඳුදා සිටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,390 Views
පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා (25) සිට ආරම්භ කෙරෙනවා.
 
පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට පමණක් පළමු අදියර යටතේ ගමනාගමනයට අවසර දීමටයි කොවිඩ් කමිටුව නිර්දේශ කර ඇත්තේ.
 

අමතර මැදිරි එක්කර දැඩි තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.
 
අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
 
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් නැවතී තිබූ මගී දුම්රිය සේවය නැවත ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි  ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
 
ඒ අනුව, ඔක්තෝම්බර් 25 වනදා සිට බස්නාහිර පළාත තුල දුම්රිය සේවය යළි ආරම්භ වන අතර නොවැම්බර් පළවනදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කරනවා.
 
එහිදී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 50 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64 ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 8ක් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
 
ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමු කෙරුණා.
 
මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු  සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
 
මේ අතර නාරාහේන්පිට සහ බත්තරමුල්ල දක්වා ප්‍රදේශ කිහිපයක සිට කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන්වලදී අන්තර් පළාත් බස් රථයක් බැගින් ධාවනයට යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව, ගාල්ල, මහනුවර, කුරුණෑගල, රත්නපුර, හලාවත සහ රත්නපුර සිට මෙලෙස සාමාන්‍ය සේවා බස් රථය බැගින් යෙදවීමටයි තීරණය වී ඇත්තේ.
 
දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නිකුත් කර වලංගුව පවතින මගී සේවා අවසර හිමි ධාවකයින්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top