Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
"ඒක මට විතරක් පොදු දෙයක් නෙමෙයි, ඒ නිසා ජිවිතේ මම විඳිනවා. විඳවන්නේ නැතුව.." - විදෙස් ගතව සිටින ගයේෂා පෙරේරා ඇය ගැන කලකට පසුව කී කතාව

- "ඒක මට විතරක් පොදු දෙයක් නෙමෙයි, ඒ නිසා ජිවිතේ මම විඳිනවා. විඳවන්නේ නැතුව.." - විදෙස් ගතව සිටින ගයේෂා පෙරේරා ඇය ගැන කලකට පසුව කී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

83,463 Views
"මම ඒ ගැන හිතන්නේ නැහැ..." 
 
"මේ ජිවිතේට දැන් මම හුරු වෙලා ඉන්නේ.." 
 
ගයේෂා පෙරේරා කියන්නේ ආන්දෝලනාත්මක නිර්මාණවලටත් රංගනයෙන් දායක වූ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපන ශිල්පිනියක් හැටියටත් ඈ කාලයක් කටයුතු කළා. ඒ නිසාම ඇයව හඳුන්වා දෙන්න අටුවා ටිකා අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් කලක සිට ඇයට ආදරේ කරන නිසා. මේ වෙද්දී ගයේෂා ජිවත් වෙන්නේ විදෙස් රටක. ඒ නිසා නිර්මාණවලින් දැකගන්න ලැබෙන්නේ නැහැ. අලුත් තොරතුරු දැනගන්න ගයේෂාව අපේ කතාබහකට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

ගයේෂා වසර ගණනක සිට ජිවත් වෙන්නේ වෙන රටක, කොහොමද ජිවිතේ, මෙහෙට වඩා ජිවන රටවත් වෙනස්..?
හොඳින් ජිවත් වෙනවා. මේ දවස්වල මෙහෙ කොවිඩ් ටිකක් වැඩි නිසා ගෙදරටම වෙලා පරිස්සමින් ජිවත් වෙන්න තමයි උත්සහ කරන්නේ. ලංකාවේ වගේ නැහැ හැමදේම වෙනස්. දැන් මෙහෙ ඇවිත් අවුරුදු පහක් වෙන නිසා මෙහේ ජිවිතේට හුරු වෙලා. නමුත් අපේ මව් රට තමයි මගේ ජිවිතේ නම් අංක එක.
 
දැන් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා කාර්යබහුල ඇති ජිවිතේ..?
ඔව්. අම්මා කෙනෙක් බිරිඳක් විදිහට තමයි දැන් නම් මම කාර්යබහුල. පුතාගේ වයස අවුරුදු 4යි. පාසල් තවම පටන් ගත්තේ නැහැ. නමුත් ඔන්ලයින් ඉගැන්වීම් සිදු වෙනවා. පාසල් පටන්ගත්තම මගේ කාර්යබහුලකමත් ටිකක් අඩු වෙයි.
 
අලුත් යාළුවොත් ඇති..?
මට මෙහෙ ගොඩක් යාලුවෝ ඉන්නේ මෙක්සිකන් යාලුවෝ, ඊට අමතරව ඉන්දියන් යාලුවොත් ඉන්නවා. ඒ වගේම මෙහෙ තියෙන සොසයිටිවල ලංකාවේ අයත් ඉන්නවා. ඒ හැමෝම එක්ක හිතවත්. ලංකාවේ වගේ නෙමෙයි මෙහෙ නිතරම විවිධ උත්සව තියෙනවා. ඒවාට සම්බන්ධ වෙන්න සිදු වෙනවා. එතකොට ඒ අයව ආශ්‍රය කරන්න සිදු වෙනවා. ඒ වගේම මෙහෙ ඇතැම් උත්සවවලට කලාකාරිනියක් විදිහටත් මම සම්බන්ධ වෙනවා. හොදයි ඉතින් මේ ජිවිතේ.
 
කාලයක් ඔබ ජනප්‍රිය තරුවක්, විදෙස්ගත වුණු නිසා ඔබ ගැන කතාබහ කරන, හොයන එක අඩු ඇති, කොහොමද ප්‍රතිචාර ඔබව අමතක වෙලාද ඔබේ රසිකයින්ට..?
ඉස්සර තරම් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. නිතරම දකින්න නැති නිසා. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ මට ප්‍රතිචාර දක්වන අය ඉන්නවා. මාව අමතක වෙලාම නැහැ.
 
රඟපාන්න ආරාධනා ලැබෙන්නේ නැද්ද, ලංකාවට එන්න අදහසක් නැද්ද..?
නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. විශේෂයෙන්ම මෙහෙ රූගත වෙන ශ්‍රී ලංකාවේ චිත්‍රපටිවලට කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් කොවිඩ් ප්‍රශ්න නිසා ඒවා කල්ගියා. ආරාධනා ලැබුණොත් පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා. ඒ වගේම එක නාට්‍යකටත් මම සම්බන්ධ වුණා. ලංකාවට ගිහින් එන්න යනවා. ඒ යන අවස්ථාවල ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා.
 
නිර්මාණවලින් ඔබේ රුව දැකගන්න නොලැබෙන එකත් ඔබට දුකක් වෙන්න ඇති..?
දුකක් නම් තියෙනවා. නමුත් මට එය ලොකුවට දැනේනේ නැහැ. මෙහෙ මොකක් හෝ කලා නිර්මාණයකට සම්බන්ධ වෙන නිසා. විවිධ උත්සවවලට සම්බන්ධ වෙන නිසා. ඒ වගේම මම වැඩිදුරටත් අධ්‍යාපනය ලබනවා. ඇඳුම් නිර්මාණ ශිල්පය ගැන. ඒකටත් වෙලාවක් ගත කරන නිසා රංගනය ගැන වැඩිය හිතෙන්නේ නැහැ.
 
ඉස්සර තරම් දැන් ඔබට මඩ ප්‍රචාර එල්ල වෙන්නේ නැතුව ඇති..?
සමාජ මාධ්‍යවලින් මඩ ප්‍රචාර එල්ල කරන අය කොහොමත් ඉන්නවා. ඒක මට විතරක් පොදු දෙයක් නෙමෙයිනේ. ජනප්‍රිය බොහෝ අයට ඔය කියන මඩ ගහන්න බලාගෙන ඉන්නේ. නමුත් මම නම් ඒ ගැන හිතන්නේ නැහැ. මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඇතැම් අවස්ථාවල මගේ ෆේස්බුක් ඡායාරූප වලට කමෙන්ට් කරන අය ඉන්නවා නරක විදිහට. මම ඒ ගැන හිතන්නේ නැහැ. මිනිස් ජිවිතයක් ලබන්නත් කොයි තරම් නම් පිංකරලා තියෙන්න ඕනද, ඒ නිසා ජිවිතේ මම විඳිනවා. විඳවන්නේ නැතුව.
 
ගයේෂා සංචාරය කරන්න කැමති කෙනෙක් නේද..?
ඔව්. මෙහේ ලස්සන තැන් තියෙනවා. මගේ පුතා හරියට විනෝද වෙනවා. ඒ නිසා මම හිතුවා මගේ රටේ පුංචි දුලා පුතාලත් මගේ පුතා වගේ මේ රටේ තියෙන ලස්සන දේවල් බලන්න කැමති ඇති කියලා. ඒ නිසා මම යුටියුබ් චැනල් එකක් පටන් ගත්තා ලයිෆ් විත් ගයේෂා කියලා. ලංකාවේ අයට එකෙන් මෙහෙ ලස්සන බලන්න පුළුවන්.
 
හර්ෂණී වීරරත්න
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top