හැටන් නගරයේ බිත්තර හා බිත්තර රොටි මිල ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවන්ට පත්ව ඇත.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මේ වනවිට මෙහි බිත්තර මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ය.
එම තත්ත්වයන් මත මෙහි සුදු බිත්තරයක මිල රුපියල් 22ත් රතු බිත්තරය රුපියල් 23ත් අතර මිලකට අලෙවි කරන බවත් කුඩා සුදු බිත්තරයක් රුපියල් 20කට අලෙවි වන බවත් ඔවුහු පවසති.
බිත්තර මිල මෙසේ ඉහළ යාමත් සමග බිත්තර රොටියක මිල ද රුපියල් 60ත් 65ත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවන්ට පත්ව ඇති බවත් ඔවුහු පවසති.
මේ පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දක්වන නගරයේ බිත්තර වෙළෙඳුන් පවසනුයේ බිත්තර තොග මිල ඉහළ යාමත් සමග මෙම තත්ත්වයන් උදාවී ඇති බවත් ය.
සී.ඩී.එච්. හේවගේ - වටවල