උතුරු අයර්ලන්තයේ දෙදින නිල සංචාරයකට යාමට නියමිතව සිටි දෙවන එලිසබෙත් මහරැජින එය අවලංගු කර ඇති බවට බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබෙනවා.
වෛද්‍ය උපදෙස් මත ඇය විවේකීව සිටිය යුතු බැවින් මෙම සංචාරය අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, ඩයනාගේ අනුස්මරණ උත්සවය වෙනුවෙන් හැරී සහ මේගන් දෙදෙනා සහභාගී නොවන බව පසුගිය දිනෙක විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එමෙන්ම, හැරී කුමරු "රාජ්‍ය රහස්" හෙළි කරමින් නිකුත් කරන්නට යන "කෘතිය" ගැනත්, බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.
එම කෘතීන් අතර රජ පවුල ඔවුන්ට කළ කෙනෙහිළිකම් අඩංගු බැවින්, ඒ ගැන රජපවුල නොමනාපයෙන් සිටින බවත් ඩේලිමේල් වාර්තා කර තිබුණා.