දරුවන් දීර්ඝ කාලයක් තිස්සේ අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටීම නිසා ඇතිවී තිබෙන මානසික ව්‍යාකූලතාව මත ඉදිරියේදී පාසල්වලට පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව පෙරට වඩා අඩුවිය හැකි බව, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි පවසනවා.
දුෂ්කර පළාත්වල වෙසෙන නමය, දහය ශ්‍රේණිවල හා උසස් පෙළ හදාරන දරුවන් තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බවද පවසා සිටිනවා. අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටීමට අමතරව ආර්ථික අපහසුකම්, හිංසන ක්‍රියා නිසා ඇතැම් දරුවන් එම තත්ත්වයට වැටී ඇති බව පෙනෙන්නට ඇතැයිද වෛද්‍යවරිය පවසනවා.
මෙවැනි දරුවන් ඉදිරියේදී පාසල්වලට පැමිණීමට මැළිකමක් දක්වනවා සේම පාසල්වලට පැමිණියද අධ්‍යාපන කටයුතු ධාරණය කර ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් පාසල් හැරයෑමට පවා ඉඩ තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා. සායනවලට පැමිණෙන ඇතැම් දරුවන් තුළ කෝපවීම හා ඒවා පාලනය කර ගැනීමට නොහැකිවීම වැනි තත්ත්වයක් දක්නට ලැබෙන බවද සායන මඟින් හෙළිකර ගත නොහැකි ශාරීරික රෝග රැසක්ද එම දරුවන් තුළ පවතින බව විශේෂඥ වෛද්‍යවරිය පවසනවා. නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසුව මෙම තත්ත්වය බොහෝ සෙයින් දක්නට ලැබෙනු ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටිනවා.