ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා වූ ජෙනරාල් කොලින් පවෙල්, කොවිඩ් -19 සංකූලතා හේතුවෙන් මියගිය බව සී එන් එන් ප්‍රවෘත්ති සේවා සේවය වාර්ථා කරනවා.
කෘතහස්ත දේශපාලන සහ යුධ හමුදා නායකයෙකු ලෙස සැලකෙන ජෙනරාල් කොලින් පවෙල්, මියයන විට 84 වැනි වියේ පසු වුණා.
ජෙනරාල් කොලින් පවෙල් සැලකෙන්නේ 20 වන සියවසේ අග භාගයේදී සහ 21 වන සියවසේ මුල් භාගයේදී රිපබ්ලිකන් පරිපාලන කිහිපයකම නායකත්වය දරමින් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමට උදව් කළ ප්‍රථම කළු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයා ලෙසයි.
ජෙනරාල් කොලින් එල්. පවෙල්, කොවිඩ් 19 පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටි බවත් වාර්තා වනවා.
කීර්තිමත් යුධ හමුදා නිධාරියකු වූ පවෙල් වියට්නාම් යුධ හමුදා මය රාජකාරිවලින් අනතුරුව ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ධුර කාලය අවසන් භාගයේ පළමු කළු ජාතික ආරක්‍ෂක උපදේශකයා ලෙසත් කටයුතු කළා.
එමෙන්ම 90 දශකයේ මැද භාගයේදී ඔහු එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජනාධිපතිවරයා වීමේ ප්‍රමුඛ තරඟකරුවෙකු ලෙසත් සැලකුනා.
2001 වසරේදී දී බුෂ්ගේ රාජ්‍ය ලේකම්වරයා ලෙස දිවුරුම් දුන් ජෙනරාල් කොලින් පවෙල් රටේ මේ දක්වා ඉහළම තනතුරට පත්වූ කළු ජාතික රාජ්‍ය නිලධාරියා ලෙසටත් සැලකෙනවා.