Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
"ඇඳකට වැටිලා, රෝද පුටුවක වාඩිවෙලා, එක්තැන් වෙලා, කොටු වෙලා ඉන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නැහැ..." - පැරාලිම්පික් ක්‍රීඩිකා ඇලනා නිකොල්ස්ගේ දුක්බර කතාව

- "ඇඳකට වැටිලා, රෝද පුටුවක වාඩිවෙලා, එක්තැන් වෙලා, කොටු වෙලා ඉන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නැහැ..." - පැරාලිම්පික් ක්‍රීඩිකා ඇලනා නිකොල්ස්ගේ දුක්බර කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,832 Views
ජීවිතය ගංගාවක් වැනි ය. එය ගලා යන ගමනේ දී හමුවන්නේ බාධක ය. එසේ හමුවන බාධකවල කෙළවරක් ද නැත. ඒ කවර බාධක හමුවේ වුව ගංගාව ගලායාම නතර නොකරයි. එය තම ගලායාම නවතන්නේ සත් සමුදුර හමුවූ පසු ය. ඇලානා ගේ ජීවිත ගමන ද ඊට නොදෙවැනි ය.

ඇයගේ සම්පූර්ණ නම ඇලානා ජේන් නිකොල්ස් ය. ඈ උපන්නේ 1983 මාර්තු 21 වැනි දා අමෙරිකාවේ මෙක්සිකෝ හි දී ය. ඇයට සොහොයුරු සොහොයුරියන් පස්දෙනෙකි. ඇලානා ජීවිතය ලැබූ මේ කැදැල්ල නිරතුරුවම දූ දරුවන්ගේ සිනහවෙන් මෙන්ම දඟකාරකම්වලින් ද අනූන වූ, සතුට රජකළ සොඳුරු තැනක් විය. නමුත් ඒ අහිංසක ජීවිතවල සතුට රඳා පැවතියේ ඇලානා නව හැවිරිදි වියට පා තබන තෙක් පමණි. ඇයගේ පියා බීමත් රියැදුරෙකු පැදවූ රියක ගැටී මිය ගියේ ය. 
 
කෙළි සෙල්ලම් වියෙහි පසු වූ දුවා දරුවන් පස්දෙනෙකු සමගින් ඇලානාගේ මව උභතෝකෝටිකයකට මුහුණ දුන්නා ය. එවන් අභියෝගාත්මක ජීවිත සටනකට මුහුණ දීම කිසිසේත්ම පහසු අභියෝගයක් වන්නේ නැත. එහෙයින් ඈ කල්පා කළා ය. එසේ කල්පනා කොට මේ දරු බරින් යම් තරමක හෝ සැහැල්ලුවක් තෝරා ගැනීමට ඈ තීරණය කළා ය. ඒ, ඇලානා හා තවත් දැරියක් සිය මවුපි- යන්ට භාර කිරීම ය. ඒ අනුව මේ දියණියෝ සිය මුත්තණුවන්ගේ හා මිත්තණියගේ සෙනෙහස හා රැකවරණය පතා මෙක්සිකෝවේ සිට නිව් මෙක්සිකෝ හි ෆාමින්ටන් වෙත සංක්‍රමණය වූහ. සිසිර ඍතුවේ දී ෆාමින්ටන් ඉසවුව හිමෙන් වැසී ගිය ද හිම කබා පැලඳගෙන අත් පා හකුළාගෙන සිටීමේ පුරුද්දක් ඇලානා හට තිබුණේ නැත. එසේ ගුලිවී සිටීම වෙනුවට ඈ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවට යොමු විණි. එය සීත ඍතුවෙන් උපරිම ආස්වාදය නෙළා ගැනීමක් විය.
 
 “මම කවදා හරි ලෝකෙ නමක් තියෙනවා. ඒ හිම මතින් ලිස්සා යාමේ ක්‍රීඩිකාවක් විධිහට.” ඒ, ඇලානා ගේ යටි හිත තුළ ගොනුවූ මහා බලාපොරොත්තුව ය. එය යථාර්ථයක් බවට පමුණුවා ගැනීමේ අටියෙන් ඇය නිරතුරුව හිම මත ලිස්සායෑමේ ක්‍රීඩාව සබැඳිව පුහුණුව ලැබුවා ය. මෙලෙසින් දැඩිව පුහුණුව ලබමින් සිටි අතරවාරයේ ඇලානා අනතුරකට මුහුණ දුන්නී ය. ඒ වීසි වී ගොස් ගල් පර්වතයක ගැටී අනතුරකට ලක්වීම ය. එම අනතුරෙන් ඇලානාගේ පිටකොන්ද ට දැඩි ලෙසින් හානි සිදුවිය. නූතන වෛද්‍ය විද්‍යාව ඈ යථා තත්ත්වයට පමුණුවාලීමට කොතෙක් උත්සාහ දැරුවද ඵලක් නොවිණි. ඇය අංශභාග රෝගියෙකු බවට පත්ව ඔත්පල වූවා ය. 
 
“මට හිතුණෙ මගේ මුලු ලෝකයම කඩාවැටුණා කියලයි. මම අසරණකමේ පතුලටම වැටුණා. ඒත් එහෙම කියලා ඇඳකට වැටිලා, රෝද පුටුවක වාඩිවෙලා, එක්තැන් වෙලා, කොටු වෙලා ඉන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නැහැ. ක්‍රීඩාව පුංචි කාලෙ ඉඳන්ම මගේ ප්‍රියතම විනෝදාංශය. මම හිතාගත්තා මේ මට්ටමේ ඉඳගෙන මට කරන්න පුළුවන් ක්‍රීඩාවක් කරලා ලෝකෙ නමක් තියනවා කියලා.” 
 
ඇය ගතින් එක්තැන් වුවත් සිතින් සවිමත්ව නැඟී සිටියා ය. ඇලානා තෝරාගත්තේ රෝද පුටුවෙන් යමින් කරන පැසිපන්දු ක්‍රීඩාව ය. කෙටි කලක් තුළ ලද පුහුණුව අවසානයේ ඇය විශිෂ්ට පැසිපන්දු ක්‍රීඩිකාවක බව ඔප්පු කළා ය. ඒ, පැරාලිම්පික් තරගවලට ඉදිරිපත්ව තම නිජබිමට උරුම කර දුන් ගෞරවණීය ජයග්‍රහණයන් තුළිනි. රෝද පුටු පැසිපන්දු ක්‍රීඩිකාවක ලෙසින් ඇලානා පස් වතාවක් (2008, 2010, 2012, 2014 හා 2016 යන වසරවල දී) පැරාලිම්පික් තරගාවලිවලට ඉදිරිපත් වී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 1 ක් දිනාගත්තා ය. ඒ හැරුණු විට 2006 වසරේදී රෝද පුටු පැසිපන්දු ලෝක ශූරතා තරගාවලියේ දී තම කණ්ඩායමට රිදී පදක්කමක් දිනාගැනීමට සක්‍රිය ලෙස දායක වූවා ය.
 
 “කොහොම වුණත් මගේ හිත හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවෙන් සහමුලින්ම ඈත් වෙලා තිබුණේ නැහැ. ඒ හින්දා ආබාධිත බව පැත්තකින් තියලා ඒ ක්‍රීඩාවත් ආයෙත් කරන්න කියලා මගේ හිත මට බල කළා.” ඇය එපමණටම මනසින් සවිමත් ය, දිරිමත් ය. ආබාධිතව සිටිය දී මේ ක්‍රීඩාවේ යෙදෙන අන්දම පිළිබඳ ඇලානා කොලරාඩෝ හි වින්ටර් පාක් හි පිහිටි ආබාධිතයන් සඳහා වන ජාතික ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී විශේෂ පුහුණුවක් ලැබුවා ය. මේ විධිමත් පුහුණුවෙන් පසුව ඇලානා අත්පත් කරගත් ජයග්‍රහණයන් අතරින් 2009 වසරේ දී බ්‍රිතාන්‍ය කොලම්බියාවේ කිම්බර්ලි හි දී පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ලෝරි ස්ටීවන් පරාජය කර සුපර් - ජී පළමු වැනි ස්ථානය දිනාගැනීම සුවිශේෂී වේ. ඇලානා දස්කම් දක්වනුයේ හුදු ක්‍රීඩාවට පමණක්ම නොවන්නේ ය. ඇය ඉගෙනීමට ද උපන් හපනියකි. ආබාධිත තත්ත්වය බාධාවක් කොට නොගත් ඇය ඇලබාමා විශ්වවිද්‍යාලයේ උපාධි පාසලෙන් චාලක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත්තා ය.
 
 “මගේ ජීවිතේ දී මම සතුටින් හිටියා නම් ඒ බොහොම ටික කාලයයි. මුලින්ම මට මගේ තාත්තා නැතිවුණා. ඉන් පස්සෙ මම රෝගියෙක් වුණා. එහෙම වුණා කියලා මම යන්න හිතාගෙන හිටපු ගමන නතර කළේ නැහැ. මට ජීවිතේ මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ මගේ අධිෂ්ඨානයයි කැපවීමයි නිසායි.” ඇලානා ස්වකීය සාර්ථකත්වයට පාදක වූ පසුබිම ලොවටම කියාපාන්නේ කඩා වැටී එක්තැන් වී ඇති ජීවීතවලට නව මාවතක් විවර කරමිනි. 
 
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top