ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ආසන්නයේ ඊයේ රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
ගාල්ලේ සිට කොළඹ දෙසට පැමිණි මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ටිපර් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මෝටර් රථයේ සිටි අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 35 සහ 37 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.
පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ පැමිණි පිරිස් බීමතින් සිට ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ බවයි.