“පොඩි ගෑණු ළමයි රෑ වෙලා ජනේලෙන් පැනල
සෙරෙප්පු දෙක අතේ අරගෙන දුවන් එනවා නයිට් ක්ලබ් වලට යන්න...”
“ඒ නැගල කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ හැම මගුලම කරනවා.”
දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, "කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ..." කියලා.
"කොළඹ රුදුරු" වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න "නපුරු රාක්සයෝ" නිය තුඩු උල් කරගෙන ඉන්නවා. සත්තකින් ම උන් තමයි කොළඹ අපවිත්‍ර කරන්නේ...
ඒ විදිහේ දාහක් දෙදාහක් කතාන්දර අස්සේ, මේ කතාවත් අපිට හම්බවුණා, අහම්බෙන් වගේ මුහුණු පොතෙන්.......
කොළඹ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියපු කතාවක්....
* මහත්තය දන්නෙ නෑ, කොළඹ ඉන්න කෙල්ලො පිරිමි අපිට වැඩිය බොනවා... සමහර දවස් වලට උන් මේ කාර් එකට ගොඩවෙන්නෙ වැනි වැනි...
* හවසට ඔෆිස් ඉවර වෙලා ගෑණු මිනිස්සු කපල් වෙලා කාර් එකට නැගලා තමන්ගෙ ගෙදර ඉන්න ගෑණිට / මිනිහට කෝල් කරල කියනවා මෙහෙ හොඳටම ට්‍රැෆික් අනේ... මම එන්න වෙලා යයි කියලා... ඒ නැගල කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ කරන්න පුලුවන් හැම මගුලම කරනවා... මොකද ගෙදර යන ටිකට වාහනේ විතරයි නෙහ් වෙලාව තියෙන්නෙ...
* සමහර ගෑණු මගින් බැහැල ගෙදර දොර ගාවට ගිහින් බෙල් එක ගහලා මහත්තයා එක්ක මොකුත් නොවුන ගාණට ගේ ඇතුළට යනවා... ඒත් පාරට වෙලා ඒ ගෑණිත් එක්ක කාර් එකේ ආපු වෙන මිනිහෙක් ඉන්නවා කියල ඒ කසාද මනුස්සයා දන්නෙ නෑ...
* කොළඹ ගෙවල් වල ඉන්න පොඩි ගෑණු ළමයි රෑ වෙලා ජනේලෙන් පැනල සෙරෙප්පු දෙක අතේ අරගෙන දුවගෙන එනවා නයිට් ක්ලබ් වලට යන්න... ගෙවල් වල මිනිස්සු ඒ මොකුත් දන්නෙ නැතුව හොඳටම නිදි...
* තව දවසක් කපල් එකක් අත දරුවෙකුත් අරගෙන කාර් එකට නැග්ගා... ඊට පස්සෙ මගින් තව පිරිමි කෙනෙක් නැග්ගා... මුන් ටික බියර් කෑන් 6 ක් අරගෙන room එකකට ගියා... ඔව් මහත්තයා, ඔක්කොම ගියේ එක කාමරේකට...
කොළඹ ජීවිතේ පට්ට සංකීර්ණයි...!!!