විහිළුව කර ඇත්තේ තවත් තරුණයෙක්...
වයෝවෘද්ධ පුද්ගලයකු සහ තරුණයකු අතර ඇතිවූ විහිළුවක් දුරදිග යෑමෙන් සිදුවූ තල්ලූ කිරීමකින් පස්දරු පියෙකු මියගොස් ඇතැයි එගොඩ උයන පොලිසිය පවසනවා.
මෝදර, එගොඩඋයන 308/2, ලිපිනයේ පදිංචිව සිටි ටී. ඩිල්මන් පීරිස් නමැති ධීවරයකු මෙහිදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.
71 හැවිරිදි වියේ පසු වූ මියගිය තැනැත්තාට වරාය මාවතේදී තරුණයකු විහිළු කර ඇති අතර එය බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.
පසුව තරුණයා පිටව ගොස් නැවත පැමිණ ඔහුව තල්ලූකිරීමේදී හිස කාණුවක ගැටී ඇති බව සඳහන්.
බරපතළ තුවාල සහිතව ත්‍රිරෝද රථයකින් පානදුර මූලික රෝහල කරා රැගෙන යෑමේදී මියගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය පැවසුවා.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
එගොඩඋයන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වනවා.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම
දිවයින පුවත්පත