Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
"ජයග්‍රහණය ගැන සතුටුයි. මම අවංකව කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණයක් නිසා සතුට තවත් වැඩියි" - ඩිෂ්නි රාජපක්ෂ

- "ජයග්‍රහණය ගැන සතුටුයි. මම අවංකව කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණයක් නිසා සතුට තවත් වැඩියි" - ඩිෂ්නි රාජපක්ෂHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,378 Views
විවිධ නර්තන ශෛලීන් එකිනෙක මුසු කරමින් නවමු නිර්මාණයන් තුළින් ප්‍රේක්‍ෂකයන් දිනා ගැනීමට සමත් වූ හිරු මෙගා ස්ටාර් 3 නර්තන තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් යුවළ වන ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ සහ ලලිත් පැරකුම්ව මෙවර මව්බිම - හදගැස්ම කතාබහට එක් වී සිටියා.

ලැබූ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ? 
ජයග්‍රහණය ගැන සතුටුයි. මම අවංකව කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණයක් නිසා සතුට තවත් වැඩියි. මම අලුත් කෙනෙක් නිසා ක්‍ෂේත්‍රයේ දැන හැඳුනුම්කම් අඩුයි. නමුත් මගේ දක්ෂතාව දැකලා මට ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් උදවු කළා. මේ තරගය තුළ මම කිසිම කෙනෙක්ව විවේචනය කළේ නැහැ. මේක ඉතාම හොඳ විධියට ලබපු ජයග්‍රහණයක් නිසා මෙය මට විශේෂයි. 
 
ඔබේ ජයග්‍රහණයට ලලිත්ගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කරමු? 
මගේ තිබෙන දක්ෂතාව සහ ශක්තියට හොඳටම ගැළපෙන්නේ ලලිත්ව. මේ තරගය තුළ නර්තන වින්‍යාස නිර්මාණය කළෙත් ඔහුමයි. නිළියක් සාමාන්‍යයෙන් රූපය ගැන සැලකිලිමත් වෙනවා. නමුත් මම ඒ දේවල් ගැන සිතුවේ නැහැ. තුවාල පවා සිදුකර ගනිමින් මම අලුත් දේවල් කරන්න උත්සාහ ගත්තා. ලලිත් කිව්වෙ එයාට ඒ වගේ නිර්මාණ කරන්න පුළුවන් වුණේ මම ලැබුණු නිසා කියලා. ගැහැනු ළමයෙක් විධියට කරන්න අපහසු දේවල් පවා මම කේබල් නර්තනවලදී කළා කියලා ඔහු මට කිව්වා. ඔහු නර්තනය පූජනීය විධියට සලකන කෙනෙක්. ඒ වගේම ඔහු ඉතාමත් වෘත්තීයමය විධියට වැඩකරන කෙනෙක්. ඔහුගෙන් මට ලැබුණු සහයෝගය කියා නිම කළ නොහැකියි. අපි කරපු නිර්මාණ එකිනෙකට වෙනස්. 
 
ඔබ ඔහුව තෝරාගත්තේ ඔය කියන කාරණා නිසාමද? 
ඇත්තටම අපිට අපේ නර්තන සහකරුවා තෝරා ගැනීමේ අවස්ථාව ලැබුණේ නැහැ. හිරු ආයතනය විසින් තමයි අපිට සහකරුවන් තෝරා දුන්නේ. නමුත් ඔවුන් කතා කරලා ඇහුවා කැමැති කෙනෙක් ඉන්නවද කියලා. මම ඒ මොහොතේ ඔවුන්ට පැවැසුවා ලලිත්ව මම මීට පෙර සිට හඳුනනවා ඔහුව ලැබුණොත් වෙනස් යමක් කරන්න පුළුවන් කියලා. පසුව ඔවුන් තේරීම් කරන විට ලලිත් මගේ සහායකයා හැටියට ලැබුණා. ඒක විශාල සතුටක්. 
 
ඔබ නර්තනය හදාරපු කෙනෙක්. ඒ ගැන මතක් කරමු? 
ඔව් මම නර්තනය හැදෑරුවේ චන්න විජේවර්ධනයන්ගෙන් සහ උපුලී පණීභාරතයන්ගෙන්. මම පාසල් යන කාලයේ නාට්‍ය කලාව සහ සංගීතය පමණයි හැදෑරුවේ. ඒ කාලයේ මුද්‍රා නාට්‍යවලට සම්බන්ධ වෙලා ජයග්‍රහණ ලබලා තිබෙනවා. මගේ මුද්‍රා නාට්‍ය ගුරුතුමිය චන්ද්‍රලතා ගිංතොට. මම උසස් පෙළ සඳහා හැදෑරුවේ ජීව විද්‍යාව. පසුව මම ළමා අධ්‍යාපනය හා ළමා මනෝවිද්‍යාව පිළිබඳ උපාධිය හදාරන කාලයේ මට හිතුණා නර්තනයත් හදාරන්න ඕනෑ කියලා. එම නිසා මම චන්න - උපුලී නර්තන රංගායතනයට සම්බන්ධ වුණා. එතනදි ළමයි 500ක් පමණ අතරින්, චන්න සර්ගේ නර්තන කණ්ඩායමට පමණක් පුහුණු වන පන්තිය සඳහා සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. 
 
ඔබ මේ තරගය තුළ භාවිත කරපු ඇඳුම් විලාසිතා ගැන විවේචන එල්ල වෙලා තිබුණා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද? 
වයලීන වාදකයෙක් වයලීනය භාවිත කරනවා වගේ නර්තන ශිල්පියෙක් නර්තනය ඉදිරිපත් කරන්න භාවිත කරන්නේ තමන්ගේ සිරුර. නර්තන ශෛලියෙන් ශෛලියට නිර්මාණයෙන් නිර්මාණයට භාවිත කරන ඇඳුම් වෙනස්. නමුත් මම මොනයම් අවස්ථාවකදිවත් අනවශ්‍ය ලෙස ඇඟ වහගන්න උත්සාහ කළේ නැහැ. මොකද එහෙම වහගන්න තරම් කැත ඇඟක් මට නැහැ. මම බොහොම මහන්සියෙන් ව්‍යායාම කරලා හදාගත්ත සිරුරක් මට තිබෙන්නේ. සමහර අය විවේචනයක් එල්ල කරන්න මොකක් හරි හේතුවක් හොයාගන්න බැරි වුණාම කියපු කතාවක් ඕක. මම අඩ නිරුවත පෙන්නලා වෝට් ගන්න උත්සාහ කළේ නැහැ. මම උත්සාහ කළේ ඇඳුමෙන් නර්තනයට සාධාරණයක් ලබා ගන්න පමණයි. මගේ ඇඳුම් නිර්මාණය කළේ ලක්මා විජේරත්න. 
 
ඇක්රොබැටික්, කේබල්, ඒරියල් කියන නර්තන ශෛලීන් ඔබ හදාරලා තිබෙනවාද? 
නැහැ. මම සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක්. නමුත් මගේ සිරුර බොහොම නම්‍යශීලීයි. නර්තනයට සුදුසු සිරුරක් උපතින්ම මට හිමි වෙලා තිබෙනවා. ලලිත්ගේ නර්තන ශෛලිය තමයි ඇක්රොබැටික් කියන්නේ. ඒක ලංකාවෙ තාම ප්‍රචලිත වෙලා නැහැ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ එය ජිම්නාස්ටික් එහෙම නැත්නම් සර්කස් කියලා. නමුත් වෙනත් රටවල්වල මේ ශෛලීන් බොහොම ප්‍රචලිතයි. අපි උත්සහා කළේ මේ නර්තන ශෛලීන් අපේ නර්තනයන් එක්ක මුසු කරලා නිර්මාණයන් කරන්න. ඒක බොහොම අපහසුයි. මගේ කකුල් දෙකම කැඩුණා, අතක් කැපුණා, නහය කැඩුණා. හරි අමාරුවෙන් තමයි අපි ඒ දේවල් කළේ. අපිට අවශ්‍ය වුණේ ජාත්‍යනන්තර මට්ටමේ නිර්මාණ කරන්න. 
 
මේවා නර්තන නොවෙයි ජිම්නාස්ටික් කියලා පිරිසක් චෝදනා කළා. එය ඔබව වට්ටන්න කරපු ප්‍රචාරයක්ද? 
මේ තරගයේ තරගකරුවන් හැමෝම වගේ බොහොම සමඟියෙන් තරග කළා. 
 
ගිනි සිසිල නර්තන නිර්මාණයට ශෘංගාරාත්මක හැඩයක් ආරෝපණය කිරීම සම්බන්ධව ඔබ දෙදෙනාට විවේචනාත්මක ප්‍රතිචාර එල්ල වෙලා තිබුණා. ඒ ගැන ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද? 
අපි කළේ සාම්ප්‍රදායික ගිනි සිසිල නොවෙයි. ඉන්දියානු නර්තනයක්. ශෘංගාරාත්මක ගීතයකට තමයි අපි ඉදිරිපත් කිරීම සිදු කළේ. අපි ගින්දර තුළින් සංකේතවත් කළේ රාගය. මෙහිදී අපි භාවිත කළ ගිනි වැල ලලිත්ගේ නිර්මාණයක්. ඒ වගේම අපි මෙහිදී එකිනෙකාගේ ශරීරවල ගින්දර පන්දම ස්පර්ශ වෙන ආකාරයටයි නර්තනය කළේ. එය ඉතාම අභියෝගාත්මක දෙයක්. මේ සඳහා විශ්වාසය වගේම පුහුණුව ඉතාම අවශ්‍යයි. එය කැප කිරීමකින් පේවීමකින් කළ නිර්මාණයක්. විනිශ්චය මණ්ඩලයත් පැවැසුවා මෙවැනි නර්තනයක් දැක නොමැති බව. මට ගිනි සිසිල මුලින්ම කියලා දුන්නේත් ලලිත්, මීට අවුරුදු කිහිපයකට කලින්. මම මිස් ශ්‍රී ලංකා වුණාට පසුව Queen of International Tourism තරගයකට සහභාගි වුණා. මම එහිදී ඉදිරිපත් කළ නිර්මාණ අංගය පුහුණු කළේ ලලිත්. 
 
නර්තනය පැත්තෙන් ඉදිරි වැඩකටයුතු මොනවද? මටත් ලලිත්ටත් විදේශ රටවල්වලින් ෂෝ කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවාට සහභාගි වෙන්න ඕනෑ. නර්තනය තුළින් ප්‍රේක්‍ෂකයන් හමුවට එන්න පුළුවන් හැම අවස්ථාවකදීම මම එනවා. ඒවගේම සිනමාව තුළිනුත් මගේ නර්තන හැකියාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 
 
ලලිත් ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ? 
බොහෝම සතුටුයි. 
 
ඔබේ නර්තන ශෛලියට විවිධ විවේචනයන් එල්ල වුණා. ඒ ගැන ඔබේ අදහස? 
අපි ජිම්නාස්ටික් සර්කස් කරනවා කියලා කිව්වේ එක්තරා කණ්ඩායමක්. අපි කළේ ඇකේ‍රාබැටික් කියන නර්තන ශෛලිය. අද ලෝකයේම ප්‍රචලිත වෙලා තිබෙන්නේ මේ ශෛලිය. ඇමෙරිකන් ගොට් ටැලන්ට් දිනුවෙත් ඇකේ‍රාබැටික්වලින්. දැන් ලතින්, බැලේ නර්තන ශෛලීන්වලත් ඇකේ‍රාබැටික් යොදා ගන්න තැන් තිබෙනවා. මෙය යොදා ගන්න ක්‍රමය තමයි වැදගත්. වෙන රටවල්වල ඒවා බලලා මාරයි කියනවා. ලංකාවෙ කෙනෙක් කළාම සර්කස් කියනවා. මේවා ප්‍රේක්ෂකයන් කියපු කතා නොවෙයි. එක කණ්ඩායමක් විසින් අපිව වට්ටන්න කියපු දේවල්. අනෙක් තරගකරුවන්ටත් කේබල් ඩාන්ස් පුරුදු කළේ මම. 
 
මේ ශෛලිය හදාරපු නැති කෙනෙක්ට එකවර පුහුණු කරන එක අභියෝගයක් වුණේ නැද්ද? 
එය අභියෝගයක්. කේබල් සහ ඒරියල් නර්තනයන් පුහුණු කරන්න අමාරුයි. කෙටි කාලයක් තුළ පුහුණු වීම් කරන්න සිදු වූ නිසාම ඩිෂ්නිට තුවාල සිදුවුණා. නමුත් ඇයගේ කැපවීම සහ උනන්දුව නිසාම අපිට සාර්ථක වෙන්න හැකියාව ලැබුණා. ඇය වගේ ශක්තිවන්ත ධෛර්යයවන්ත රංගන ශිල්පිනියක් මම දැකලා නැහැ. 
 
ඔබ නිර්මාණය කළ ගිනිවැල බොහෝ කතා බහට ලක් වුණා? චන්න සර්ත් පැවැසුවා එය මීට පෙර එතුමාත් දැකලා නැහැ කියලා. හිරු සුපර් ඩාන්ස් එකේදි තමයි මුලින්ම මම එය කළේ. ලංකාවෙ එවැනි නිර්මාණ අංගයක් මුලින්ම සිදු කළේ මම. ගින්දරවලින් අත්හදාබැලීම් කරන්න ගිහින් පාද දෙකම පිලිස්සිලා මාස ගණනක් ඇඳට වෙලා හිටපු අවස්ථා තිබෙනවා. නමුත් අද වෙනකොට ගින්දර නාන්න වුණත් මට පුළුවන්. 
 
ඉදිරි බලාපොරොත්තු මොනවාද? ලංකාවේ රියැලිටි වැඩසටහන්වල වැඩිපුරම දිනලා තිබෙන්නේ මගේ ළමයි. මම නර්තනයට ලොකු සේවයක් කරලා තිබෙනවා. ඇමෙරිකන් ගොට් ටැලන්ට්ස් තරගයට ඉදිරිපත් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top