Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
2021 IPL ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, තමන් සතු කර ගනී

- 2021 IPL ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, තමන් සතු කර ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමත්වුණා.

ඒ ඩුබායිහිදී පැවති අවසන් මහා තරගයේ ජය ලකුණු 27කින් ජය ගනිමින්.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර අනු ශූරයන් බවට පත් වුණා.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් පිටියට පිවිසි සුපිරි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දී අයි.පී. එල් අවසන් තරගයක් සඳහා පිටියට පිවිසියේ නව වැනි වරටයි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ඇරයුම මත පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක් රැස් කළා.

පෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කින් වේගවත් ලකුණු 86ක් රැස් කළා.

ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්. මොයින් අලි නොදැවී 37යි.

පන්දු යැවීමේදී සුනිල් නරායින් කඩුලු 2ක් බිඳහෙලුවේ ලකුණු 26කදීයි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණයි.

වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 51ක් ලබාගත්තා.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ නායකයින් දෙදෙනෙකු නායකත්වය සපයන කණ්ඩායම් දෙකක් අයි.පී.එල් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ පළමු වරටයි.

අයි.පී.එල් තරග ඉතිහාසය තුළ අවසන් මහා තරග නවයකට එක් වී ඇති එකම කණ්ඩායම වන චෙන්නායි සුපර් කිංග්ස් ඉන් අවස්ථා 3ක දී ජයග්‍රහණ අත්කර ගන්නට සමත් වී තිබෙනවා.

මෙතෙක් චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අයි.පී.එල් තරගාවලිය තුළ දී තරග 25කදී මුන ගැසී ඇති අතර, එහිදී චෙන්නයි කණ්ඩායම අවස්ථා 16කදී ජයග්‍රහණය කර ඇති අතර කොල්කටා කණ්ඩායම දිනා ඇත්තේ තරග 8ක් පමණයි.

කණ්ඩායම් දෙක අතර එක් තරගයක් ප්‍රතිඵල රහිතව නිමා වී තිබෙනවා.

එමෙන්ම අයි.පී.එල් තරගාවලිය තුළ දී වඩාත් සාර්ථක කණ්ඩායමක් ලෙස සැලකෙන චෙන්නයි කණ්ඩායම මෙතෙක් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායම් වර්ගීකරණයේදී සිව්වෙනි ස්ථානයෙන් පහළට වැටී ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි.

වර්ෂ 2010, 2011 සහ 2018 වර්ෂවල දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවයේ දිනා ගැනීමට සමත් වී ඇති චෙන්නායි කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට පිවිසුණේ එම කුසලානයේ බර සිවු වැනි වරටත් ඔසවා බලන්නටයි.

මෙවර චෙන්නායි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන රුතුරාජ් ලකුණු 603ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 46.38 ක සාමාන්‍යයක් රඳවා ගනිමින්.

එමෙන්ම ඕනෑම තරගයක් ඕනෑම මොහොතක කණපිට හැර විය හැකි ෆැෆ් ඩු ප්ලෙසිස් ද තරගාවලිය තුළ දී ලකුණු 547ක් රැස් කර සිටියේ 42.07ක සාමාන්‍යයක් රඳවා ගනිමින්.

චෙන්නායි කණ්ඩායමේ කඩුලු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින්නේ සමස්ත තරගාවලිය පුරා කඩුලු 18ක් දවාගෙන සිටින ශර්දුල් ඨාකූර්.

මෙම ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ දායකත්වය චෙන්නායි කන්ඩායමට සිව්වන වරටත් ශූරතා කුසළානය එසැවීමට ඉවහල් වූ බව නොරහසක්.

2021 අයි.පී.එල් තරගාවලියේ දෙවැනි වටය තුළ දී තරගයට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මීට පෙර ජයග්‍රහණය කර ඇති ශූරතා සංඛ්‍යාව දෙකක්.

මීට පෙර අවස්ථා දෙකකදී (වර්ෂ 2012 දී සහ 2014) අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ කොල්කටා කණ්ඩායම එම අවස්ථා දෙකේදීම මෙම අගනා කුසලානය දෝතින් ඔසවන්නට සමත් වුණා.

2014 වර්ෂයේ තරගාවලියේ කාබන් පිටපතක් හා සමාන මෙවර තරගාවලිය තුළදීත් ඔවුන් දෙවන වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය දක්වා පැමිණීමට සමත් වීම විශේෂයක්.

2014 වර්ෂයේදීත් පළමු වටයේ තරග දෙකක් පමණක් ජයග්‍රහණය කරමින් දෙවැනි වටයට පිවිසෙන කොල්කටා කණ්ඩායම සිය ජයග්‍රාහී ගමන අවසන් කරන්නේ අවසන් මහා තරගයේදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් පරාජය කරමින්.

ඒ අයි.පී.එල් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව හඹායමින් වාර්තා කළ ජයග්‍රහණයේ වාර්තාව ද සමගින්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top