Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
මංගල උත්සව ගන්න හිටපු අයට දැනුම්දීමක්, පොදු ප්‍රවාහනය ගැන අලුත්ම තීරණය - හෙට (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න - Photos

- මංගල උත්සව ගන්න හිටපු අයට දැනුම්දීමක්, පොදු ප්‍රවාහනය ගැන අලුත්ම තීරණය - හෙට (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,864 Views
උපකාර පන්ති සඳහා අවසර නැහැ...
21 වැනිදා සිට සිද්ධ වෙන දේ !!

හෙට සිට 31 වනදා දක්වා ක්‍රමික්‍රව රට විවෘත කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, ශ්වසන ආචාර විධි පත්වා ගැනීම, දෑත් සනීපාරක්ෂාව, මතුපිට පෘෂ්ඨ විෂබීජහරණය, නිවැරදිව මුව ආවරණ පැළඳීම වැනි ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

එමෙන්ම කොවිඩ් ආසාදිත නොවන මෘත දේහ සම්බන්ධයෙන් මළ සිරුර මුදාහැර පැය 24ක් තුල පැවැත්විය යුතු අතර ඕනෑම වෙලාවක සිටිය හැක්කේ පුද්ගලයන් 20 දෙනෙකුට පමණයි.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර හිමිවන්නේ නැහැ. විශේෂිත උත්සවවලදී වෙනම මාර්ගෝපදේශ නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව විභාග පැවැත්විය හැකි අතර උපකාරක පන්ති සඳහා තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙක් අවශ්‍යතා සඳහා අන්තර් පළාත් සංචරණ සීමාවන් 21 වනදා අලුයම 4 දක්වා බලපැවැත්වෙන අතර අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා ද අවසර හිමිවන්නේ නැහැ.

පොදු ප්‍රවාහනයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණයි.

පොදු ප්‍රවාහන සේවාවන්වලදී වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුයි. සෑම විටම මුහුණු ආවරණයක් නිසියාකාරව පැළඳ සිටීම ද අත්‍යවශ්‍ය වනවා.

තවදුරටත් ආයතනවලට පැමිණෙන සේවකයන් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතුයි.

කෙසේවෙතත් මෙය අත්‍යවශ්‍ය සේවා හා කර්මාන්තවලට අදාළ වන්නේ නැහැ.

කිරි දෙන මව්වරුන් ඔවුන්ට හිමි නිවාඩු කාලයෙන් පසුව සේවයට වාර්තා කළ යුතුයි. නැවත දැනුම් දෙන තුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.

පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කරන ආකාරයට සිසුන් 200ට අඩු ගණනක් ඇති පාසල් පළමුවෙන් විවෘත කළ හැකියි.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘතව පවතිනවා.

පෙර පාසල්වලට පැමිණෙන ළමුන් ගණනින් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවසර ලබාදී තිබෙනවා.

විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි අතර පැමිණීමෙන් සංඛ්‍යාව අඩු කර මාර්ගගත ක්‍රම සමග ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුයි.

වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වේලාවක සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවසර ලබාදී තිබෙනවා.

සිනමා ශාලා සියයට 25ක ආසන ධාරිතාවයෙන් ලබන 21 වනදා සිට පවත්වාගෙන යාමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මංගල උත්සව සඳහා ඇතුලත් කර ගත හැකි පුද්ගලයන් ගණනින් සියයට 25ක ප්‍රමාණයක් පිරෙන ආකාරයට උපරිම පුද්ගලයන් 50 දෙනෙකුට සීමා කර සිදු කළ යුතුයි.

එළිමහන් උත්සවයක් නම් ඒ සඳහා 75 දෙනෙකුට සහභාගී වීමට අවස්ථාව හිමිවනවා.

බාබර් සහ රූපලාවන්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පැමිණිය හැකියි.

පරිභෝජනය කරන අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කර ගත හැකි අතර උපරිමය ගනුදෙනුකරුවන් 50කට සීමා වනවා.

අවන්හල් තුල මත්පැන් භාවිතය තවදුරටත් තහනම්. අවන්හල්වල එළිමහන් ආසන සැකසීමේදී ගනුදෙනුකරුවන් 60ක් ඇතුලත් කර ගැනීමට ලබන 21 වනදා සිට අවසර හිමි වනවා.

ලබන 31 වනදාට පෙර පවතින තත්වය සමාලෝචනය කරන අතර පවතින තත්වයට අනුකූලව ඉදිරි මාසය සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top