Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
"කලාකාරයෙක් පොඩ්ඩක් හරි ජනප්‍රිය වෙලා ගියොත් ඒක අල්ලගෙන දඟලනවා, දැන් යොහානි ගැන බලන්න. ඒ පොඩි කෙල්ල තමන්ගේ හැකියාවෙන් ගිය ගමනක් තියෙන්නෙ..." - කමල් අද්දරආරච්චි

- "කලාකාරයෙක් පොඩ්ඩක් හරි ජනප්‍රිය වෙලා ගියොත් ඒක අල්ලගෙන දඟලනවා, දැන් යොහානි ගැන බලන්න. ඒ පොඩි කෙල්ල තමන්ගේ හැකියාවෙන් ගිය ගමනක් තියෙන්නෙ..." - කමල් අද්දරආරච්චිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,713 Views
"මම අවුරුදු 4කින් චිත්‍රපටයක නෑ, අවුරුදු 16කින් ටෙලිනාට්‍යයක නෑ.."
 
 "කාටවත් රිදවන්නත් එපා. තමන් රිදවාගන්නත් එපා..."
 
 "කොවිඩ් කාලේ වුණත් ගෙදරට කොටුවෙලා නම් ඉන්න ලැබුණේ නෑ. මොකද අපි ඉන්නේ වගා සංග්‍රාමයක සහ නිෂ්පාදන ක්‍රියාවලියකනෙ. අපි අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනයක සෑහෙන කාලෙක ඉඳන් යෙදෙනවා දන්නවානෙ. ඒ කියන්නේ ටින්මාළු කර්මාන්තය. ඉතින් ඊට අමතරව කෘෂි කර්මාන්තයෙත් විශාල රික්තයක් තිබෙනවා, ගොඩක් දේවල් කරන්න පුළුවන් බව පේනවා.

ඒ නිසා මගේ තවත් මිතුරු හවුල්කරුවන් දෙන්නෙකුත් සමඟ, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගොවීන් එක්ක දේශීය වී වගාවකට නැඹුරු වෙලා ඉන්නවා. බාස්මතී වී ආදේශකයක් අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ වෙනුවෙන් කරුවලගස් වැව, තබ්බෝව පැත්තට නිතර කොළඹ සිට යන්න වුණා. අලි නම් එමටයි ඒත් තාම අපට අලියෙක් මුණ ගැහුණෙ නෑ. (සිනාසෙමින්) අපි ප්‍රාර්ථනා කරන්නෙත් ජීවිතේටම අලි මුණ නොගැසේවා කියලා. අලි ඉන්න තැන්වලටම වෙලා විශේෂයෙන් සිරිකොතටම වෙලා හිටපුදෙන්. මේ ජීවිතේ හරහාට එන්නේ නැතිව කියලයි ඇත්තෙන්ම ප්‍රාර්ථනා කරන්නේ.
 
කමල් අය්යාගේ වගා සංග්‍රාමය කෙරෙන්නෙත් කාබනික ක්‍රමයටද?
අම්මේ මම මේ ගොවි තැනට බැස්සේ හා පුරා කියලා ගිය කන්නෙ. මේ ගෙවෙන්නේ දෙවැනි කන්නය. මුලින් කළේ අක්කර දොළහක් විතර. මේ කන්නේ අක්කර 400ක් විතර කළා. ඒත් අපට අස්වැන්න ගන්න පුළුවන් වුණේ අක්කර තුන්සියයක වගේ තමයි. මොකද හිටපු ගමන් ගොවීනුත් ශත පනහට රුපියලට පවා වෙනස් වෙනවා. පසුගිය කන්නයේ අපට කරන්න වුණෙත් රටේ හැමතැනම කෙරෙන විදිහට. ඒත් මේ කන්නයේ අපටත් පොහොර ප්‍රශ්නය එනවා. ඒත් කවුරුහරි ගොවියෙක් පැළ හිටවන යන්ත්‍රයක් හෝ භාවිත කරලා වගා කළොත් බිත්තර වී නාස්තියත් වැළැක්වෙනවා, වල්පැළෑටි ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා, අස්වැන්නත් හොඳයි.
 
ඒත් ඉතින් ගොවි පවුල්වල ළමයින් ඉන්නේත් මේ තරම් වටින ගෞරවනීය රැකියාවක් අතහැරලා කම්පියුටර් මත්තේ යන 'වයිට් කොලර් ජොබ්ස් (සුදු කරපටි රැකියා) ගැන හිතමින්. මොකද අද ඉතින් මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුද? කියන ප්‍රශ්නය තියෙන නිසා. (ඔහු කියන්නේ සෝපහාසය මුසු හඬකිනි). මේක හිනාවෙන්න දෙයකුත් නෙවෙයි ඇත්තටම ඔවුන්ට තිබෙන ප්‍රශ්නත් එක්ක ඒ තත්ත්වයට පත්වෙලා නිසා, කුලියට මිනිසුන් දාලා වැඩකරන්න ගොවියන්ටත් සිදු වෙලා. ඒවගේම ඉතින් කාබනික පොහොර ප්‍රශ්නය අපටත් මේ කන්නයේ බලපානවා. මොකද ඒකට තවම හරිම ක්‍රමවේදයක් යෙදී නැති නිසා. හැබැයි සමස්ත කෘෂි කර්මාන්තයේ තව කන්නයක් දෙකක් ඉවසාගෙන හිටියොත් යම්කිසි ආකාරයකින් අපට ගොඩනඟා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ දක්වා, සියල්ල වසා නොදමා විකල්ප ක්‍රමවේදයකුත් ගොවීන්ට දෙන්න ඕනෙ.
 
මේ නිෂ්පාදකයාගේ භූමිකාව නිසා රංගවේදියාගේ භූමිකාව යටපත් වෙලා වගේ?
රංගවේදියාගේ භූමිකාව ඊට වඩා අනාථයි. මොකද රංගවේදියාට තත්ත්ව පාලනය කරගන්න පුළුවන්නෙ තනිවම. එහෙම කරනකොට රංගවේදියාට හමුවන්නේ නෑ තමන්ගේ රංගන තත්ත්වයට, නළුකමට ගැළපෙන කිසිම 'මඟුලක්!...' ඉතින් ඒවා ප්‍රතික්ෂේප කර-කර යනවා. පහුගිය කාලේ මට ආරාධනා ලැබුණු ඒවායේ හැටියට මට තිබුණේ නෑ හොඳ දෙයක් කරන්න. හොඳ රංගනයක් නොකර මගේ කාලය කාගන්නවාට වඩා හොඳයි ඒ කාලය ප්‍රයෝජනයට අරගෙන මට ජීවත් වෙන්න සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරන එක. රංගවේදියා පැත්තකට වෙලා හිටියාට නිෂ්පාදනයක් වගේ රංගනය පුස් කන්නේ නෑනේ. එන්න එන්නම ඒක අලුත් වෙනවා. යටි හිතෙන් හෝ මොනවා හරි එකතු වෙනවා. අවුරුදු ගාණකට පස්සෙ මම රඟපෑවා 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ. අනෙක් සියල්ලට වඩා ඒක කරන්න ගත්තා. මම අවුරුදු හතරකින් විතර චිත්‍රපටයක රඟපාලා නෑ. අවුරුදු දාසයකින් දාහතකින් විතර ටෙලිනාට්‍යයක රඟපාලා නෑ. මොනවා කරන්නද? කවදා හරි ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන තරුණ වයසට ගිහින් හරි කරන්න බැරි වුණ දේවල් කරනවා! හැබැයි ඒකටත් ඉතින් සල්ලි තියෙන්න එපැයි. ඒ නිසා සල්ලි ටිකක් හම්බ කරගන්න තමයි මේ මහන්සි වෙන්නේ.
 
 
මොකද ජීවිතය කියන්නේ සල්ලි, ප්‍රසිද්ධිය වගේ ඕවා පස්සේ හෝ අනුන්ට දේවල් කර-කර ඒවා පස්සේ දුව - දුව ඉන්න එක නෙවෙයි. අපි බෞද්ධයෝ හැටියට මේ ජීවිතයේ දුකින් මිදෙන්නේ කොහොමද? ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ කරගැනීමයි අවශ්‍ය අවසානයේ. නැතුව හැමදාම ආශාවන් පොදි බැඳගෙන, ප්‍රාර්ථනා පුරවාගෙන වයසට ගිහින් ඇවිදගන්නත් බෑ, පොතක් කියවගන්නත් බැරි තත්ත්වයට ආවාම ඒ කිසි දෙයක් කරගන්න බැරිව දුකේම තමයි. ඒ නිසා දුක නැතිකරගන්නා මාර්ගය අවබෝධ කරගෙන ජීවත් වන එක තමයි කෙනෙකු ජීවිතයේ අවසාන කාලයේ හෝ කළ යුත්තේ. ඒ නිසා ඕනෙ නම් තව සුළු කාලයක් මේ ව්‍යාපාර, මේ කලාව කරගෙන යයි. ඊට පස්සේ මම ඒ මාර්ගය සඳහා වෙලාව හොයාගන්නවා.
 
ඒත් ඔබ රංගවේදියකු ලෙස මේ කාලය පුරා චිත්‍රපට කලාවට, කර්මාන්තයට සිදු වුණ දේ ගැන යම් අවබෝධයක ඉන්න ඇතිනේ?
අන්තර්ජාලයේ තිබුණු ඒවා හැර චිත්‍රපට නම් බලන්න වුණේ නෑ ඇත්තටම. හැබැයි මම පිළිගන්නවා චිත්‍රපට කර්මාන්තය යම් පරිහානියකට පත් වුණා කියලා. මොකද චිත්‍රපට කියලා අපට තිබෙන්නේ මේ ලංකාව තුළ තිබෙන කර්මාන්තයක් පමණයි. මේ ලංකාව තුළ කෙරෙන කලාවට සම්බන්ධ කර්මාන්තවලින් යම් හෝ සශ්‍රීකත්වයක් තිබෙන්නේ ගායනයට නැත්නම් සංගීතයට පමණයි කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. කලාවට තිබෙන අනුග්‍රහය, දියුණුව ගැන සලකද්දි පුවත්පත් කලාව සම්පූර්ණ අනාථ වුණා. ඒ වගේ තමයි චිත්‍රපටත්. සංගීතය රේඩියෝවකින් හෝ අහන්න කරන්න සැලස්වෙන නිසා පැවතුණාට එය ඉතාම පහළටම ගිහින් පිරිහිලා. මොකද හරිහමන් වාදන ශිල්පීන් නෑ, ගීත රචකයන් නෑ, ගායකයන් නෑ. ඒ නිසා රසාස්වාදය සඳහා සුදුසු තත්ත්වයක නෑ අද. නිසි රසාස්වාදය අගය කරන මිනිස්සුත් නෑ. චිත්‍රපට ගැන කතා කරද්දි ඒකත් සංගීතය වගේ විශ්වීය කලාවක්. ඒ නිසා අප හිතන්න ඕනෙ ලෝකයට චිත්‍රපට හදන්න. එහෙම හිතන කෙනෙකුට යම් කිසි දැක්මක් තිබෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අනාගතයකුත් තියෙයි.
 
කොහොමද 'ලෝකෙට' චිත්‍රපට හදන්නේ?
ලෝකෙට චිත්‍රපට හදන්න එක අතකින් හරිම ලේසියි. එක අතකින් ලෝකය බෙදී වෙන්වෙලා තිබෙන්නේ. මිථ්‍යාවන්ට හසුවෙලා තිබෙන්නේ. ඒ විෂයයන් ඕනෙ තරම් කතා කරන්න පුළුවන්. අපේ රටේ විතරක් නෙවෙයි ඒවා තිබෙන්නේ.
 
ඇත්තටම ඒවා නොකෙරුණේ කොවිඩ් නිසා නෙවෙයි. අපේ සිනමා තාක්ෂණය, ඒ කියන්නේ රංගනය, අධ්‍යක්ෂණය, තිර රචනය ආදි සියලු දේ හරියට ගැළපුණේ නැති නිසා. ඒ වගේම අපේ අයට මේ නිර්මාණශීලී වීම අරඹන තිර රචනය කියන දේ හරියට කරගන්න බැරිව ගියා. හොඳ නිර්මාණයක් බිහිවන්නේ නෑ හොඳ තිරරචනයක් නැතිව. එදා සිට අද දක්වාම කිසිම රජයක හරි මඟ පෙන්වීමක් තිබුණේ නෑ කලාවට. ඒක තමයි ප්‍රධාන ගැටලුව.
 
කොහොමද ගොඩ එන්නේ?
මේක ගොඩ ගන්න නම් නායකත්වය මෙය අවබෝධ කරගන්න ඕනෙ. මොකද කලාව කියන්‌නේ පිටි අනලා පාං හදනවා වගේ දෙයක් නෙවෙයි. අපේ දරුපරපුරට හරි වින්දනය පිළිබඳ හුරුවක් ඇති කරන්න ඕනෙ. ඒ තත්ත්වය උදා වෙනකල් අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන්න ඕනෙ. අද බහුතරයක් ඉන්නේ පාදඩ සංස්කෘතියක. පාරට බැස්සාම වාහන එළවද්දි පේනවා මිනිස්සුන්ගේ තරම. පොඩි ළමයෙක් එක්ක කතා කළොත් තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ දැනුම හා සදාචාරාත්මක ගොඩනැඟීමේ තරම. වැඩිහිටියන්ට ගරු කරන, රටට ආදරය කරන කිසි මිනිහෙක් නෑ හොයාගන්න. අපිත් කොච්චර කතා කළත් අපේ අතිනුත් සමහර වෙලාවට ඒ හැඟීම නැති වැඩ කෙරෙනවා. නීතිගත නොවුණට හොරකම සිදුවෙනවා. පගාවක් දෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. හොඳ මිනිසුන් කවුද හොරු කවුද කියලා හොයාගන්න බැරි වෙලා. මෙහෙම සමාජයක් යළි යථා තත්ත්වයට ගොඩ නඟන්න කලාවෙන් කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද? කලාව කොයි තරම් මිනිසුන්ගේ චින්තනයට විඥානයට කතා කරන දෙයක්ද? දේශපාලනඥයෙක්, පූජකයෙක්, ගුරුවරයෙක් පැය ගණන් දේශනය කරන දෙයක් ගීතයකින්, චිත්‍රපටයකින් සුළු කාලයක් ඇතුළත මිනිහෙකුගේ හදවත පතුලටම කිඳා බහින්න දෙන්න පුළුවන්. කෝ එහෙම දේවල් වෙන්නෙ නෑනේ.
 
ඔබ ඔය චෝදනාව කරගෙන යන්නේ කාටද?
ඒක කරන්න ඕනෙ එක්තරා ප්‍රමාණයකින් කලාකරුවන්ම තමයි. හැබැයි කලාකරුවන් කියලා බිහිවෙන පිරිස අවුරුදු ගාණක් විශ්වවිද්‍යාලවල තැපලා-තැපලා අන්තිමට එළියට ආවාම රස්සා නෑ. ඒ අය අන්තිමට කාලය කන පිරිසක් වෙනවා. ඒ නිසා අපි බලය දෙන නායකයන් තමයි මුලින්ම මෙයට අතගැසිය යුත්තේ. මිනිස්සු එදා වේල හම්බකරගන්න කළ හැකි ඕනෙම දෙයක්කරනවා මිසක නිසි රැකියා පුහුණුවක් ලබා දෙන්නේ නෑ. ජපානය වගේ රටවල ළමයි පන්ති කාමර, වැසිකිළි පවා පවිත්‍ර කරලා තමයි වැඩ පටන් ගන්නෙ. ඒ සඳහා සුළුසේවකයන් නැති තරම්. ඒ ළමයින්ට පාං හදන්න ඉගැන්නුවත් එයට විධිමත් ක්‍රමවේදයක් තිබෙනවා. එතකොට විද්‍යා පාඩම අතර පාං හැදීමේ කර්මාන්තය, ගුණාත්මක පාංගෙඩියක් හදන්නේ කොහොමද විතරක් නෙවෙයි, පාං කන්න හොඳද නැද්ද කියලත් දැනගන්නවා. අපේ ඔක්කෝම එකට ඕලෙවල් ඒලෙවල් කරනවා. අමාරුවෙන් විභාගේ පාස් කරන එකා මොකක් හරි පීඨයකට ගිහින් යන්තම් එළියට ඇවිත් ආණ්ඩුවෙන් රස්සාවල් ඉල්ලනවා. අනෙක් උන් ටික කෝස් එකක් කරයි, ඒවත් නැති උන් මොහොකට හරි පැනගන්නවා රස්සාව කරද්දි තමයි හැමෝම රස්සාව මොකක්ද කියලා ඉගෙන ගන්නේ. ඉගෙන ගත්ත එක දෙයක්වත් ප්‍රායෝගික වෙලා නෑ. කිසිම වෘත්තියභාවයක් නෑ, ඒ නිසා ප්‍රායෝගික දැනුම දෙන අධ්‍යාපන ක්‍රමයක් අපට ඕනෙ. අඩුම ගානෙ ස්වයං රැකියාවක්වත් කරගන්න පුළුවන් නම් ආණ්ඩුවෙන් රස්සාවල් දෙනකල් කෑගගහ ඉන්න ඕනෙ නෑනෙ කවුරුවත්. එහෙම සංස්කෘතියක් නෑනේ ලංකාවෙ. කලාවටත් වෙලා තියෙන්නේ ඒකමයි.
 
ඒවාට ඇයි කලාකරුවන් එකතුවෙලා විරුද්ධ නොවෙන්නේ?
අනේ.. කලාකරුවන් විතරක් එකතුවෙලා වැඩක් තියෙනවාද? ඔන්න චිත්‍රපටයක් ආවාම ඒක රැඟුම් පාලක මණ්ඩලයකට දානවා. ඇයි මේ ටෙලිවිෂන් එක ගැන බලන්නේ නැත්තේ. බීරි අලින්ට වීනා ගහලා වැඩක් නෑ නංගී...225 කරන්නේ මොකක්ද එක එකාට චෝදනා කරගෙන කෑ ගහගන්නවා එච්චරයි. ඊට පස්සේ ඒ කලාකාරයෙක් පොඩ්ඩක් හරි ජනප්‍රිය වෙලා ගියොත් ඒක අල්ලගෙන දඟලනවා, මැණික් ගලක් අහු වුණා වගේ. දැන් යොහානි ගැන බලන්න. ඒ පොඩි කෙල්ල තමන්ගේ හැකියාවෙන් ගිය ගමනක් තියෙන්නෙ. මම දැක්කා පොඩි කාලේ ඉඳන්ම වෙනස් හැකියාවක් තිබුණා. ඒක ඉන්දියාව දැක්කාට පස්සේ තමයි අපිට පෙනුණේ. පැරා ඔලිම්පික්වල දිනපු කොල්ලන්? ඒ නිසා එක සුබ සිහිනයයි අපට තිබෙන්නේ දකින්න. එක්කෝ මේ රටේ පාලකයන්ට බුද්ධිය පහළ වේවා නැත්නම් රටේ ජනතාවට බුද්ධිය පහළ වේවා!
 
 
රංග පාසලක් වගේ තිබුණා නම් අලුත් පිරිසට වඩාත් යහපතක් වෙයි නේද?
එක අතකින් ඒකත් හොඳයි. හැබැයි අපි නිර්මාණයක් කළාම නාළිකා ප්‍රධානීන් සහ හිමිකරුවන් මානුෂීය හැඟීම් තිබෙන රසයක් තිබෙන අය වනවා නම් ඊටත් වඩා යහපතක් වෙයි. හැම නාළිකාවකටම න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන භූමිකාව ඔවුන්ට අමතක වෙලා තිබෙනවා. ජනතාව හරි තීරණ ගන්න තැනට ගේන්න හෝ නිසි රසවින්දනයක් දීම කියන දේ ඔවුන්ට අමතක වෙලා.
 
වර්තමානයේ සිනමාව රිදී තිරයෙන් ජංගම දුරකථන තිරයට ඇවිත්?
ඉදිරි අනාගතයේ අති විශාල සිනමා ශාලාවලින් කිසි ප්‍රයෝජනයක් නෑ. සියයක් එකසිය විසිපහක් උපරිමය තිබෙන ශාලා තමයි හරි යන්නේ. ඒ දිහා බලනකොට මේ තත්ත්වය අලුතෙන් ප්‍රතිව්‍යූහගත විය යුතුමයි. ඒ සඳහා ඉඩකඩක් තිබෙනවා. අද කාලේ මිනි තියටර් එකක් පිරෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. අපට පුළුවන් අන්තර්ජාලය වගේ දේවල් භාවිත කරලා ප්‍රචාරය ලබා ගන්න ඒ චිත්‍රපටවලට. රිදී තිරයේ චිත්‍රපට බලන්න අනිවාර්යයෙන්ම රසිකයන් එයි. මොකද මිනිස්සු කැමැතියි එළියට යන්න. මිනිසුන් සමඟ මුහු වෙන්න. ඒ වගේ සංස්කෘතියකට පිරිසක් අනිවාර්යයෙන් ඉන්නවා. මේ වෙලා තියෙන්නේ වසංගතයත් සමඟ අනවශ්‍ය බයක් ඇති වෙලා තිබෙන එක. කොරොනා කියන්නේ හැම කෙනෙකුම අත්දැකිය යුතු ලෙඩක්. මෙයින් ආරක්ෂා විය යුත්තේ අනිවාර්යයෙන් රෝගී තත්ත්වයන් තිබෙන අය, වයසක අය, විශේෂ දුර්වලතා තිබෙන අය හෝ ආහාර ගැනීමේ මට්ටම ඉතාම පහළ තත්ත්වයක තිබෙන විතරයි. කොහොමත් අපි පාං පිටි කන, කිරිපිටි බොන, අධික තෙල්, සීනි, ලුණු හෝල්සේල් එකේ කන ජාතියක්නේ. එතකොට ඉතින් බ්‍රොයිලර් කුකුළො වගේ තමයි. එහෙම කෑම කකා ඉංජෙක්ෂන් විතරක් ගහලා හරි යන්නේ නෑ. ඒ නිසා මේ තත්ත්වය හදන්න ගියොත් මිනිස්සු කන බොන තැන්වල ඉඳන්ම හදන්න ඕනෙ. හැබැයි ඒ හැම කෙනෙකුම දැනුම්වත් කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි කලාව. සිනමාව. උදාහරණයකට සිගරට් බොන කෙනා පෙට්ටියේ ගහලා තිබෙන පිළිකා රූප බලමින්මනේ පෙට්ටිය අරින්නේ. හැබැයි චිත්‍රපටයකින් ඒක ඊටවඩා දැනෙන විදිහට කීවොත් එය නතර කරන්නත් පුළුවන් වෙයි. ඉතින් කලාව භාවිත කරන්න දැනගන්න ඕනෙ ඵලදායී විදිහට ජනජීවිතයට. කෝ ඉතින් කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නෑනේ!
 
ඔබට තිබෙනවාද එවැනි නිර්මාණයක් කිරීමේ අදහසක්?
ඔවු මට එහෙම නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. හැබැයි ඉතින් මටත් ඒ සඳහා පස්මහ බැලුම් බලනවා වගේ දේවල් හොයන්න වෙයි. දැනටත් මට කතා කරනවා චිත්‍රපට කරන්න. ඒ්ත් මම කියන්නේ දැන්නම් හිතන්න එපා තව ටික දවසකින් බලමු කියලා. නිෂ්පාදනයක් ලැබුණ පමණින් මම එය බාර ගන්නෙත් නෑ. මොකද රසිකයන් සෑහෙන කාලෙකින් මාව නිර්මාණයකින් දැකලා නැති අතරේ මම නිකං ජැක් එකක් ගහන්න ටෙලියකට ගිහින් වැඩක් නෑ. මටත් ඒකෙ කිසි ගතියක් නෑ. නිර්මාණයේ මම රඟපාන්නේ පොඩි කොටසක් වෙන්න පුළුවන්. හැබැයි මගේ සිතුම් පැතුම්වලටත් එය ගැළපෙන්න වෙනවා. ඊට පස්සේ චරිතය කුමක්ද කියලා බලනවා. නිකං ජැක්ගහන චරිතයක් නම් මට තියෙන්නේ අනේ කොච්චර ගෙවුවත් මට වැඩක් නෑ. මොකද මම ගොඩනඟාගෙන ආ ප්‍රතිරූපයක් තිබෙනවා. ඒ නිසා මගේ විශ්වාසයක් තිබෙනවා යම් නිර්මාණයකට මම ගියොත් එය තනියෙන් හෝ ඇදගෙන යන්න පුළුවන් අවකාශයක් මට තිබෙන බවට. බොහෝ වෙලාවට මම දැකලා තිබෙනවා සෙසු නළුනිළියන් නිසා මට ලැබෙන්න තිබෙන ආලෝකය, චිත්‍රපටයට ලැබිය යුතු ආලෝකය නොලැබුණු අවස්ථා. ඒ නිසා සෙසු අය පිලිබඳවත් මම හිතනවා. ඒ නිසා යම් නිර්මාණාත්මක වටිනාකමක්, ගැළපෙන බවක් තිබෙනවාද අන්න ඒකට මම ගියා. මොකද ඔයා කොච්චර රසට මාළු ඉවුවත් වැඩක් නෑ ඔයාට කුණු මාළු ටිකක් හෝ නරක කුළුබඩු ටිකක් හෝ නරක් වූ වතුර ලැබුණොත්. ඒ වගේ තුලනාත්මකව බැලුවාම සමස්තය ප්‍රශස්ත මට්ටමක තිබෙන නිර්මාණයකට පමණයි මම සම්බන්ධ වන්නේ.
 
පවුලේ අය ගැනත් අහමු?
පොඩි පුතා ඔන්ලයින් ඉගෙන ගන්නවා. ලබන වසරේ විභාගය. ලොකු පුතා ඕස්ට්‍රේලියාවේ ගිහින් ශබ්ද ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉගෙන ගත්තා. මේ ප්‍රශ්න ටිකක් ඉවර වෙනකල් ඉන්නේ ආපහු යන්න. බිරිඳ මේ සියලු කටයුතු කරගෙන පුතාලාගේ අධ්‍යාපනය ගැන සොයාබලාගෙන සුපුරුදු පරිදි ඉන්නවා.
 
අවසන් වශයෙන් කියන්න දෙයක් තිබෙනවාද?
අපට මේ යුගයේ තිබෙන්නේ සරලව හිතන්නයි. ලොකු බලාපොරොත්තු තබා ගැනීම වැඩක් නැහැ. එදා දවස සතුටින් ජීවත් වෙන්න. කාටවත් රිදවන්නත් එපා. තමන් රිදවාගන්නත් එපා.
 
 
අරුණි මුතුමලී
සරසවිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top