Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
“පොළොන්නරුවට වරෙල්ලා, මර්දනය කරන්න... උඹට කැන්වසින් ගියපු ගොවියෝ මේ....” - අදත් මහින්දානන්දගේ රුවට ගිනි ඇවිලෙයි - ගොවීන් මහ පාරේ නිදා වැටුනු හැටි මෙන්න - Video

- “පොළොන්නරුවට වරෙල්ලා, මර්දනය කරන්න... උඹට කැන්වසින් ගියපු ගොවියෝ මේ....” - අදත් මහින්දානන්දගේ රුවට ගිනි ඇවිලෙයි - ගොවීන් මහ පාරේ නිදා වැටුනු හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,663 Views
“උඹලට මේ ගොවියා නතර කරන්න බෑ...
ගොවියට ඕනි පොහොර ටික...!”

කොන්දේසි 4ක් ඉටුකිරීමේ පොරොන්දුව මත මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා රජය සහ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණඩලය අතර එකඟතාවක් ඇතිකරගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශ රැසක ගොවීන් අදත් උද්ඝෝෂණවල නිරත වුණා.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ රජයේ සමාගම් විසින් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර රැගත් වෙගොරාස් නම් නෞකාවක් කොළඹ වරාය වෙත ඊයේ ළඟා වී තිබුණා.

ලිතුවේනියාවේ සිට මෙම නෞකාව රැගෙනවිත් තිබූ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30,000 ක්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගොවිජන මධ්‍යස්ථාන වෙත මෙම පොහොර තොග ඊයේ රාත්‍රීයේ සිටම බෙදාහැරි බවයි.

කවුඩුල්ල, මින්නේරිය, පොළොන්නරුව, ඇතුළු ගොවිජනපද රැසක ගොවීන් මින්නේරිය නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරතවුණේ පොහොර අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ හේතුවෙන් හබරණ - පොළොන්නරුව මාර්ගයේ ගමනාගමනයට පැය 4 කට ආසන්න කාලයක් බාධා එල්ල වුණා.

මේ අතර හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බි. සරත්ට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනතාවගේ ගමනාගමනයට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසට දක්වමින්.

මේ අතර, මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදා සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අදාළ බල මණ්ඩල නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අතර පැවති රැස්වීමකින් අනතුරුවයි.

ඒ අනුව මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දේසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් බලමණ්ඩල සාමාජිකයින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදී තිබෙනවා.

අදාළ සංදේශයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් පසු ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව පළවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.

ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත් කර තිබූ කොන්දේසි අතර, කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීම, එම පොහොරවල වගකීම රජය විසින් භාරගත යුතු බව, පොහොර භාවිතයෙන් වගාකරන වී වගාවේ අස්වැන්න අඩුවිමක් හෝ වෙනත් හානියක් සිදුවුවහොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට රජය එකඟ වීම යන කරුණු ඇතුළත්.

ඊට අමතරව දැනට වෙළෙඳපොළේ ඇති කෘමිනාශක, වල් නාශක අධික මිලට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීමට ගොවියාට අවස්ථාව ලබාදිය යුතු බවද අදාළ කොන්දේසිවලට ඇතුළත් වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top