Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
"කටකතා, මඩ ඕනෑ තරම් එනවා. අපි රඟපාන චරිත හරි නැහැ කියලා මානසිකව වට්ටන්න පුළුවන්.." - සංජානා ගමාරච්චි

- "කටකතා, මඩ ඕනෑ තරම් එනවා. අපි රඟපාන චරිත හරි නැහැ කියලා මානසිකව වට්ටන්න පුළුවන්.." - සංජානා ගමාරච්චිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,856 Views
මේ දවස්වල හොඳයි. සතුටින් ඉන්නවා. රටේ තියෙන වාතාවරණයත් එක්ක ටිකක් පරිස්සමෙන් රූගත කිරීම් කටයුතුත් කරගෙන ඉන්නවා.

සංජානා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි නේද?
ගොඩක් කාර්යබහුල නැහැ. ඒත් කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන "දිවිතුරා" ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතය රඟපානවා.නිර්මාණත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.
 
"දිවි තුරා" ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතය සංජානාට විශේෂයි නේද?
දිවිතුරා ටෙලිනාට්‍යයේ මගේ චරිතය බොහොම ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතයක්. ප්‍රේක්ෂකයන් හරිම ආසාවෙන් වැලඳගත්ත චරිතයක් ඒක. ටීනා කියන්නේ රූපවාහිනී නාළිකාවක වැඩසටහන් අංශයේ සේවය කරන තරුණියක්. එයා මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නේ ඒ ගැන දැනුමක් ඇතිව නෙමෙයි. ඒත් එයා ගොඩක් උනන්දුවෙන් නාළිකාවේ වැඩ කරන කෙනෙක්. එළියේදී මුණගැහෙන ප්‍රේක්ෂකයන් පවා "ඔයා ටීනා නේද" කියලා ඒ චරිතය නමින් මාව හඳුන්වනවා. මේ වගේ චරිතයක් මම කරන්නේ මුල්වතාවට.
 
රංගනය ගැන හදාරලා තියෙනවාද?
ක්ෂේත්‍රයට එද්දි නම් රංගනය ගැන කිසිම දෙයක් හදාරලා තිබුණෙ නැහැ. ඇත්තටම මම කැමරාවක් ඉස්සරහා හිට ගන්නවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් මේ වෙනකොට රංගනය ගැන ඉගෙන ගනිමින් පවතිනවා. රංගනය ගැන විවිධ වැඩමුළු සහ පාඨමාලාවලට සහභාගි වෙනවා.
 
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කිව්වොත්?
ඇත්තටම මට ලොකු සහයෝගයක් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් ලැබෙනවා. මම රඟපාන චරිතය ගොඩනැඟෙන්න ඕනෙ කොහොමද, ඒ චරිතය ගලාගෙන යන්න ඕනේ කොහොමද, දෙබස් උච්චාරණය කරන්න ඕනේ කොහොමද කියලා ප්‍රවීණයන් මට කියලා දෙනවා. මම ඒ හැමෝටම ගොඩක් ගරු කරනවා.
 
සංජානා චරිතවලට සූදානම් වෙන්නේ කොහොමද?
පිටපත ලැබුණට පස්සේ මම පිටපත හොඳට කියවනවා. කියවලා මගේ චරිතය කොහොමද ගොඩනැඟෙන්න ඕනෙ කියලා උපකල්පනය කරනවා. ඊටපස්සේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා චරිතය රඟපානවා. යාළුවන්ට රඟපාලා පෙන්වනවා. කොහොමත් දර්ශන තලයට යන්න කලින් මම චරිතයට සූදානම් වෙලා යන්නේ.
 
තරුණ රංගන ශිල්පිනිකයට කලා ක්ෂේත්‍රයේ ඉන්න අපහසුයිද?
අපහසුයි කියන්නත් බැහැ. ඒත් කැපිලි කෙටිලි නම් ක්ෂේත්‍රයේ ඉන්නකොට එනවා. ඒ වගේම කටකතා, මඩ ඕනෑ තරම් එනවා. අපි රඟපාන චරිත හරි නැහැ කියලා මානසිකව වට්ටන්න පුළුවන්. විශේෂයෙන් ක්ෂේත්‍රයේ ඇතුළේ අයගෙන් වැඩිපුර කැපිලි එනවා. ඒවාට හරි විදිහට මූණ දීලා මගේ ගමන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
 
සංජානාට සෑහෙන්න කටකතා හැදෙනවා නේද?
ඔව්. මම සහභාගි වුණ රූපවාහිනී වැඩසටහනක මම කියපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොඩක් අය මට කටකතා හැදුවා. මඩ ගැහුවා. හැබැයි ඒ ගොසිප්වලින් මට හොඳක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒකෙන් ගොඩක් අය මාව දැනගත්තා. ඒ ගොසිප් එක නිසා මම මිනිස්සු අතරට ගියා. හැබැයි ඒක බොරු කටකතාවක් ඒ වැඩසටහන හරියට බැලුවා නම් ඒක තේරෙයි.
 
ඒ කියන්නේ ඔබ නෙගටිව් මාකටින් අනුගමනය කරන කෙනෙක්?
හැම දෙයකටම නෙගෙටිව් මාකටින් හරියන්නේ නැහැ. සමහර අවස්ථා තියනවා ඒ නෙගටිව් එක පොසිටිව් වෙන. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. මට කටකතා හදන අයට පවා මම කියන්නේ පුළුවන් තරම් මට කටකතා හදන්න. මම කැමැතියි කටකතා හදනවට. එහෙම මට කටකතා කතා හදලා එයාලා සතුටු වෙනවා නම් ඒක මට පිනක් කියලා මම විශ්වාස කරනවා.
 
පවුලේ විස්තර කිව්වොත්?
මගේ පවුලේ ඉන්නේ තාත්තයි, මමයි, නංගියි. මගේ අම්මා මිය ගිහින්. ඊට අමතරව මගේ පවුල මගේ යාළුවො තමයි.
 
පෙම්වතෙක් නැද්ද තවම?
මේ වෙනකොට නම් නැහැ. කලින් ඉඳලා තියෙනවා. පෙම්වතෙක් ඉඳලා නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්නේ.
 
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට පුළුවන් විදිහට මට හැකිතාක් කල් ක්ෂේත්‍රයේ මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වැඩ ටිකක් කරගෙන්න යන්න බලාපොරොත්තු වෙන්නේ. මම ලොකු බලාපොරොත්තු හීන දකින්නේ නැහැ. වැදගත් වෙන්නේ මේ මොහොතේ ජීවත් වෙන එක.
 
 
නිර්මාණි බණ්ඩාරනායක
සරසවිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top