Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
13
හොරගොල්ල වලව්වේ දේශපාලනය අවසන්ද?

- හොරගොල්ල වලව්වේ දේශපාලනය අවසන්ද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

118 Views
සුදු ජාතීන්ට ශ්‍රී ලංකාව යටත්ව පැවැති යුගයේ දී එම පාලන තන්ත්‍රය තුළ ලාංකිකයින්ට ද විවිධ තනතුරු හිමි විය. 
 
විශේෂයෙන්ම මුදලි, මහමුදලි වැනි තනතුරු පිරිනමන ලද්දේ යටත්විජිත පාලකයාට පක්ෂ වූ දේශීය ප්‍රභූ පවුල්වල සාමාජිකයින්ට ය. 
 
ඔවුන් ජිවත් වූ නිවාස සාමාන්‍ය ජනතාව ජිවත් වූ නිවාසවලට වඩා බෙහෙවින් වෙනස් වූ අතර, ඒවා හඳුන්වන ලද්දේ "වලව්ව" යන නමිනි.

යටත්විජිත යුගය අවසන් වී නිදහස ලබාගැනීමත් සමග බොහොමයක් එවැනි වලව් සහ ප්‍රභූ පවුල් කෙරෙහි ජනතාව තුළ තිබූ ගෞරව සම්ප්‍රයුක්තබව ක්‍රම ක්‍රමයෙන් වියැකී යන්නට විය. 
 
ඒ බව මාර්ටින් වික්‍රමසිංහ වැනි සාහිත්‍යධරයින් විසින් ලියැවුණු 'ගම්පෙරළිය' වැනි කලාකෘති හරහා මොනවට පිළිබිඹු වේ. 
 
බොහොමයක් වලව් නඩත්තු කිරීමට හෝ ඒවායේ හිමිකරුවන්ට නොහැකි වූ නිසා විදේශිකයින්ට සහ විවිධ සමාගම්වලට ඒවා විකුණා දැමූ අතර, අද එවැනි ස්ථාන සංචාරක හෝටල් වැනි ආයතන සඳහා යොදාගන්නා අයුරු දැකගත හැකිය. 
 
කෙසේ නමුත් විදේශ ජාතින් යටතේ මෙරට පාලනය වන අවධියේ සිටම රාජ්‍ය තන්ත්‍රයේ විවිධ තනතුරු දරා ජනතාවගේ ගෞරවයට ද පත්ව, නිදහස ලැබීමෙන් පසුව ද ජනතාවගේ ගෞරවය ලද වලව් පෙළපත් ද නැතුවාම නොවේ. 
 
සොලොමන් ඩයස් බණ්ඩාරනායකගේ මුත්තණු කෙනෙකු වන, බ්‍රිතාන්‍ය කිරීටයට ශ්‍රී ලංකාව යටත්ව තිබූ යුගයේ දී වාසලමුදලි තනතුර දැරූ අයෙකුන් විසින් ඉදිකළ බවට සැලකෙන ගම්පහ නිට්ටඹුවේ පිහිටි හොරගොල්ල වලව්ව ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
 
හොරගොල්ල වලව්ව
 
19 වැනි සියවසේ අගභාගයේදී පමණ ඉදිකළ බවට සැලකෙන හොරගොල්ල වලව්ව බණ්ඩාරනායක මහමුදලි, නිදහසින් පසුව පත් වූ මෙරට අගමැතිවරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක, ඔහුගේ බිරිඳ වූ, පසුකාලීනව ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස පත් වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, බණ්ඩාරනායක- සිරිමාවෝ යුවළගේ දරුවන් වූ මෙරට සිව්වන විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකු සහ කීර්තිමත් දේශපාලඥයෙකු වූ අනුර ප්‍රියදර්ශි සොලොමන් ඩයස් බණ්ඩාරනායක යන දේශපාලකයින්ගේ නිවෙස යි.
 
හොරගොල්ල වලව්ව සිය වාසස්ථානය කොටගත් සොලොමන් ඩයස් බණ්ඩාරනායක මහාමුදලි සතුව ඉඩම් අක්කර විසිපන්දහසක් පමණ පැවැති බව ඇතැම් මූලාශ්‍රයයන්හි සඳහන් වේ. 
 
කෙසේ නමුත් බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ගෙන ආ මුඩුබිම් පනත, සහ සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ක්‍රියාත්මක කෙරුණු ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමේ පනත වැනි දෑ හරහා හොරගොල්ල වලව්ව සතුව පැවැති ඉඩම් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් දක්වා අඩු වී තිබේ.
 
වලව්වේ ඉදිරිපස ඇති පෝටිකෝව
 
1898 වසරේ දී පමණ සොලොමන් ඩයස් බණ්ඩාරනායක මහාමුදලි, කීර්තිමත් නීතිවේදියෙකු වූ සර් සොලොමන් ක්‍රිස්ටෝපර් ඔබේසේකරගේ දියණිය වූ ඩේසි ඇසිලින් ඔබේසේකර සමග විවාහ වූ අතර, ඔවුන් දෙදෙනා සිය මා පිය උරුමයෙන් ඉඩම් අක්කර 35,000කට වැඩි ප්‍රමාණයක් ලබා ඇත. 
 
බණ්ඩාරනායක- ඔබේසේකර යුවළට ඇනා ෆ්ලොරන්ටිනා, ඇලෙක්සැන්ඩ්‍රා කොරනේලියා, සහ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් (එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක) නමින් දරුවන් තිදෙනෙකු වූ අතර ඔවුන් අතර දේපළ බෙදා දී තිබේ. 
 
මෙහිදී පවුලේ පිරිමි දරුවා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට හොරගොල්ල වලව්ව ද ඇතුළුව දේපළවලින් වැඩි කොටසක් හිමිවූයේ ය. 
 
ඔහු සිරිමාවෝ රත්වත්තේ හා විවාහවීමෙන් පසුව කොළඹ පිහිටි කුලී නිවෙසක පදිංචි වීම නිසා, කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ පිහිටි රොස්මිඩ් නිවෙස මිළ දී ගෙන ඔහුට ලබාදීමට ඔහුගේ පියා කටයුතු කළේ ය.
 
ඉහළ මාලයට පිවිසෙන පියගැට පෙළ
 
හොරගොල්ල වලව්වේ ඉදිකිරීම් කටයුතු සඳහා ගෘහ නිර්මාණ ශිල්පින් සහ ඉදිකිරීම් ශිල්පින් ගෙන්වාගෙන තිබෙන්නේ එංගලන්තයෙන් සහ ඉන්දියාවෙනි. 
 
ඊට අමතරව ශ්‍රී ලංකික ඉදිකිරීම් ශිල්පීන්ගේ සහාය ද වලව්වේ ගොඩනැගිලි කටයුතු සඳහා ලබාගෙන තිබේ. 
 
ඊට අවශ්‍ය දැව කැටයම්, පිඟන් ගඩොල්, විදුරු කවුළු, පිත්තල සහ ලෝහ ද්‍රව්‍ය වැනි දෑ විදේශ රටවලින්, විශේෂයෙන්ම යුරෝපීය රටවලින්, ගෙන්වාගෙන තිබේ. 
 
හොරගොල්ල වලව්වට පිවිසීම සඳහා, ශක්තිමත් කණු දෙකක් විසින් දරා සිටින ලෝහමය ගේට්ටුවක් දැකිය හැකි අතර, වලව්වෙන් පිටවීම සඳහා තවත් ගේට්ටුවක් ඉදිකර ඇත. 
 
වලව්ව ඉදිරිපස රෝම සහ ග්‍රීක ආභාෂය ගත් ප්‍රතිමා කිහිපයක් වටකරගත් වතුර මල් කිහිපයක් ද දැකිය හැකියි. එමෙන්ම වලව්ව පිහිටි අක්කර ගණනක ඉඩමේ විවිධ දේශීය සහ විදේශීය ඖෂධ සහ පළතුරු ශාකවලින් පිරි තිබෙනවා.
 
සොලොමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිගේ නිදන ඇඳ
 
බිම් මහලකින් සහ උඩු මහලකින් සමන්විත වන හොරගොල්ල වලව්වේ ඉදිරිපස ශක්තිමත්, සියුම් කැටයම් සහිත කුළුණුවලින් සැකසුන ආරුක්කු කිහිපයකින් සැදුම්ලත් පෝටිකොවක් දැකිය හැකිය. 
 
බණ්ඩාරනායක මුදලි සහ ඔහුගේ බිරිඳ විවේක සුවය ගතකළ වේවැල් සහ දැවවලින් නිර්මිත හාන්සි පුටු දෙකක් වලව්වේ ප්‍රධාන පිවිසුම අසල වර්තමානයේ දී ද දක්නට තිබේ. 
 
වලව්වේ බිම් මහලේ ඇති ආලින්දය පසුකාලීනව අගමැති බණ්ඩාරනායකගේ දේශපාලන හිතවතුන් සහ පාක්ෂිකයන් සමග සාකච්ඡා කිරීම සඳහා යොදාගෙන ඇති අතර, ආලින්දයට දකුණු පසින් තිබෙන කාමරය බණ්ඩාරනායක මහාමුදලිගේ කාර්යාලය ලෙසත්, ඊට ඉදිරිපසින් ඇති කාමරය ඔහුගේ ලියන මහත්මයාගේ කාර්යාලය ලෙසත් භාවිතා කර ඇත. 
 
ආලින්දයේ බිමට විදෙස් රටවලින් ගෙන්වන ලද අලංකාර පිඟන් ගඩොල් අල්ලා තිබේ.
 
බණ්ඩාරනායකවරුන්ගේ නිදන කාමර පිහිටා තිබෙන්නේ උඩු මහලේ වන අතර ඊට පිවිසීම සඳහා සම්පූර්ණයෙන්ම දැවයෙන් කරන ලද, ඉතා අලංකාර සහ සියුම් කැටයම් සහිත පියගැට පෙළක් තනා තිබේ. 
 
එය වම්පසින් සහ දකුණුපසින් යන දෙපසින්ම උඩුමහල දක්වා දිවෙන අතර, පියගැට පෙළ අවසන් වන තැන, එනම් උඩුමහලට පිවිසෙන දෙපස, වලව්ව භාරයේ සිටි ඇතුන්ගෙන් ලබාගත් දැවැන්ත ඇත්දළ දෙකක් තබා ඇත. 
 
ඉහළ මහලේ වම්පස පිහිටි කාමරය බණ්ඩාරනායක මහාමුදලිගේ නිදන කාමරය වන අතර, ඊට අලලා විශාල නාන කාමරයක් ද දක්නට ලැබේ. 
 
ඊට යාබදව පිහිටි නිදන කාමරය බණ්ඩාරනායක- සිරිමාවෝ යුවළගේ නිදන කාමරය වන අතර ඊට යාබදව ද තරමක් විශාල නාන කාමරයක් සාදා ඇත. 
 
හොරගොල්ල වලව්වේ දැකිය හැකි එක් විශේෂත්වයක් වන්නේ සෑම නිදන කාමරයකටම යාබදව නාන කාමරයක් ඉදිකර තිබීම යි.
 
ඉපැරැණි පිඟන් භාණ්ඩ
 
ඉහළ මහලේ පිහිටි ආලින්දය බණ්ඩාරනායක පවුලේ සාමාජිකයින් සහ සමීපතමයින් පැමිණි අවස්ථාවල දී රැඳීසිටි ස්ථානය වන අතර, එම ආලින්දයේ බිත්ති මත බණ්ඩාරනායක මුදලි, බණ්ඩාරනායක අගමැති, සිරිමාවෝ අගමැතිනි, සහ බණ්ඩාරනායක පවුලේ අනෙකුත් ආදිතමයින්ගේ විශාල ප්‍රමාණයේ සිතුවම් එල්ලා ඇත. 
 
ඊට අමතරව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අඳින ලද සිතුවම් ද එහි දක්නට ලැබීම විශේෂත්වයකි. 
 
උඩුමහලේ ආලින්දයේ විදුරු අල්මාරි තුළ විවිධ රටවලින් ගෙන්වන ලද ඉතා වටිනා විසිතුරු භාණ්ඩ දැකිය හැකි අතර, එකිනෙකට ගැලපෙන හැඩයන් සහ වර්ණයන්ගෙන් යුතු ගෘහ භාණ්ඩ ද එහි දක්නට ලැබේ. 
 
පවුලේ අය සහ අමුත්තන් ආහාර ගැනීම සඳහා භාවිත කරන ලද කෑම කාමරය වලව්වේ පහත මහලේ පිහිටා ඇත. 
 
එහි බණ්ඩාරනායක පවුලේ ආදිතමයින් මුදල් තැන්පත් කිරීම සඳහා භාවිතා කළ සේප්පුවක්, විදුරු අල්මාරිවල තබා ඇති ඉතා වටිනා, ඉපැරණි පිඟන් භාණ්ඩත් දැකිය හැකිය. 
 
වලව්වේ සේවකයින්ට එහි ඉහළ මහලට පිවිසීම සඳහා භාවිත කරන්නට සිදුවූ, නිවසට පිටත ඉදිකරන ලද ලෝහමය පියගැට පෙළක් අද ද දැකිය හැකි අතර, එම පියගැට පෙළට යාබදව ගබඩා කාමර සහ සේවකයින්ගේ කාමර දැකිය හැකියි.
 
වලව්වේ වත්මන් හිමිකාරිය- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
 
පසුකාලීනව සොලොමන් ඩයස් බණ්ඩාරනායක මහාමුදලි විසින් වලව්වේ සේවය කළ සහ ඔහුට පක්ෂපාතී වූ අයට තවකෙකුට පැවැරිය නොහැකි වන පරිදි යම් ඉඩම් ප්‍රමාණයක් ලියා දී ඇත. 
 
ඔහු තමාට වෙදකම් කළ 'තිහාරියේ රාළ' සහ නිවසේ මෙහෙකාරියට ද ඉඩම් අක්කර හතළිහ බැගින් ලියා දී තිබෙන බව කියයි. 
 
සියලු ඉඩම් පරිත්‍යාගවලින් පසුව බණ්ඩාරනායක අගමැතිගේ කාලය වනවිට ඉතිරිව ඇත්තේ හොරගොල්ල වලව්ව හා අක්කර තුන්දහසක භූමි ප්‍රමාණයකි. 
 
1972 සිරිමාවා් බණ්ඩාරනායක රජය සමයේ දී ගෙන එන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මඟින් තවත් ඉඩම් ප්‍රමාණයක් රජයට පවරාදීමත් සමග, මැතිණියට සහ දරුවන් තිදෙනාට ඉඩම් අක්කර 50 බැගින් හිමිවූ අතර, ඒ අනුව බණ්ඩාරනායක පවුලට අයත් ඉඩම් ප්‍රමාණය අක්කර 200ක් දක්වා අඩු විය. 
 
මේ අක්කර 200න් ද යම් කොටසක් මහජන සුබසිද්ධිය පිණිස පිහිටුවන ලද පොදු ආයතන කිහිපයක් සඳහා පවරා දී තිබේ. 
 
නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විදුහල පිහිටුවා ඇති ඉඩම, 1999 ජනවාරි 08 දින විවෘත වූ හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය, 1973 ඔක්තෝබර් 5 දින ගැසට් කරන ලද හොරගොල්ල ජාතික අභයභූමිය ඒවා අතරින් ප්‍රධාන ය. 
 
බණ්ඩාරනායක- සිරිමාවෝ යුවළගේ සහ අනුර බණ්ඩාරනායක වෙනුවෙන් තැනූ 'බණ්ඩාරනායක සමාධිය' ද සහිතව හොරගොල්ල වලව්වට අයත් භූමිය අද වන විට අක්කර කිහිපයකට පමණක් සීමා වී තිබේ. 
 
බණ්ඩාරනායක පරපුරේ සාමාජිකාවක වන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වර්තමානයේ හොරගොල්ල වලව්වේ වෙසෙයි.
ගයාන් සමරවීර 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top