Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
13
අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව පවත්වාගෙන යාමට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි

- අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව පවත්වාගෙන යාමට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ මේ වනවිට විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණය හමුවේ  ඉල්ලා සිටියා.

ඒ මෙම නඩුව  චම්පා ජානකී රාජරත්නල දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදී අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

ඒ අදාළ නඩුව අද පෙරවරුවේ චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

2015 වසරේ පෙබරවාරි මාසයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවට විත්තිකරුවන් වූ අදාළ සැකකරුවන් දෙදෙනා මේ වනවිටත් විදේශගතව සිටින බවයි වාර්තා වන්නේ.

 නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතරල ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් ලඑය සක්‍රීයව පවතින බවත්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

එම උදර්පණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා කාලය ගත වන හෙයින් ලවිත්තිකාර පළමු පාර්ශ්වය රහිතව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවයි  අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී දැනුම් දුන්නේ.

මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා මේ වන විට මැලේසියාවේ වාසය කරන බවට අධිකරණයට තොරතුරු ලැබී තිබෙනවා.

උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින්ල එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් නාවාන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුවල අදාළ නඩුව යළි දෙසැම්බර් මස 03 වනදා කැඳවීමට නියමිත අතරල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙයවීමට පියවර ගන්නා ලෙසට ද පැමිණිල්ලට නියෝග කෙරුණා.

එහිදී අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක්  පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ උදර්පණ ක්‍රියාවලියේ ප්‍රගතියක් පවතී නම් ලඒ පිළිබඳ මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසට ද නියෝග කළා.

2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව භූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ල එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරිල පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරු වන අර්ජුන් ඇලෝසියස්ල ජෙෆ්රි ඇලෝසියස් සහ සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම  නඩුව ගොනු කරනු ලැබුවා.

 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top