Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
"ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා, ළමයාත් නැති වුණා. වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා"...

- "ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා, ළමයාත් නැති වුණා. වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා"...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
"ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා..." යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වු පියෙක් හඬා වැලපෙමින් කියයි.

බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු අශේන් සිසුවාගේ මළ සිරුර ඔහු පදිංචි නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී සොයාගැනීමෙන් අනතුරුව අශේන්ගේ පියා හඬා වැලපෙමින් එසේ ආයාචනා කළේය. 
 
මෝලි වික්‍රමාරච්චි (46) හා අශෝකා රංජනී (43) දෙපලගේ කුරුලු කැදැල්ලට මීට වසර පහළොවකට පෙර හා හා පුරා එකතු වූ ඉසුරු අශේන් බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දීප්තිමත් සිසුවෙකි. 
 
මව්පිය දෙපළට ඇස් දෙකව සිටි අශේන් ඔවුන්ගේ ආදරය මෙන්න අසල්වාසීන්ගේ මෙන්ම ඥාතීන්ගේ ආදරය නොමදව දිනා ගනිමින් කෙළිදෙලෙන් ගත කළ දරුවෙක් බව අසල්වාසීන් පවසයි. 
 
''දරුවා ළඟ තිබුණෙ පරණ ෆෝන් එක දෙපාරක් කැඩුණ නිසා එයාට අලුත් පෝන් එකක් අරන් දුන්නේ ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යන්න. රුපියල් 33,000 ක් වටිනා ෆෝන් එක මාස හයක් ගෙවීමේ පදනම මත තමයි මම අරගෙන දුන්නේ. ඔන්ලයින් අධ්‍යාපනය නැති වුණාට පස්සෙත් පුතා නිතරම ෆෝන් එකේ තමයි හිටියෙ. ඒත් අපි හිතුවේ නෑ පුතා මේ වගේ විපතක් කරගනි කියලා.  ඊයේ දහවල් මමයි පුතයි විතරයි ගෙදර හිටියේ. ,එයාගේ අම්මා වැඩට ගිහින්. අපි දෙන්නම සාලෙ ඉඳගෙන කතා කර කර ටීවී බැලුවා.පස්සෙ මම දැක්කා එයා ගේම් ගහනවා., දවල් වෙනකොට අපි දෙන්නම බත් කෑවා සාලයේ ඉඳගෙනම.,කකුළුවෝ උයලා තිබුණා. පුතා හරිම ආසාවෙන් බත් කෑවා. අනේ ඒ වෙලාවෙ මගේ පුතා මගෙන් ඇහුව තාත්තෙ පොකිරිස්සෝ ගේන්න බැරිද කියලා.මම කිව්වා පුතේ මම ගෙනත් දෙන්නම් කියලා. කෑම කාල ඉවර වෙලා මම පුවක් කපන්න පටන් ගත්තා. පුතා කාමරේට ගියා. මම හිතුවා නිදාගන්න යන්න ඇති කියලා. දවල් 2.45ට විතර පහළ කඩෙන් මට කෝල් එකක් ආවා. බුලත් විට එකක්වත් නෑ ගේන්න කියලා.මම ඒ එක්කම පුතේ කිව්වා,  පුතා ටක් ගාලා ආවා. ඒ එක්කම මම පුතාට කිව්වා පුතේ විට ටික ඉක්මනට ඔතන්න ඕනෙයි කියලා. අනේ ඒ වෙලා අපේ පුතා මට කිව්වා තාත්තා පුවක් ටික පළල දෙන්න,මම ඉක්මනට ඔතන්නම් කියලා.මම බුලත් විට ටික බෑග් එකට විට ටික දාගෙන ඉස්සරහට එතකොට පුතත් මගේ පස්සෙන්ම ආවා.පස්සෙ මම ත්‍රීවිල් එකක් අරං කඩේට යන්න ගියා. පැයකට විතර පස්සේ මම ගෙදර ඇවිල්ලා පුතේ කියලා කතා කරත් එයා කතා කරේ නැහැ.පුතාගේ පුරුද්දක් තිබ්බා, මම කොහේ ඉඳලා එක පාරක් කතා කලත් ඇයි තාත්තා කියලා අහනවා.මම කාමරයේ බැලුවා ඒත් පුතා පේන්න හිටියේ නැහැ.මම හිතුවා එයා බත් කන්න කුස්සියට යන්න ඇති කියලා. මම කුස්සියට ගිහින් බලනකොට පුතා කොන්ක්‍රීට් එකේ එල්ලිලා ඉන්නව දැක්කා. මම පැනපු ගමන් පුතාව අල්ලගෙන උඩට ඉස්සුවා. පුතාගේ බෙල්ලෙ තිබෙන ගැටය ලිහන්න උත්සහ කරත් මට ඒක කරන්න බැරි වුණා. මම කාන්ති අක්කෙ, රංජනී අක්කේ කියලා හයියෙන් කෑ ගැහුවා කට්ටිය දුවගෙන ආවා ගෙදරට. අපි එකතු වෙලා පුතාගේ බෙල්ලෙ තියෙන ලණුව ලිහුවා. විනාඩි 5ක පමණ කාලයකදී හොරණ ඉස්පිරිතාලෙට ගියත් මගේ පුතාගේ ජීවිතේ නැතිවෙලා අනේ අයියෝ'' 
 
දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමේදී දරුවාගේ කාමරය තුළ තැන තැන සඟවා තිබූ පාවිච්චි කරන ලද විවිධ මිල ගණන් සඳහන් ඩේටා කාඩ් 50කට ආසන්න ප්‍රමාණයක්,  ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම සඳහාම උපයෝගී කරගන්නා මාපට ඇඟිලි ආවරණ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
 
තවද ඔහුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එහි තිබූ ඡායාරූප පන්සීයකට ආසන්න ප්‍රමාණයක්, ගේම් ඡායාරූප මෙන්ම ඊට අදාළ වැකි සටහන්ව තිබූ බව පොලීසිය සඳහන් කරයි.
 
ඒ අනුව එම දරුවා දැඩිව ගේම් ගැසීම සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවට අනාවරණය වෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top