Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
"මම මැරෙන්න බය නෑ. මගේ ජීවිතේ ගොඩක් හැල හැප්පිලි තියෙනවා.මම බෙල්ලෙ වැල දාගන්න එල්ලිලා ඉද්දි මගේ තාත්තයි, අයියයි ඇවිල්ල මාව ගලවගෙන බේරගෙන තියෙනවා" චතූ මුණසිංහ... කියවන්න මේ ඇගේ කතාව

- "මම මැරෙන්න බය නෑ. මගේ ජීවිතේ ගොඩක් හැල හැප්පිලි තියෙනවා.මම බෙල්ලෙ වැල දාගන්න එල්ලිලා ඉද්දි මගේ තාත්තයි, අයියයි ඇවිල්ල මාව ගලවගෙන බේරගෙන තියෙනවා" චතූ මුණසිංහ... කියවන්න මේ ඇගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,096 Views
චතූ මුණසිංහ කියන නම බොහෝ දෙනෙකුට සමීප නොවුනාට ඒ රුව දුටු ගමන් ඒ කවුද කියලා බොහෝ දෙනෙක් දන්නවා. 
 
පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතූ බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුණා. 
 
එසේම සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ ආදරය දිනු චතූ ඊයේ සදහටම සමුගත්ත. 
 
කලකට පෙර youtube නාලිකාවක සම්මුක සාකච්ඡාවකට එක් වුණු ඇගේ කතාව අපි කියන්නේ කාටත් ආදර්ශයක් නිසා. කියවන්න මේ ඇගේ කතාව

මගේ සම්පූර්ණ නම උදාරි චතුරිකා මුණසිංහ. මම පාසල් ගියේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට. පවුලේ ඉන්නේ මමයි හස්බනුයි මගේ දුවලා දෙන්නයි. 
 
අවුරුදු 16 දී O/L කරලා ඉවර උනාට පස්සේ buying office එක වැඩ කරා. ඊට පස්සේ australian high commission එකේ front ඔෆිස් එකේ වැඩ කරා. 
 
ඊට පස්සේ මෙඩිකල් කම්පැනි එක්ක වැඩ කරා. එහෙම වැඩ කරගෙන ඇවිල්ල දැන් garment එකක් කරනවා. ඊට අමතරව මේ ලඟදි resturent එකක් open කරා. 
 
අසනීප තත්වයෙන් පස්සේ ඒක ආයෙත් වැහුවා. වෙළඳ දැන්වීම් හත අටකට වගේ මම දායක වෙලා තියෙනවා. 
 
මම මැරෙන්න බය නෑ. මගේ ජීවිතේ ගොඩක් හැල හැප්පිලි තියෙනවා. මම බෙල්ලෙ වැල දාගන්න එල්ලිලා ඉද්දි මගේ තාත්තයි අයියයි ඇවිල්ල මාව ගලවගෙන බේරගෙන තියෙනවා. මට දැන් අවුරුදු 34යි. 
 
2020 නොවැම්බර් වගේ වෙනකොට මට කෑම කන්න බැරි කමක් ආවා. කටවල් දෙක තුනක් කනකොට මට ඉස්මුරුත්තාවට වගේ එනවා. හස්බන් මට බැන්නා මම කෙට්ටු වෙන්න හදනවා, මම ඩයට් කරනවා කියලා. 
 
මට හිතුණේ ගෙදර වැඩ නිසා Factory එකේ වැඩ නිසා මට හරියට කෑමක් ගන්න බැහැ කියලා. ඊට පස්සේ මට කොන්දේ අමාරුවක් ආවා. මම ඒක ගණන් ගත්තෙත් නෑ. 
 
මේක වාත කියලා හිතලා මම ෆාමසියකින් තෙල් පාවා ගෙනැල්ලා ගෑවා. මට අමාරුව වැඩිම තැන මම family ඩොක්ටර් ගාවට ගියා.
 
එයා තමයි මගේ ලෙඩේ හඳුනගත්තේ. Pain killer දුන්නා. දවසක් දෙකක් තුනක් යනකොට දරුවකු ප්‍රසූත කරන කොට එන වේදනාව මට ආවා. ඒ බයටම තමයි ඩොක්ටර් මට කිව්වේ අපි ගිහිල්ලා scan එකක් කරමු කියලා. 
 
ඒක කලාට පස්සේ තමයි දැනගන්න ලැබුණේ අග්න්‍යාශයේ එහෙම නැත්නම් ලෝකේ තියෙන දරුණුම පිළිකාවන්ගෙන් එකක් මට හැදිලා කියලා. ඇල දිව කියන තැන හැදිලා අග්න්‍යාශයේ ලීවරය දක්වා පැතිරිලා ගිහිලා තිබුණා.
 
Operation එකක් කරන්න බැරි තත්වයක ඉන්නේ. ඒ කියන්නේ ලෙඩේ හොයාගන්නකොටම හොද කරන්න බෑ කියලා දැනගන්න ලැබුණා. Cancer එකේදි සෑහෙන්න මානසිකව වැටෙනවා. Cancer එකක් දකින්නේ මේක හැදුනට පස්සේ ඉවරයි කියලා. 
 
කැන්සර් එකක් හැදුනට පස්සේ නෑදෑයො පවා කියන්නේ ටක් ගාලා ගිහින් බලන්න එයාව මැරෙන්න කලින් කියලා. මේක අපේ සමාජයේ තියන අවුලක්. 
 
මැරෙන්න කලින් බලන්න තමයි කට්ටිය එන්නේ. Cancer ,එකකින් ජීවිතය තේරුම් ගන්න පුළුවන් තැනට මම එයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. කැන්සර් එකක් කිව්වට පස්සේ මම හයියෙන් කෑ ගහලා ඇඬුවා. සෑහෙන්නේ ඇඬුවා. 
 
මම දෙවියන්ගෙන් වත් ඇහුවේ නෑ ඇයි මට මෙහෙම උනේ කියලා. මට හිතුනේ එක දෙයයි. එදා මැරෙන්න බය නැති වෙච්ච මම ඇයි අද මැරෙන්න බය උනේ කියලා. 
 
පවුලේ අයත් ඇවිල්ල කියනවා මෙතන අරයා ඉන්නව මො මෙයා ඉන්න මං ඔයාව හොඳ කරන්න පුළුවන් ඔයා බයවෙන්න එපා කියලා. ඔන්න ඕකෙන් තමයි ගොඩක් අය බය වෙන්නේ. ඕක මටත් වුණා. 
 
මගෙ හස්බන් මාව ගොඩක් තේරුම් ගත්තා. එයා මගෙත් එක්කම හිටියා. ඒක මම කරපු ලොකු පිනක්. මගේ හස්බන්ඩ් තමයි මට ඇඳුම් තෝරල දෙන්නෙ එයා තමයි කියන්නේ ඔයා මෙහෙම ලස්සනට ඉන්න මෙහෙම අදින්න කියලා. 
 
එයා හරිම සැර හස්බන්ඩ් කෙනෙක් ඒත් ගෙදර ඇතුලේ හරිම වෙනස්. මහ සෙනගක් වැල කඩාගෙන එනවා කැන්සර් එකක් කියපු ගමන්. ඒක දරා ගන්න අමාරුයි බය හිතෙනවා හෙට යයිද මම කියලා sure නෑ. 
 
මේගොල්ලෝ මෙච්චර මාව් බලන් එන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. මගේ හස්බන්ඩ් හැම වෙලාවෙම මාව දකිනකොට එයාගේ ඇස් වල කඳුළු. මගේ අම්මා මට ආදරේ කරනවට වඩා එයා මට ආදරෙයි. 
 
මේ ප්‍රශ්නෙදි අපි පවුලක් විදියට ගොඩක් තනි උනා. මගේ ලොකු දුවට අවුරුදු පහළොවයි. මගේ චූටි දුවට අවුරුදු පහයි. 
 
ඒ ඇවිල්ල කියනවා අම්මේ මගේ පොකට් එකේ සල්ලි තියෙනවා මට අලුත් අම්මා කෙනෙක්ව සල්ලි දීලා ගන්න පුළුවන් කියලා. 
 
හිතාගන්නකෝ මම කොහොමද ඒ දේවල් දරාගන්න කියලා. මට හැම වෙලාවෙම කල්පනා උනේ මගේ දුවට මාව මතක තියෙයිද කියලා. පස්සේ මම තීරණය කළා මගේ චූටි දුවව ignore කරන්න. 
 
කාලයක් ගිහිල්ලා මටම තේරුනා ඒක හරියන වැඩක් නෙමෙයි කියලා. මම හිනාවෙලා ඉන්න තීරණය කරා. මගේ කොන්ඩෙ නෑ. 
 
හැබැයි ඒකත් මම මගේ ලස්සනට හරව ගත්තා. මගේ කොණ්ඩෙ හැලුනා. කොණ්ඩය නැති වුණාම මම කෑ ගහලා ඇඬුවා. මගේ කොණ්ඩේ දිගට තිබුණා මම හරි ආදරේ මගේ කොණ්ඩෙට. 
 
ප්‍රතිකාර කරලා ඇවිල්ලා කොණ්ඩේ අල්ලලා අත බලද්දි මගේ අතට කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම ගැලවිලා එනවා. මම කෑ ගහලා ඇඬුවා. ගොඩක් අය විශ්වාස කරන්නේ නෑ. අද මම එක painkiller එකක්වත් බොන්නේ නැහැ. 
 
මම හස්බන්ට කිව්ව මට බෙහෙත් එපා කියලා. මේ කැන්සර් ඒක කියන්නේ ආශිර්වාදයක්. මට හම්බුන හැමෝම මරණයට ලෑස්ති වෙලා හිටියේ. ඒ කවුරුත් හිත හදාගෙන හිටියේ නෑ. 
 
මම කැමතියි මගේ දුවලා දෙන්නා මම වගේ වෙනවට. අද කාලෙ පින් පව් කරද්දිත් judge කරනවා. මනුස්සයෙක්ට උදව් කරන්න ගියාම එයා මේ සල්ලි අරන් කුඩු ගහයි වෙන මොන හරි කරයි කියලා කියනවා. 
 
තමන්ගේ යාලුවෙක් ඇවිල්ල ගෙදර ලයිට් බිල ගෙවාගන්න බැරුව කියනවා මට කීයක් හරි දෙන්න කියලයි ලයිට් ගෙවා ගන්න. එතකොට අපි දෙනවා.අන්න ඒක තමයි පින කියන්නේ. අපි දැනගෙන නෙවෙයි පින් කරල තියෙන්නෙ. 
 
අපි මේක ගැන හිතලා site එකක් හැදුවා. ඒකෙදි ඕනම කෙනෙක්ට ඇවිල්ල පුළුවන් තව කෙනෙක්ට උදව් කරන්න. 
 
ඔයාලගේ සල්ලි අතින්වත් අල්ලන්නේ නෑ. ඔයාලා කැමති කෙනෙක්ට ඇවිල්ලා ඕන ඕන පළාතක ඕනම කෙනෙක්ට උදව් කරන්න පුළුවන්. Cancer හැදුන අය ගොඩක් ශක්තිමත්. ඒක අපි ඇඟට ගන්න ඕනේ. Treatment කරද්දී අපේ ඇඟේ ඇතුල වෙන දේවල් අපිට තේරෙනවා. 
 
ඇඟ ඇතුලෙ පිච්චෙනවා අපිට තේරෙනවා. මේක දිගින් දිගටම වෙනවා එතකොට අපිට හිතෙනවා. අපිට ගැලවිල්ලක් නෑ අපිට හැමදාම මේකේන් විඳවන්න වෙනවා. 
 
මගේ පවුලේ අයව මං මෙහෙම ඉඳගෙනත් ශක්තිමත් කරා. මං එයාලට කිව්වා යන්න තියෙන දවසක අම්මට යන්න වෙනවා කියලා. 
 
හැබැයි ඔයාලා ඉන්නකං අම්මත් එක්ක සතුටින් ඉන්න කියලා මම එයාලට කිව්වා. මේ මරණය ගැන කතා කරන්න එපා කියලා husband ගෙදරදි මුලින්ම කිව්වා . 
 
මම කිව්වා නෑ අපි මේ ගැන මේ ගෙදරදි කතා කරමු කියලා. නැත්තං ඔයාලට හිතෙයි මාත් එක්ක තව පොඩ්ඩක් හරි කතා කරන්න තිබුන නේද කියල.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top