ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සයිෆ් අලි ඛාන්ගේ පළමු විවාහයේ දරුවෙකු වන ඊබ්‍රාහිම් අලි ඛාන් මේ වනවිට බොලිවුඩ් සිනමා කාර්මාන්තයට පිවිස තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු මේ දිනවල කරන් ජෝහර් සමගින් වැඩ කරන බව තමයි පැවසෙන්නේ. ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘රොකී ඕර් රාණි කි ප්‍රේම් කහානි’ චිත්‍රපටයට.
ඊබ්‍රාහිම් මෙහි සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, කරන් ජේහර් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන බව වාර්තා වෙයි. මෙහි රන්විර් සිං හා ආලියා භාට් ප්‍රධන චරිත නිරූපණය කරනවා, කෙසේ වෙතත්, සායිෆ් නම් කියන්නේ තම පුත්‍රය නළුවෙකු විදිහට සිනමා ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවයි.