Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
"සුජානිට කෑමක් හදන්න අවශ්‍ය දේවල් ,අංක එක ෆෝන් එකක් හෝ දෙකක් කියලා බිමල් විහිළු කරනවා.." - සුජානි මේනකා කියයි

- "සුජානිට කෑමක් හදන්න අවශ්‍ය දේවල් ,අංක එක ෆෝන් එකක් හෝ දෙකක් කියලා බිමල් විහිළු කරනවා.." - සුජානි මේනකා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,078 Views
එදා වගේම අදත් අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා. ඉතුරු කිරීමේ ගුණය දෙමව්පියන්ගෙන් මට ලැබුණු වටිනාම පුරුද්දක්

මුලු තැන්ගේ යි කටයුතුත් ඒ විදිහටම හිතලා ද කරන්නේ?
ඔව්. මමයි බිමලුයි හරිම සකසුරුවම් ම අරපිරිමැස්මෙන් තමයි වැඩ කරන්නේ. අත්‍යවශ්‍ය දෙයට උපරිමයෙන්ම වියදම් කරනවා. නමුත් අවශ්‍ය නැතැයි කියල හිතෙන වියදම් කපා හරිනවා. අපි දෙන්නාගේම වෘත්තිය තුළ අපි වෙලාවක් කලාවක් නැතිව බොහොම වෙහෙස මහන්සි වෙලා මුදල් උපයන්නේ .එ නිසා සතයක්වත් අනවශ්‍ය විදියට වියදම් කරන්න අපිට හිතෙන්නේ නැහැ.
 
රසට උයන්න පුලුවන්ද
ඇත්තම කියන්න ඕනෙ. බැඳලා ආපු අලුත නම් උයන්න දන්නෙ නැහැ. ඉස්සර මම උයනකොට ෆෝන් දෙකක් දෙපැත්තේ තියාගෙන අපේ අම්මගෙන් බිමල්ගේ අම්මගෙනුයි අහගෙන තමයි කෑම හදන්නෙ. එහෙම හැදුවත් ඉතින් අනන්තවත් වරදිනවා. ඉස්සර බිමල් මට විහිළු කරනවා”
 
සුජානිට කෑමක් හදන්න අවශ්‍ය දේවල් ,අංක එක ෆෝන් එකක් හෝ දෙකක් සහ අනෙකුත් කළමනා කියලා.” අම්මෝ ඒ කාලේ උයපු විදිහ මතක් වෙනකොට ත් හිනා යනවා.
 
කෑම රස නැති උනාම බිමල්ගෙන් චෝදනා එහෙම එල්ල වෙන්නෙ නැද්ද ?
අනේ නැහැ. කවදාවත්. සමහර දවස් වලට මට හොඳටම තේරෙනවා කෑම රහ නෑ කියලා. ඒත් මම ඇහැව්වහම අනේ සොරි කෑම පොඩිඩක් අවුල් කියලා .... බිමල් කියන්නේ නෑ... නෑ ...අවුලක් නැහැ කියලා .කෑම වැරදුණු දවසට මට ම තමයි පාඩුව .මොකද රස නැති බෙරි බත් කන්න මට තමයි අමාරු.
 
කෑම හදනකොට වැරදිලා හැම නැද්ද?
අනන්තයි අප්‍රමාණයි. උයන මුල්ම කාලේ තිබුන ප්‍රධානම ගැටලුව තමයි ප්‍රමාණ ගැන නොතේරෙන එක .සමහර වෙලාවට ලොකු මුට්ටිවල දෙන්නෙකුට උයන්න ගිහින් බත් කැඳ වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා .තවත් ගොඩක් වෙලාවට පොඩි සාස්පාන් වලට හාල් ගොඩක් තියලා ඇට්ට කුණා වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනව. ඔය වගේ පුංචි පුංචි දෙවල්නම් ගොඩක් වෙලා තියෙනවා.
 
දැන් රසට කෑම හදන්න පුලුවන්ද?
ඔව්. ගොඩක් වෙලාවට කෑම හදද්දී වෙච්ච අඩුපාඩු හදාගන්න මට උදව් කරන්නෙ බිමල් .එයාට හරිම රහස ට උයන්න පුළුවන් රසය ගුණය පෝෂණය වගේම පෙනුමත් කෑම පිඟානකට වැදගත් කියලා බිමල් හැමතිස්සෙම මට කියනවා .එයා කියන්නේ කෑම පිඟානේ පාට ගොඩක් තියනකොට ලස්සනයි කියලා .සමහර එලවලු ගොඩක් මල වන්නේ නෑ .සමහර ඒවා මිරිසට යි රස. සමහර ඒව කිරට හදන්න ඔනෙ. ඒ වගේ හැමදේම මට කියලා දුන්නා ..
 
ඔබ දැන් හදන කෑම වලින් හැමෝම අසාවෙන් කන්නේ මොනවද?
අපි දෙන්නගෙම අම්මලා ගෙදර ආපුහාම ගෙට ගොඩ වෙන්නෙ” ඔන්න සුජානි අද නම් කෑම වෙලාවට මැල්ලුමක් ඕනේ ම යි කියාලා. ඇත්තටම පාට වෙනස් වෙන්නෙ නැතුව හරිම රසට මැල්ලුම් හදන්න මට හොඳට පුළුවන්. දැන් මම හදන හාල්මැස්සො තෙල් දලා, පරිප්පුයි, පොල් සම්බෝලයි ,රතු බතුයි කන්නත් ගෙදරට එන හැමෝම කැමතියි. විදේශ රටක ඉන්න අපේ යාලුවෙ ලංකාවට ආවත් ඔය කෑම වේල නම් මගෙන් ඉල්ලනවා මයි. මාලුවර්ගත් හරිම රසට උයන්න මට පුළුවන් .
 
සමාන්‍ය කෑම හදන්න ලොකු වෙලාවක් යනවද?
හදන කෑම අනුව කාලය වෙනස් වෙනවා.සමහර දවසට ඉතින් අපි දෙන්නම ගෙදර ඉන්නවනම් ෆිල්ම් එකක් එහෙම බලලා බඩගිනි වෙනකොට මතක් වෙන්නේ උයලා නෑ කියලා. ඒ වෙලාවට ඉතින් දෙන්නම කුස්සියට ඇවිත් පහසු දෙයක් හදාගෙන කන වෙලාවල් තියෙනවා .එහෙම නැත්නම් නිවාඩු පාඩුවේ රසට කෑම හදාගෙන කන වෙලාවලුත් තියෙනවා. බිමල්ට හරි ඉක්මනට රසට කෑම උයන්න පුළුවන්. රාජකාරි බහුල වෙලාවට එයා ගෙන් ලැබෙන සහයෝගය නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.
 
උයන වේලාවට ඔහු උදව් කරනවාද?
අපොයි ඔව් ....අපි දෙන්නම එකතු වෙලා තමයි උයන්නේ.
 
මුළුතැන්ගෙයි කටයුතු කරන එක වදයක් විදියට දැනිලා නැද්ද?
නැහැ .වෘත්තීය ස්වභාවයත් එක්ක අපි දෙන්නටම නිවසේ රැඳන කාලය හරිම අඩුයි. ඒ නිසා ඉතින් දෙන්නම ගෙදර ඉන්න දවසට හරිම ආසාවෙන් උයනවා . ඉවුම් පියුම් කියන්නේ කලාවක් නෑ ඒ කලාව හරිම ඉහලින් මම රස විදිනවා මගේ තවත් විනෝදයක් තමයි කෑම රස බලන එක අපේ ලංකාවේ විවිධ පළාත් වලට ගියහම වගේම ලෝකේ ගොඩක් රටවලට ගියාම මම හරිම ආසයි එකම කෑම වර්ග විවිධ රස වලින් විඳින්න .
 
කාන්තාවක් සතුටින් වැඩ කරන්න ඕනේ ද?
ඔව් මම හිතෙනවා එහෙම වෙනවා නම් පවුලේ සමගියත් රැකෙනවා කියලා .සාමාන්‍යයෙන් මම කෑම හදලා පිළිගන්වන්නේ කෑමේ රස දිව ට දැනෙන්න කලින් කෑම දැක්ක ගමන් ම හදවතට සතුටු දැනෙන විදිහට .ඒ නිසා කෑම පිඟානේ ලස්සන හිනාවෙන මුහුණු, සමහර ධනාත්මක සිතුවිලි මතු වෙන විදිහට ලියවුණු තේ කෝප්ප ,පිඟන් වගේ දේවල් මං අපි දෙන්නට පාවිච්චි කරනවා .
 
මුලු තැන්ගේ පිරිසිදු කිරීම් කටයුතු කොහොමද කරන්නේ?
ගෙදර අනිත් තැන් වලට වඩා දශමයක් හරි මං වැඩිපුර මුල්තැන දෙන්නේ කුස්සියට. කුස්සිය හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදු ව තිබ්බේ නැත්නම් මට රෑට නින්ද යන්නෙත් නැහැ .මොනතරම් රෑ වෙලා ගෙදර ආවත් කුස්සි අස් කරලා තමයි මම නිදාගන්නෙ. එක මගේ පුරුද්දක්. ගෙ පිළිවෙලට තියෙනවා කියන්නේ පහුවෙනිදාට වැඩ කරන්න හරිම පහසුයි.
 
යූටියුබ් එක බල්ලත් කෑම බිම හදනවද?
අපෝ නෑ කවදාවත් යූටියුබ් එකෙන් බලලානම් මං කෑම හදලා නැහැ. ඕනෑම කෑමක් සුපිරියටම හදන්න පුළුවන් සුපිරි ම කට්ටිය මගේ ලග ඉන්නවා .මට හදන්න ඕනේ මොනවද?.... එක ටෙලිෆෝන් කෝල් එකෙන් හරි..... ගෙදරටම ඇවිත් හරි ඇවිල්ල කියල දෙන්න තරම් ඒ ගොල්ල මට හරිම ආදරෙයි..බත් ද , වෑංජන ද, අතුරුපස ද කැවිලි ද ඕනෑම දෙයක් එ විදිහට අහගෙන හදන්න මට පුළුවන් ...
 
උයන්න අවශ්‍ය තුන පහ වර්ග ගෙදරදි ම හද ගන්නවද?
මම ගෙදර හැදුවේ නැති වුණාට අම්මලා දෙන්නම ගෙදර එනකොට මිරිස් කුඩු, තුනපහ, බැදපු තුන පහ කුරුඳුපොතු ගම්බිරිස් හැමදේම අරගෙන එනවා .ඒ නිසා ඉතින් රසවත් කෑම හදන්නෙ ගෙදරම හදපු තුනපහ වලින් තමයි.උයන්න මැටි ඇතිලි විතරක්ම පාවිච්චි කරන නිසා කෑම කොහොමත් රහසයි.
 
කෑම හදන කොට හදන කොට ටීවී බලන්න රේඩියෝ අහන කැමැත්තක් තියෙනව ද?
නැහැ මම කැමති උයන වෙලාවට ඒ වැඬේට හිත යොමු කරලා කරන්න .
 
මුළුතැන්ගෙයි කටයුතු කරන එක වදයක් විදියට දැනිලා නැද්ද?
නැහැ වෘත්තීය ස්වභාවයක් අපි දෙන්නාටම නිවසේ රැ​ඳන කාලය හරි අඩුයි ඒ නිසා දෙන්නම ගෙදර ඉන්න දවසට හරිම ආසාවෙන් උයනවා .ඉයුම් පියුම් කියන්නේ කලාවක් නෑ ඒ කලාව හරිම යළි මම රසවිඳිනවා මගේ තවත් විනෝදයක් තමයි කෑම රස බලන එක අපේ ලංකාවේ විවිධ පළාත් වලට ගියහම වගේම ලෝකයේ ගොඩක් රට වලට ගියාම මම හරිම ආසයි එකම කෑම වර්ගය විවිධ රස වලින් විදින්න.
 
මුළුතැන්ගෙයි කළමනාකාරිත්වය වෙනුවෙන් මොනවද කරන්නේ?
අවශ්‍ය බඩු අවශ්‍ය ප්‍රමාණයෙන් එකම වෙලාවක දී ගන්න උත්සාහ කරනවා. දෙන්නම ගෙදර නැත්නම් බඩු පුරවගන්න ගන්න උත්සාහ කරන්නේ නැහැ .
 
බිරිඳක් පිලිවෙලට පිරිසිදු ඉන්න එක ගැන මොකද හිතන්නේ අනිවාර්යෙන්ම විය යුතු දෙයක් එහෙම නැතුව රාත්‍රී ඇඳ මෙන්ම උදෑසන කාලයේ දහවල් කාලය ගත කිරීම හරි මාස ඔබ නයි නයි නිවසේ ඉන්න දවසට මුළුතැන්ගේ වැඩ කරන්න මං වෙනම ඇඳුම් තියාගෙන ඉන්නවා මේ ඇඳුම් ඇඳගෙන උයලා කුස්සිය අස් කරල මමත් පිරිසිදු වෙලා තමයි කෑම මේසෙට වාඩි වෙන්නේ.
 
මුළුතැන්ගෙයි කටයුතු බිරිඳකට විතරක් අයිති දෙයක් ද?
නැහැ .එවැනි පටු අදහස් බොහොමයක් දෑ සමාජයෙන් ඉවත් වෙලා කියලයි මටනම් හිතෙන්නේ හිතෙන්නෙ තරුණ විවාහ වන පිරිස් අතර බොහොම සහයෝගයක් තියෙනවා . එක හරිම සතුටුදායක කරුණක් .
 
අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top