Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
"යාලුවෙක් එක්ක ඇවිත් මහා රෑ මත්ද්‍රව්‍ය ගන්න හැදුවා.." - මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

- "යාලුවෙක් එක්ක ඇවිත් මහා රෑ මත්ද්‍රව්‍ය ගන්න හැදුවා.." - මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
මහරගම පොලිස් වසමේ දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක ජීවත්වන පුද්ගලයෙකු 11 වන දින අලූයම එකට පමණ තම බිරිඳ සමග ඇතිවූ ආරවුලක් මත මවට සහ බිරිඳට මන්නයකින් කොටා තුවාල සිදුකර පැල්පත් නිවසටද ගිනි තබා පළා ගොස් ඇති බවත් පැල්පත් නිවස ගිනි ගනිමින් තිබියදී අවට ප්‍රදේශවාසීන් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථයක් කැඳවා මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පැවැත්වූ බව මහරගම පොලිසිය පවසනවා.

මෙම නිවසේ පදිංචි පුද්ගලයා තම මිතුරෙකු සමග නිවසට පැමිණ නිවස තුළ සිට අයිස් නමැති මත්ද්‍රව්‍ය පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එයට විරුද්ධව බැණ වැදුණු බිරිඳ සමග උරණ වූ මෙම පුද්ගලයා මාළු කැපීම සඳහා උපයෝගී කරගන්නා තියුණු මන්නයක් වැනි ආයුධයක් ගෙන බිරිඳගේ ගෙල ප්‍රදේශයට කෙටීමට යාමේදී බිරිඳ එම මන්නා පහර වැළැක්වීම සඳහා අත අල්ලා ඇති බවත් එවිට ඇයගේ අතේ වැලමිටට පහලින් කැපී ඇති බව දුටු මෙම පුද්ගලයාගේ මව විසින් එම ආරවුල විසඳීමට මැදිහත් වූ අවස්ථාවේදී මවටද පා පහරක් මෙන්ම මන්නා පහරක් එල්ල කර නිවසට ගිනි තබන බව පවසා පළා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කර සිටිනවා. 
 
සිද්ධිය සිදුවී මද වේලාවකට පසුව බිරිඳ සහ මව කැපුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පෞද්ගලික රෝහලක් වෙත ගියද ආරවුලක් මත ඇතිවූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් පොලිසිය දැනුවත් කර රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස ලැබුණු උපදෙස් මත නැවත නිවෙස වෙත පැමිණ රෝහල වෙත යන අදහසින් නිවසට පැමිණෙන විටත් සැමියා පැමිණ නිවසට ගිනි තබා පළාගොස් තිබූ බව පහරකෑමට ලක්වූ කාන්තාව පොලිසිය හමුවේ කියා තිබෙනවා. 
 
නිවස තුළින් විශාල ගිනි දළු සහ දුමාරයක් පිටවූ බවත් එම අවස්ථාවේදී යුහුසුළුව ක්‍රියාත්මක වූ පැල්පත්වාසී පුද්ගලයන් විසින් ජලය රැගෙනවිත් ගින්න පාලනය කිරීම සඳහා උත්සහ කළ ද එය වැළැක්වීමට නොහැකි බැවින් දුරකථන මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන් සහ ගිනි භටයින් පැමිණ ගින්න මැඩ පැවැත්වූ බවත් සඳහන්. ගිනි ගැනීම හේතුවෙන් නිවස තුළ තිබූ සියලූ‍ම බඩුබාහිරාදිය විනාශ වී ගොස් ඇඳි වත පමණක් ඉතිරිව තිබූ බවත් ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට යුහුසුළුව කටයුතු සිදු කළේ නැතිනම් විනාඩි කිහිපයක් තුළ මුළු නිවාස පේළියම ගිනි ඇවිලී මීට වඩා දරුණු ඛේදවාචකයට මුහුණ දීමට සිදුවන බවද පැවසෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top