ගෑස් සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් පහකින් මිල ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ.
මේ අතර ආපනශාලාවල අලෙවිකරණ ආහාර ද්‍රව්‍යවල මෙන්ම තේ කෝප්පයක මිල ද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
පාලන මිල ඉවත් කිරීමත් සමඟ අද සිට රුපියල් 10කින් තිරිඟු පිටි මිල ඉහල දැමූ බව සෙරන්ඩිබ් සමාගමේ අලෙවි සහ සන්නිවේදන අංශ ප්‍රධානී කාලිංග විජේසේකර ප්‍රකාශ කළා.
එහෙත් ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ගණන් ඉහළ දමන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම් දීමක් සිදු කර නැහැ.