Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
"මට පෙම්වතෙක් ඉන්නවා, අපේ සම්බන්ධයට දැන් අවුරුදු හතරක් වෙනවා, එයා ව්‍යාපාරිකයෙක්.." - මේධා ජයරත්න පළමු වරට පෙම්වතා ගැන කියයි

- "මට පෙම්වතෙක් ඉන්නවා, අපේ සම්බන්ධයට දැන් අවුරුදු හතරක් වෙනවා, එයා ව්‍යාපාරිකයෙක්.." - මේධා ජයරත්න පළමු වරට පෙම්වතා ගැන කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76,134 Views
"දුක් විඳලා හම්බ කරන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ එයා වියදම් කරන නිසා..."
 
 " තනියම ජිවත් වෙනවා කියලා දන්න නිසා මොනවා හරි කරගන්න පුළුවන් කියලයි හිතන්නේ..." 
 
මේධා ජයරත්න කියන නම ඒ රූපය නොදන්න කෙනෙක් නැහැ. කටහඬ ඇහුනත් ඒ කවුද මොනවාද කරන්නේ කියලා කවුරුත් දන්නවා. නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබෙන මේධා පසුගිය කාලේ හිරු මෙගාස්ටාර් වැඩසටහන තුළිනුත් දැකගන්න ලැබුනා. තනිකඩ ජිවිතයක් ගත කරන මේධා දැන් පෙම්වතියක් කියලයි කියන්නේ. ඒ ගැන වගේම මේධාගේ අලුත් තොරතුරු දැන ගන්න අපි හිරුත් එක්ක ඇයව සම්බන්ධ කර ගත්තා. මේ මේධා ජයරත්නගේ අලුත්ම තොරතුරු ගැනයි.

කොරෝනා වසංගත තත්වයත් එක්ක රටත් වහලා තිබ්බා, ඒ නිසා නිදහසේ කාලය ගත කළාද එහෙම නැතිනම් නිර්මාණ එක්ක එකතු වෙලා හිටියද..?
කොරෝනා කියලා නැහැ. ටෙලි නාට්‍ය තුනකට සම්බන්ධ වූණා. නාට්‍ය දෙකක රූගත කිරීම් පිට පළාත්වල කලේ . එක නිර්මාණයක් කොළඹ රූගත කලේ. සමහර දවස්වලට වැඩ ඉවර කරලා ගෙදර එන්නේ පාන්දර. ඩ්‍රයිවර්ට නිදිමත නම් මම තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නෙත්. එහෙම නිදහසේ කාලය ගත කරන්න ලැබුනේ නැහැ. ඒ වගේම කියන්න ඕන මම හිරු මෙගා ස්ටාර්ස් සීසන් 3 වැඩසටහනේ තරගකරුවන් 16 අතරට ආව.මම හිතුවේ නැහැ මට ඒ තරම් දුරක් එන්න පුළුවන් කියලා. මම හිතුවේ මුලින්ම කැපිලා යයි කියලා. නමුත් 16 අතරට ආ නිසා ක්ෂේත්‍රයේ අය පවා මගේ දක්ෂතා ගැන කතා කළා. ඇත්තම කිව්වොත් ඉන් පස්සේ මට නිර්මාණ බොහොමයකට ආරාධනා පවා ආව.
 
මේ වෙහෙසකර බව කරදරයක් කියලා හිතිලා නැද්ද..?
වෙහෙසයි. නමුත් දැන් අපි ඒකට හුරු වෙලා. අනිත් එක පිට පළාත් රූගත කරද්දී ඒ පරිසරය විදින්න අවස්ථාව ලැබෙනවා. ඒකත් ලොකු වෙනසක් ජිවිතයට. විවිධ පරිසර එක්ක ජිවත් වෙන්න ලැබීම. ඒ නිසා මහන්සියක් ගැන හිතන්නේ නැහැ.
 
මේ හැමදේම අතහැරලා නිදහසේ හිටියා නම් කියලා හිතිලාම නැද්ද..?
නැහැ. වෙන ජොබ් වගේ නෙමෙයි. මෙය අපිව තෘප්තිමත් කරනවා. විවිධාකාරයි. ඒකාකාරී නැහැ. ඒ නිසා මට නම් එහෙම හැඟීමක් දැනිලා නැහැ. එහෙම නිර්මාණවලින් ඈත් වෙලා ජිවත් වෙන්න පුළුවන් කියලා හිතන්නත් අමාරුයි.
 
ජිම් ගිහින් ශරීර හැඩය ලස්සනට තියාගෙන ඉන්න නිසා දැන් තරුණ පෙනුම තියෙන චරිත ලැබෙනවා ඇති නේද..?
ඉස්සරට වඩා දැන් විවිධ චරිත ලැබෙනවා. ඒ චරිත එකිනෙකට වෙනස්. ඒ ගැන නම් සතුටුයි. මේ ලඟදි මට අම්මා කෙනෙකුගේ චරිතයක් ලැබුනා. නමුත් ඒ චරිතයට මම දැන් ගැලපෙන්නේ නැහැ කියලා චරිතය වෙනස් කරලා දුන්නා.
 
ඔබේ පවුල් ජීවිතය එකපාරටම කණපිට පෙරලුනා, දැන් තනිකඩව ජිවත් වෙනවා.පවුල් ජීවිතය අවුල් වුනු එක ගැන දැන් දුකක් දැනෙන්නේ නැද්ද..?
දුකක් නැහැ කිව්වොත් ඒක බොරුවක්. දුකක් තියෙනවා. නමුත් මම වැරදි වුනු දේවල් ගැන හිත හිතා ජිවත් වෙන කෙනෙක් නෙමෙයි. වැරදුනු තැනින් අයෙමත් නැගිටින කෙනෙක්. පවුල් ජීවිතය දෙකඩ වුනාට පස්සේ මම ආයෙමත් නැගිට්ටා. හොඳින් ජිවත් වෙනවා. මම තනියම ජිවත් වුනු කෙනෙක් නෙමෙයි. අදටත් මම ජිවත් වෙන්නේ අම්මා නංගී එක්ක. කවදත් තනියම ඉදලා පුරුදු කෙනෙක් නෙමෙයි. ඒ නිසා දුකක් තියෙනවා.
 
දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් නැති වුනා නේද..?
මගේ දරුවෝ දෙන්නා මම ඉල්ලුවා. නමුත් දරුවන් ගැන හිතලා දිගින් දිගටම නඩු මගට යන එකෙන් දරුවන් තමයි අපහසුතාවයට පත් වෙන්නේ. ඒ නිසා දෙපැත්තක ඉදලා දරුවන්ගේ යුතුකම් ඉටු කරනවා. එයාලව බලන්න යනවා. කතාබහ කරනවා. අවශ්‍ය දේවල් අරන් දෙනවා. නමුත් දරුවෝ එක්ක ඡායාරූපයක්වත් ගන්න බැහැ. ඡායාරූප අරගෙන සමාජ මාධ්‍යවල දැම්මොත් ඒ දරුවෝ තාත්තාගෙන් බැනුම් අහනවා. ඇයි ඡායාරූපවලට පෙනී හිටියේ කියලා. ඒ නිසා දැන් මම ඒ දේවල් කරන්නෙත් නැහැ. දරුවන් ගැන හිතලා.
 
නමුත් ඔබ දරුවන්ට සලකන්නේ නැහැ කියලයි සමාජ මාධ්‍යවල පිරිස ඔබට චෝදනා කරන්නේ..?
ඔව්. විවිධ අය මට එක එක විදිහට ප්‍රතිචාර දක්වනවා. දරුවෝ ගැන බලන්නේ නැහැ කියලා බනිනවා. නමුත් ඒ කවුරුත් ඇත්ත දන්නේ නැහැනේ. නමුත් මම කරන දේවල් ප්‍රසිද්ධියේ කියාගෙන යන්න ඕනත් නැහැ. මම කොහොමත් දරුවෝ ගැන හිතන නිසා. හිත රිදුනත් නොරිදුනා වගේ ජිවත් වෙන්න පුරුදු වෙලා.
 
දික්කසාද වෙලා ටික කාලයක් වෙන නිසා සමාජයෙන් ඔබට අනිසි බලපෑම් එල්ල වෙනවා ඇති, සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙකුට වුනත් සමාජයෙන් බලපෑම් එල්ල වෙන නිසා..?
අප්පෝ ඔව්. අනන්ත අප්‍රමාණව අනවශ්‍ය අයුතු යෝජනා එනවා. සමහර මිනිස්සු කියන දේවල් වලට කලකිරෙනවා. තනියම ජිවත් වෙනවා කියලා දන්න නිසා මොනවා හරි කරගන්න පුළුවන් කියලයි හිතන්නේ. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. මම එහෙම යෝජනා හරි පරිස්සමින් ප්‍රතික්ෂේප කරලා ඒවා මඟ හැරලා පාඩුවේ ජිවත් වෙනවා.
 
යලිත් විවාහයක් ගැන හිතන්නේ නැද්ද..?
විවාහයක් කරගන්න වාතාවරණයක් තිබ්බොත් යලිත් විවාහ නොව ඉන්නේ නැහැ. මම නම් කියන්නේ නැහැ මම විවාහයක් ගැන හිතන්නේ නැහැ ආයේ කියලා. අවස්ථාවක් ලැබුනොත් හිතලා හොඳ තීරණයක් ගන්නවා.
 
ඔබ ආදරවන්තියක් නේද..?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. අපේ සම්බන්ධයට දැන් අවුරුදු 4ක් වෙනවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ව්‍යාපාරිකයෙක්. ලංකාවේ නෙමෙයි ඉන්නේ. මගේ සම්පුර්ණ වියදම් බලන්නේ එයා තමයි. දුක් විදලා හම්බ කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ එයා වියදම් කරන නිසා. නමුත් මම රංගනයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඔහුත් එක්ක හොඳින් ජිවත් වෙනවා.
 
හර්ෂනී වීරරත්න
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top