නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණයස හ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24ක කාලය තුල සැකකරුවන් 376ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
එම කාලය තුල පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18ක්.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 78253ක් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටුවා ඇති මාර්ග බාධක 13ක් මගින් ඊයේ දිනය තුල වාහන 1593ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පරීක්ෂාවට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 2445ක්.
ඊයේ දිනය තුල මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැති වීම හේතුවෙන් පුද්ගලයන් 225ක් ආපසු හරවා යවා ඇති අතර ඒ වාහන 109ක් ද සමගින්.