Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
25
දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය, "හිරු SUPER DANCER" සීසන් 03 කිරුළ, රඹුක්කන ධනුජ ඉන්දීවරට - Video & Photos

- දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය, "හිරු SUPER DANCER" සීසන් 03 කිරුළ, රඹුක්කන ධනුජ ඉන්දීවරට - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59 Views
ශ්‍රී ලාංකේය රියැලිටි ටෙලිවිෂන් වංශ කතාව අලුත් කළ, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හැඩ වූ, අසමසම, නිර්මාණශීලි, දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" සීසන් 03 අවසන් මහා තරඟය (Grand Finale) Hiru Life Studio මැදිරි සංකීර්ණයේදී අද (25) පැවැත්වුණා.

නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තේරී ආ, අවසන් සුපිරි නර්තන තරු 5 දෙනා වන කළුතර, වස්කඩුවේ ඔකඳි සමරතුංග, කෑගල්ල, රඹුක්කන ධනූජ ඉන්දීවර, කොළඹ, නුගේගොඩ ඩේලියා සේනානායක, අතුරුගිරියේ මිිලාන් මාලක සහ කළුතර, දොඩංගොඩ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා අවසන් මහා තරඟයේදී කරට කර තරඟ වැදුනා.

ඒ අනුව සුවහසක් හිරු ටීවී ප්‍රේක්ෂක මනාපයෙන් "හිරු SUPER DANCER" සීසන් 03 අවසන් මහා තරඟයේ කිරුළ හිමිකර ගනු ලැබුවේ, රඹුක්කන, ධනුජ ඉන්දීවර යි.

ඔහුට තියුණු සටනක් දුන් අතුරුගිරියේ මිලාන් මාලකට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදුවුණා. මෙම තරගාවලිය පුරාම සුපිරි නර්තන දක්ෂතා ප්‍රකට කළ, වස්කඩුවේ ඔකඳි සමරතුංගට හිමිවූයේ තුන්වැන ස්ථානය යි. පිළිවෙලින් දොඩංගොඩ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා සිව්වන ස්ථානයත්, නුගේගොඩ ඩේලියා සේනානායක පස්වන ස්ථානයත් දිනාගත්තේ හිරු සුපර් ඩාන්සර් තවත් සාර්ථක අදියරයක අවසානය සනිටුහන් කරමින්.

"හිරු SUPER DANCER" අවසන් මහා තරඟයෙන් ජයග්‍රාහී කිරුළ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වෙතින් ධනුජ ඉන්දීවරට හිමි වූ අතර, ඊට අමතරව, මොබිටෙල් වෙතින් රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක්, ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වසරකට අවශ්‍ය ඩේටා පහසුකම් ප්‍රදානය කෙරුණා.

එමෙන්ම යුනිලීවර් වෙතින් ජයග්‍රාහක ධනුජ ඉන්දීවරට රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරුණු අතර ඔහුගේ නර්තනාචාර්යවරයා වෙත ප්‍රදානය කෙරුණු මුදල රුපියල් ලක්ෂ දෙකක්. ඊට අමතරව, මොබිටෙල් වෙතින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක්ද ඉන්දීවරගේ නර්තනාචාර්යවරයා වෙත පිරිනැමුණා.

මීට අමතරව, ජයග්‍රාහක ධනුජ ඉන්දීවරගේ නර්තනාචාර්යවරයා වෙත, ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති, රේනෝ සිල්වා මහතා, හිරු ටීවී වෙනුවෙන් පිරිනැමූ මුදල රුපියල් ලක්ෂයක්.

දෙවන ස්ථානය දිනාගත් අතුරුගිරියේ මිලාන් මාලකට මොබිටෙල් වෙතින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග සමඟ ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වසරක් පුරා ඩේටා පහසුකම් නොමිලේ ලබා දෙනවා. එමෙන්ම, යුනිලීවර් වෙතින් මාලකට රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් ද පිරිනැමුණා.

තුන්වන ස්ථානය දිනාගත්, වස්කඩුවේ ඔකඳි සමරතුංගට යුනිලීවර් වෙතින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙද්දී, මොබිටෙල් ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වර්ෂයක් පුරා අධ්‍යාපන කටයුතු සඳහා ඩේටා පහසුකම් ත්‍යාග වශයෙන් ලබා දුන්නා.

සිව්වන ස්ථානය දිනාගත්, දොඩංගොඩ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනාට යුනිලීවර් වෙතින් රුපියල් ලක්ෂයක මුල්‍ය ත්‍යාගයක් පිරිනමද්දි මොබිටෙල් පෞද්ගලික සමාගම ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වසරක් පුරා ඩේටා පහසුකම් ත්‍යාග වශයෙන් ලබාදුන්නා.

තරගාවලියේ පස්වන ස්ථානය දිනාගත් නුගේගොඩ ඩේලියා සේනානායකටත් යුනිලීවර් වෙතින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමෙද්දි මොබිටෙල් පෞද්ගලික සමාගම ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වසරක් පුරා නොමිලේ ඩේටා පහසුකම් ලැබෙන පැකේජයක් ත්‍යාග කළා.

රට පුරා විහිද විසිර සිටින, දඟකාර පොඩිත්තන්ගේ නර්තන දක්ෂතා ප්‍රාසංගික වේදිකාවක් හරහා ජනගත කරන්නට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දිගහැරුණු හිරු සුපර් ඩාන්සර් සීසන් 03 මෙලෙස නිමාව දුටුවේ, මෙම නර්තනාභිෂේකයේ ඊළඟ දිගහැරුමට නැවුම් බලාපොරොත්තු හෙට දින විකසිත වන්නට බලා සිටිනා දගකාර නැට්ටුවන්ගේ සිත් තුළ ජනිත කරමින්.





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top