Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
25
“...සමාජ මාධ්‍යවල මිනිස්සු කියන දේවල් දැක්කහම මට ඇත්තටම හිනා යනවා. විවාහය දික්කසාදයෙන් කෙළවර වෙන්න දෙන්නේ නැහැ. මරාගෙන හරි එකටම ඉන්නවා !” - යුරේනි නොෂිකා - Photos

- “...සමාජ මාධ්‍යවල මිනිස්සු කියන දේවල් දැක්කහම මට ඇත්තටම හිනා යනවා. විවාහය දික්කසාදයෙන් කෙළවර වෙන්න දෙන්නේ නැහැ. මරාගෙන හරි එකටම ඉන්නවා !” - යුරේනි නොෂිකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
“මම කුඩා කාලයේදීම මගේ මවුපියන් නැති වුණා.
උසස් පෙළ ඉවර වෙලා රැකියාවකට ගියා..”

“සමාජයෙන් එල්ල වෙන බලපෑම් නිසා මම විවාහ වෙන්නෙ නැහැ.”

ඇය කෙළිලොල් සිනහවෙන් නිරන්තරව මුව සරසාගෙන සිටින සරාගී යුවතියක් ලෙස හැඳින්වුවහොත් වඩාත් නිවැරදියි.

මේ දිනවල හිරු මෙගා ස්ටාර් වේදිකාවේ නිවේදන කටයුතු සිදුකරන යුරේනි නොෂිකා සතිඅන්ත පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවක් තමයි මේ.....

කොහොමද මේ දවස්වල ජීවිතේ?
සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා.

මේ දවස්වල වැඩකටයුතු මොනවද?
මේ දවස්වල හිරු මෙගා ස්ටාර්ස් නිවේදන කටයුතුවල තමයි නිරත වෙන්නේ. ඒකෙ අවසන් වටයට සූදානම් වෙනවා. මේ අවුරුද්දම ගෙවුණේ හිරු මෙගා ස්ටාර්ස් එක්ක.

ඔබ රංගනය තුළින් දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?
මම කැමැතියි රඟපාන්න. රංගනය මගේ ඇඟ ඇතුළෙම තිබෙන දෙයක්. නමුත් නිර්මාණයකට සම්බන්ධ වුණාම එතුළින් මට ආත්ම තෘප්තියක් ලැබෙන්න ඕනෑ. එහෙම ආත්ම තෘප්තියක් ලැබෙන නිර්මාණවලට පමණයි මම සම්බන්ධ වෙන්නේ. ඒ නිසයි මාව වැඩිපුර දකින්න නොලැබෙන්නේ.

ඒ කියන්නේ ඔබ තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්?
මෙහෙමයි මෙගාද සම්භාව්‍යද ආදී වශයෙන් තේරීම් කරන්නෙ නැහැ. මට දැනෙන යමක් කරන්න පුළුවන් චරිතයක් නම් මම භාරගන්නවා.

ඔබ ඉහළ අය කිරීමක් කරන රංගන ශිල්පිනියක් කියන කතාව ඇත්තද?
මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 15 පමණ වෙනවා. මම ක්ෂේත්‍රය තුළ නමක් හදාගෙන තිබෙනවා. ඒ දේවල් එක්ක මගේ ශ්‍රමයට අදාළ වටිනාකමක් මම අය කරනවා.

රංගනයෙන් පමණක් හොඳ ආර්ථික මට්ටමක් පවත්වාගෙන යෑමේ හැකියාවක් මේ වන විට තිබෙනවාද?
එය අපහසුයි. මම නම් නිතර රඟපාන්නෙ නැති නිසා සහ මගෙ අනෙකුත් ව්‍යාපාර කටයුතුවලින් තමයි බොහෝ දුරට ආර්ථික මට්ටම පවත්වාගෙන යන්නෙ. නමුත් රංගනයෙන් පමණක් හොඳ ආර්ථික මට්ටමක් ගොඩනඟාගත් පිරිසකුත් සිටිනවා.

විලාසිතා කරන්නේ කතාබහට ලක්වෙන්න බලාගෙනමද?
එහෙම නැහැ. මම පොඩි කාලයේ ඉඳන්ම විලාසිතා කරන්න කැමැතියි. අපි තරුණ කාලේ ශරීරය ලස්සනට තිබෙන විට විලාසිතා කරන්න ඕනෑ. අනෙක් එක තරුණ කාලේ විලාසිතා නොකර වයසට ගියහම විලාසිතා කරන්නද. වෙන රටවල්වල නම් වයස 70, 80 වුණත් විලාසිතා කරනවා. නමුත් ලංකාවෙ එහෙම බෑනේ. ඒ නිසා මම ආසයි විලාසිතා කරන්න. මිනිස්සු කියන දේවල් ගැන නම් මම හිතන්නෙම නැහැ. කවුරුවත් කියන කරන දේවල් නිසා මගේ සතුට මම නැති කරගන්නෙ නැහැ.

මට කැමැති සහ අකැමැති පිරිසක් ඇති. ඒක හැමෝටම එහෙමයි. සමාජ මාධ්‍යවල මිනිස්සු කියන දේවල් දැක්කහම මට ඇත්තටම හිනා යනවා. ඒවා කියවන විට මගේ ලේ පිරිසුදු වෙනවා හිනා වෙලාම. අපිට සියයට සියයක් හොඳ මිනිස්සු ජීවිතේදී මුණ ගැහෙන්නේ නැහැ. අපි පුරුදුවෙන්න ඕනෑ මිනිසුන්ගේ හොඳ දේවල් දකින්න. නමුත් ලංකාවෙ මිනිස්සු පුරුදුවෙලා තිබෙන්නෙම කෙනෙක්ගෙ වැරැද්දක් අඩුපාඩුවක් හොයන්න. නමුත් මම ඒවා මගේ ඔළුවට දාගන්නෙ නැහැ.

ස්වාධීන යුවතියක් විධියට කටයුතු කරන්න පුළුවන් වුණේ ජීවිතේ විඳින්නට ලැබුණු අත්දැකීම් නිසාද?
මම කුඩා කාලයේදීම මගේ මවුපියන් නැති වුණා. ඒ නිසා මට උසස් පෙළ දක්වාම පාසලේ නේවාසිකව නොමිලේ අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. පාසලේ ආදි ශිෂ්‍ය සංගමයෙන් මට උපකාර ලැබුණා. මගේ යහළුවන්ගෙන් සහයෝගය ලැබුණා. උසස් පෙළ අවසන් කරලා මම රැකියාවක නිරත වුණා. ඒත් මම කාන්තා නේවාසිකාගාරයක ජීවත් වුණේ. මම රංගනයට ආවට පස්සෙ තමයි තනිව ජීවත් වෙන්න පටන් ගත්තේ. ඇත්තටම ජීවිතේදී අපිට ප්‍රශ්න එනකොට අපි හිතනවා මට තරම් වෙන කාටවත් ප්‍රශ්න නැතිව ඇති කියලා. ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා. නමුත් දැන් මම ඒ කාලය දිහා ආපස්සට හැරිලා බැලුවහම හිතෙන්නේ ඒ දේවල් නිසා තමයි අද මම මෙතැන ඉන්නේ කියලා. ජීවිතේ ලැබුණු අත්දැකීම් එක්ක මම ශක්තිමත් වුණා කියලා මම හිතනවා.

ජීවිතේට සහකාරයෙක් සිටියොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
හිතෙනවා. අපිට හැමදාම තනියෙන් ජීවත් වෙන්න බැහැ. ජීවත් වෙන්න සහකරුවෙක් ඉන්න එක, දුක සැප බෙදාගන්න කෙනෙක් ඉන්න එක හොඳයි. නමුත් මම විවාහය කියන කාරණාවෙදී ටිකක් සීරියස්. මට මගෙ මවුපියන්ගෙ විවාහ ජීවිතය දකින්න ලැබුණේ නැහැ. නමුත් මම හිතනවා විවාහය කියන්නෙ පිරිසුදු දෙයක් කියලා. මම විවාහ වුණොත් ඒ විවාහය දික්කසාදයෙන් කෙළවර වෙන්න දෙන්නේ නැහැ. මරාගෙන හරි එකටම ඉන්නවා කියන මතයේ මම ඉන්නේ. මොකද කියනවා නම් අපි සැපේදීත් දුකේදීත් එකටම ඉන්නවා කියන පොරොන්දුව මතයි විවාහ වෙන්නේ. එවිට දුක, ප්‍රශ්න, අභියෝග ආවහම දාලා යන්න බැහැනේ. ඒ නිසා විවාහ වෙන්න සුදුසු කෙනෙක් තෝරා ගන්න එක ලේසි නැහැ. සමාජයෙන් එල්ල වෙන බලපෑම් නිසා මම විවාහ වෙන්නෙ නැහැ. අවුරුදු 50ක් ගිහින් හරි මට ගැළපෙන කෙනෙක් ලැබුණොත් මම විවාහ වෙනවා. නැත්නම් මේ විධියටම තනිකඩව ජීවත් වෙනවා.

ඔබ ඔබව නඩත්තු කරනවාද?
ඔව් අනිවාර්යයෙන්ම. රංගන ශිල්පිනියක් වුණාම තමන්ව නඩත්තු කරන්න අවශ්‍යයි. මම මගේ ශරීරය, රූපය පිළිබඳව අවධානය යොමු කරනවා. හොඳ ආහාරපාන ගන්නවා.

ඔබ ස්ත්‍රීවාදී අදහස් දරන්නියක්ද?
මම ස්ත්‍රීවාදිනියක් නොවෙයි. නමුත් මම කාන්තාවන්ට වෙන අසාධාරණයක් අකටයුත්තක් දුටුවොත් එයට විරුද්ධව කතා කරනවා. නමුත් ස්ත්‍රීවාදී අදහස්වල එල්බගෙන පිරිමින්ව තළා පෙළා කටයුතු කරන කෙනෙක් නොවෙයි.

විවේකයක් ලැබෙන වෙලාවට විනෝදාංශයක් විධියට යුරේනි මොනවද කරන්නෙ?
මම පොත් කියවනවා. චිත්‍රපට සහ ටී.වී. සීරීස් බලනවා.

ඇත්තම යුරේනිත් හිනා වෙලා සතුටින් විනෝදයෙන් ඉන්න කෙනෙක්ද?
ඔව්. ඔයාලා දකින යුරේනි වගේම හිනාවෙලා සතුටින් අනෙක් අයවත් හිනස්සවලා ඉන්න මම කැමැතියි. නමුත් ජීවිතේ සීරියස් හිතන්න ඕන තැන්වලදී මම සීරියස් කෙනෙක්.

ඉදිරි වැඩකටයුතු මොනවද?
ඉදිරියේදී ටෙලි නිර්මාණයකට සම්බන්ධවීමට නියමිතයි. ඒ වගේම මගේම නිෂ්පාදන කටයුත්තකට අතගහන්න බලාගෙන ඉන්නවා. එය මගේ ප්‍රථම නිෂ්පාදනය. ඒ ගැන ඒ කාලයේදී අනිවාර්යයෙන්ම ‘මව්බිම’ට කියන්නම්.

ඉදිරි බලාපොරොත්තු මොනවද?
බලාපොරොත්තු නම් ගොඩක් තිබෙනවා. මම හිතන්නෙ මට වයස 70දීත් ඉලක්ක තිබේවි. මම නිතරම වැඩකරන කෙනෙක්. ඉදිරියේදී වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒවා ගැන පසුව කියන්නම්.
සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පත..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top