Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
25
"මේ පටන් ගැනීම ඉතා යහපත් ආරම්භයක් ලෙස මා දකිනවා..." - දසක තුනකට පසු සෝමාලියාවට සිනමා පොද වැස්සක්..!

- "මේ පටන් ගැනීම ඉතා යහපත් ආරම්භයක් ලෙස මා දකිනවා..." - දසක තුනකට පසු සෝමාලියාවට සිනමා පොද වැස්සක්..!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,522 Views
වසර තිහකට අධික කාලයක් මුළුල්ලේ දිග්ගැස්සුණු සෝමාලියාවේ සිවිල් යුද්ධය ලක්ෂ පහකට අධික පිරිසකට ජීවිත අහිමි කර තිබේ. මේ සිවිල් යුද්ධය නිසාම එරට දේශපාලනය ද අස්ථාවර තත්ත්වයකට පත්ව ඇත. රටේ ආර්ථික වර්ධනය පහළ බැස ඇති අතර, එහි දැකිය හැකි වන්නේ ද එතරම් ස්ථාවරභාවයක් නොවේ.

සෝමාලියා වැසියන්ගේ ජන ජීවිතය තවත් අසීරු අඩියකට වැටි තිබෙන්නේ එරට පුරා පවත්නා නියඟය සහ එනිසාම හට ගෙන ඇති දැඩි ආහාර හිඟය හේතුවෙනි. එරට ජනගහනයෙන් සියයට හතළිස් තුනකට ආසන්න පිරිසක් අමෙරිකන් ඩොලර් එකකට වඩා අඩු ආදායමක් ලබන බව සනාථ වීමෙන්ම එරට ජන ජීවිතය වටහා ගන්නට අසීරු නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව සෝමාලියාව නම් කළ හැකි වන්නේ පහළම මට්ටමේ සමාජ ආර්ථික සංවර්ධනයක් ඇති රටක් වශයෙනි. සෝමාලියා ජනයා නිරන්තරයෙන් පෙළෙන ඒ අපහසුතාව කොරෝනා වසංගතය එහි ව්‍යාප්තව යෑමත් සමඟ තව තවත් දරුණු අතට හැරුණු බව එරට සිටින සහන සේවා කණ්ඩායම් සාමාජිකයෝ පෙන්වා දෙති. ආරක්ෂාව, ආහාර, පෝෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි බොහෝ මූලික පහසුකම් භුක්ති විඳීමට ඇති අවස්ථා සෝමාලියා ජනයාගේ අත පොවන මානයෙන් බොහෝ ඈතට වීසි වී ඇත. එහෙව් කල සතුට, වින්දනය ගැන කුමක් කතා කරන්න ද?
 
නවමු බලාපොරොත්තු
 
පුදුමයකට මෙන්, සෝමාලියාවේ සිනමා ශාලාවක කෙටි සිනමා සිත්තම් දෙකක් පසුගිය දා දිගහැරිණ. ඒ අරුමය තිස් වසරකට පසුවය. කෙටියෙන් කිව හොත්: එක් දහස් නවසිය අනූ එකෙන් පසු ඉපදුණු සෝමාලියානුවන්ට තම මව්බිමේදී සිනමා අත්දැකීමක් ලබන්න ලැබුණු පළමු අවස්ථාව එයය. කෙටි සිනමා සිත්තම් ද්විත්වය ප්‍රදර්ශනය කෙරුණේ සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ස්ථාපිත ජාතික රංග ශාලාවෙහිදීය. එකී කෙටි චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කර තිබෙන්නේ එරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ඊබ්‍රහිම් නමැත්තෙකි. නව සිනමා පට දෙක ප්‍රදර්ශනය කිරීමත් සමඟම, එරට විශාල පිරිසකගේ හදවත්වල නවමු බලාපොරොත්තු ඇති වී තිබේ. ඒ, එරට සංස්කෘතියේ ගුණ සුවඳ නැවත වරක් විඳින්නට තමන්ට හැකි වනු ඇතැයි කියාය. විශේෂයෙන්ම තිස් වසකට පළමුව සෝමාලියාවේ තිබුණු සිනමාව නියමාකාරයෙන් විඳි විශාල පිරිසක් නැවත එවැනි සිනමා නිර්මාණ රසවිඳිය හැකි වෙතැයි කියා උද්දාමයට පත්ව සිටිති.
 
සිනමා සිත්තම් දෙක ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න සලස්වා තිබෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය. එයට හේතුව, ජාතික රංග ශාලා පරිශ්‍රය එරට හමුදා නිලධාරීන්ගේ මූලස්ථානයක් ද වන බැවින් එය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බව එරට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබීමය. අනෙක් අතට, ජාතික රංග ශාලාව පිහිටා තිබෙන්නේ එරට ජනාධිපති මන්දිරයට සහ පාර්ලිමේන්තුවට ආසන්නයෙනි. මේ ප්‍රදේශයට ආවරණය වන පරිදි ද ආරක්ෂා බෙහෙවින් තර කර තිබේ. මේ නිසා ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි සෝදිසි කිරීම් සහිත ආරක්ෂක කපොලු රාශියක් පසු කරමින් සිනමා ශාලාව තුළට පිවිසෙන්න ප්‍රේක්ෂකයන්ට සිදුව තිබිණි. එසේ වුවත් සැලකිය යුතු තරමේ ප්‍රේක්ෂකයන් පිරිසක් එහි පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ලෝක මාධ්‍ය සේවාවන්හි අවධානය වඩාත් යොමුව තිබුණේ මේ සිනමා සිතුවම් රස විඳින්න සෝමාලියා කාන්තාවන් ද පැමිණ සිටීම ගැනය.
 
ජාතික රංග ශාලාවෙහි අධ්‍යක්ෂ අබ්ඩිකාදර් අබ්ඩි යූසුෆ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුණේ සිනමා සිත්තම් තිරයේ දිග හැරුණු ඒ රාත්‍රිය සෝමාලියා ජනයාට ඓතිහාසික රාත්‍රියක් වූ බවය. ඔහු වැඩි දුරටත් මෙසේ ද පවසා තිබුණේ ය. “චිත්‍රපට දෙක පෙන්වීම මඟින් වසර ගණනාවකට පස්සේ අපේ ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නැංවී තිබෙනවා. ඔවුන් උද්‍යෝගයෙන් පසු වන්නේ. මේ දර්ශන වාර දෙක සෝමාලියාවේ සිටින ගීත රචකයන්ට, කතාකරුවන්ට, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට වගේම රංගන ශිල්පීන්ට ද අවස්ථා සකසා දෙන වේදිකාවක් වී තිබෙනවා. තමන්ට තමන්ගේ දක්ෂතා විවෘතව පෙන්වන්න අවස්ථාවක් සකසා ගන්න මෙය පදනමක් වී ඇතැයි කියා ඔවුන්ට විශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා.”
 
චිත්‍රපට දෙක නැරඹීම සඳහා එක් අයකුගෙන් ඇමෙරිකා ඩොලර් දහයකට ආසන්න මුදලක් අය කෙරුණු බව ද මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂක අංශවල සෝදිසි කිරීම් හෝ මේ මුදල අය කිරීම හෝ ප්‍රේක්ෂකයන් තමන්ට විඳින්න සිදු වූ අපහසුවක් ලෙස සලකා නොතිබීම තවත් විශේෂත්වයකි.
 
“සිවිල් යුද්ධය ආරම්භ වීමට පළමුව තිබුණු සාමකාමි පරිසරයේදී මම මේ ජාතික රංග ශාලාවට පැමිණ චිත්‍රපට, විවිධ ප්‍රසංග, වේදිකා නාට්‍ය, ජන නැටුම් ආදිය නරඹන්න පුරුදු වෙලා සිටියා. රාත්‍රී කාලයේදී ඒ අන්දමට සතුටු විය හැකි කාලයක් මොගඩිෂු අගනුවර මෙයට තිස් වසරකට ඉහත තිබුණා. ඒ පහසුකම් යුද්ධයත් සමඟ බිඳ වැටෙන විට මට හරියට දුකක් ඇති වුණා. මේ විධියට හරි චිත්‍රපට පෙන්වීමට පටන් ගැනීම ඉතා යහපත් ආරම්භයක් විධියට මා දකිනවා,” යැයි එක් නරඹන්නකු මාධ්‍යයට පවසා තිබිණ.
 
ආර්ථික වත්කම්
 
අන්ත දරිද්‍රතාවෙන් හෙම්බත්ව දැඩි අනාරක්ෂිත තත්ත්වයක පසු වුව ද සෝමාලියා ජනයා තම සංස්කෘතිය භුක්ති විඳීමට තවමත් මහත් අභිරුචියකින් පසු වෙති. කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුව සතුටක්, මිහිරක් විඳින්න ඔවුහු ද කැමැත්තෝය. එහෙත් ආයුධ සන්නද්ධ කැරලිකරුවන් ඊට ඇති මං සියල්ල අවුරා දමා ඇත. ඔවුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා විනාශයට පත් කරන්නට උත්සාහ දරන සෝමාලියා ජාතික රංග ශාලාව සෝමාලියා රජයේ ආර්ථික වත්කම්වලින් අද ගොඩනැඟිය හැකි එකක් නොවේ. එය තනා නිම කර නවසිය හැට හත වසරේදී සෝමාලියාවට පරිත්‍යාග කළේ චීනයේ එවක නායක මාවෝ සේතුං ය. රංග ශාලාව ඉඳි කිරීම පවා සිදු කළේ චීන ජාතික ඉංජිනේරුවරුන් බව සඳහන් වේ. එක්දහස් නවසිය හැත්තෑව සහ අසූව දශකවලදී සෝමාලියා සංස්කෘතික සංවර්ධන කාර්යයෙහිලා එකී රංග ශාලාවෙන් විශාල මෙහෙයක් ඉටු කෙරුණු බව අවිවාදිතය. සෝමාලියා සිවිල් යුද්ධය නවසිය අනූ එක වසරේදී ආරම්භ වීමත් සමඟ ම මේ රංග ශාලාව වසා දමන ලදි. මොගඩිෂු අගනුවර ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ හමුදාවන්හි ප්‍රධානින්ට සිය රාජකාරි කාර්යයන් කරගෙන යෑමට එය සෙවණක් වුණේ ඉන් අනතුරුව ය. මේ තත්ත්වය මධ්‍යයේ රංග ශාලාවෙහි නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු කිසිවක් සිදු නොවිණ. දෙදහස් දොළහ වසරේදී රංග ශාලාව නැවත විවෘත කෙරුණ ද, අප්‍රිකා සංගමයේ සෝමාලියා කාර්යාලයක් එහි ස්ථාපනය කෙරිණි. එනිසා රංග ශාලාව ජනතාවගේ වින්දනීය අවශ්‍යතාවලට භාවිතයට ගැනීම තව දුරටත් ඈත් කරනු ලැබීය. එයට අමතරව එය පුපුරුවා හරින්නට ද අල් ශබාබ් කැරලිකරුවෝ ක්‍රියා කළහ. අල් ශබාබ් කැරලිකරුවන්ගේ පෙන්වා දීමේ හැටියට කලා නිර්මාණයක රසය උකහා ගැනීම මෙන්ම චිත්‍රපට නැරඹීම ද මිනිස් මනැස දූෂණය කිරීමට ඉවහල් වන කාරණයකි. එනිසා එයට ඉඩක් තැබිය යුතු නැති බව දැඩිව දක්වමින් ඔවුහු මිනිසුන් සතුටක් විඳින, මිනිස් සිත සුවපත් කරන සියල්ල බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කර දමති. විසි එක් වැනි සියවසේ ජීවත් වන මිනිසුන්ගේ නිදහස, සතුට සහ වින්දනය ඒ අන්දමට ත්‍රස්තවාදීන් කපා කොටා විනාශ කිරීම කවර නම් මිනිස්කමක්දැයි ඔබට දැන් මොහොතකටවත් සිතෙනවා ඇත.
 
මංජුලා විජයරත්න
දිනමිණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top