Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
පාසල් විවෘත කරන ක්‍රමය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

- පාසල් විවෘත කරන ක්‍රමය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,892 Views
ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.
 
පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කිරීම වෙනුවෙන් කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති අතර එම කමිටුව ගන්නා තීරණ අනුව පාසල් යළි විවෘත කරන බවයි ඔහු සඳහන් කළේ.

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මෙම අදහස් පළකලා.
 
වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නොමැති බැවින් කොවිඩ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3884ක් මුල් අදියර යටතේ ආරම්භ කෙරෙනු ඇති.
 
තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12-15 සහ 16-19 අතර වයස් කාණ්ඩවල ළමුන් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය සහිතව එන්නත් කරන බවයි මහාචාර්ය කපිල පෙරේරා මහතා කියාසිටියේ.
 
ඉදිරි සතිය ඇතුළත අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගෙන් මෙන්ම පළාත්වල සහ දිස්ත්‍රික්කවල නැවත පාසල් ආරම්භ කිරීමේ සූදානම ගැන විමසීමක් කිරීමට නියමිතයි.
 
එම අදහස් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සංචරණ සීමා අවසන් වීමෙන් පසු පාසල් නැවත විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ.
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා අදහස් පළකලා.
 
සෞන්දර්ය විෂයය හැර අනෙකුත් විෂයයන්ගේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරුණු අතර කොවිඩ් උවදුර සමනය වී පාසල් නැවත විවෘත කළ පසු ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බව ඔහු කියසිටියා.
 
සෞන්දර්ය විෂයය යටතේ නැටුම්, සංගීතය සහ නාට්‍ය හා රංගකලාව හදාළ සිසු සිසුවියන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන බවයි කපිල පෙරේරා මහතා සඳහන් කළේ.
 
2020 වර්ෂයේදී සෞන්දර්ය විෂයයට සිසු සිසුවියන් 170,000ක් පෙනී සිටියා.
 
ඔවුන්ගෙන් විෂයයන් 05ක් සමග සම්මාන 02 සහිත සාමාර්ථය සහ පාසල් පාදක තක්සේරුව යටතේ නිපුණතා මට්ටම 1,2 සහ 3 (විශිෂ්ඨ, සමාන්‍ය, ආසන්න) ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන තුරු උසස්පෙළ ඉගෙනීමට අවසර හිමි වනවා.
 
2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞන්දර්ය විෂයයේ ප්‍රතිඵල හැර සෙසු විෂයයන්හි ප්‍රතිඵල අනුව සියයට 75.12ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.
 
විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට විභාග අංකය අමතක නම් ජාතික හැඳුනුම්පත් අංකය යොදාගෙන හෝ 1911 ඇමතීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව සනත් පූජිත කියා සිටියා.
 
විදුහල්පතිවරුන්ට, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල දැන ගැනීමේ ක්‍රමයක් සකස්කර ඇති අතර විභාග සහතික අවශ්‍ය අයට සඳුදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා ලබාගැනීමට හැකි බව ද භාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top