පසුගියදා මිනුවන්ගොඩදී අනතුරට පත්වූ ඩිෆේන්ඩර් රථයේ ගමන්කළ 5 දෙනෙකු මියගියා. ඉන් මියගිය අය අතර වයස 21වන ඉසුරි ඉඳුනිල් දිසානායක අවසනාවන්ත ලෙස ලොවින් සමුගත්තේ ඇයගේ උපන්දිනය යෙදී තිබූ දිනට පසු දිනයි. තරුණ වියේ පසුවන ඇය තවමත් මව්පිය සෙවනේ හැදෙන වැඩෙන පොලිස් කොස්තාපල්වරියක්.
ඇයගේ මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් මව කඳුලු සළමින් කී කතාවක් පිළිබඳව මේ වන විට අපවෙත වාර්තා වුණා. ඒ ඇය මව හා නංගි සමඟ කළ අවසන් කතාව ඔබ ඔවුන් කිසිදිනෙක නොසිතන්නට ඇති.
අම්මේ මම මුණ බලාගෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා. අම්මාත් ඒවගේ එකක් ගන්න එතකොට මට පුළුවන් අම්මගේ මුණ බලාගෙන කතාකරන්න. මම මළගෙදරක යන්න යනවා ඇවිත් කතාකරන්නම්.’ යැයි ඉසුරි ආදර වදන් පැවසුවේ ඇයගේ ගේ 21 වැනි උපන් දිනය යෙදී තිබුණේ අනතුරට පෙර දිනයේදීයි. ඒත් තමන්ගේ ආදරණිය දියණිය මේ තමන් හා කතාකරන්නේ අවසන් වදන් කිහිපය යැයි ඇයගේ මව මොහොතකටවත් සිතන්නට නැතුව ඇත.
උදෑසන හතට අවසන් වරට කතා කර ඉසුරි තවත් හෝරා කිහිපයක් ගතවන්නටත් මත්තෙන් කිසිවකුත් නොසිතූ ලෙස මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටි ඉසුරි ඇතුළු පස්දෙනෙක් අවසන් ගමන් ගියහ. ඒ ඔවුන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප්රථය බස්රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුවය.
ඩී. එම්. ඉසුරි ඉඳුනිල් දිසානායක මූලික අධ්‍යපනය හදාරා තිබුණේ හඳපානාගල විද්‍යාලයෙනි. ඇයගේ අක්කා බාහිර උපාධිය සඳහා සුදානමින් සිටින අතර බාල නැගණිය තවමත් එම විද්‍යලයේ 11 වසරේ ඉගෙනුම ලබන්නීය. පියා පැල්වත්ත සීනි සමාගමේ රැකියාවක නිරත වූ අතර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලූවේ ඉසුරිය.
‘නංගි උඹ ඉගෙන ගත්තේ නැත්තං පොලිසියට නොවෙයි, එළිමහන් සිර කඳවුරකටවත් යන්න බෑ. ඒක නිසා හොඳට ඉගෙන ගන්න.’ ඒ ඇය පසුගිය දා පැවති මහා මැතිවරණ දිනයට පසුදා එනම් 18 දා ගෙදරවිත් පොඩි නංගිට පැවසූ අවසන් ඔවදන විය.
මීට වසරකට පෙර පොලිස් සේවයට බැඳුණු ඇය අවසන් ගමන් යන මොහොත දක්වා සේවය කළේ ජනාධිපති ආරක්ෂක අංශයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙසිනි. අක්කාට රස්සාවක් අරන් දෙන්නටත් නංගිට හොඳින් උගන්වා පොලිස් සේවයට සම්බන්ධ කිරීම ඇයට තිබුණු ලොකුම බලාපොරොත්තුව විය.