ශ්‍රී ලංකා කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර තරුවක් වූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක අභාවප්‍රාප්ත සුනිල් පෙරේරාගේ ඉටි රුවක් ලන්ඩන් නුවර මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ ස්ථාපිත කරන්න පළමු පියවර ගෙන තිබෙනවා.
ඒ ලන්ඩන් වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් කෞතුකාගාරයේ පාලන අධිකාරියෙන් කල ඉල්ලීමකට අනුව. එහි මුලික පියවර සඳහා අනුමැතිය ලැබී තිබෙන බව ගායක පියල් පෙරේරා පවසනවා.
දෙවැනි පියවර සඳහා දශක 50කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ සුනිල් පෙරේරාගේ පවර් පොයින්ට් එකක් ඉදිරිපත් කරන ලෙස අදාල පිරිසගෙන් ඉල්ලා තිබෙනවා.
එය ඔක්තෝම්බර් මස අග වනවිට ලන්ඩන් කෞතුකාගාරයට ලබා දීමට නියමිතව ඇති බවත් සඳහන් වෙනවා.
කොහොම නමුත් පාලන අධිකාරිය එය සැලකිල්ලට ගෙන සුනිල් පෙරේරාගේ ඉටි රුවක් නිර්මාණය කිරීමට අවස්ථාවක් සලසා දෙයි කියා බලාපොරොත්තු වෙනවා.
කෙසේ වෙතත්, මෙවැනි අවස්ථාවක් සඳහා ලංකාවේ කලාකරුවෙකු යෝජනා කළ පළමු වතාවත් මෙය වීම විශේෂත්වයක්.