Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
23
" 88-89 කලබල කාලෙත් අපි දෙන්න එංගලන්තයේ බොහෝ කාලයක් හිටියා. ඉතින් අබේ නැතුව මට සින්දු කියන්න බෑ..." - නිරංජලා සරෝජිනී

- " 88-89 කලබල කාලෙත් අපි දෙන්න එංගලන්තයේ බොහෝ කාලයක් හිටියා. ඉතින් අබේ නැතුව මට සින්දු කියන්න බෑ..." - නිරංජලා සරෝජිනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,761 Views
"මම ගීත ගායනයෙන් ඉවත් වෙලා අවුරුදු 12 ක් වෙනවා.."
 
 "එයා නැති වුණාට පස්සේ බුදුකුටියේ සියලුම වතාවක් මං ඒ විදියටම අදටත් කරනවා.." 
 
"මම දැන් ගීත ගායනයෙන් ඉවත් වෙලා අවුරුදු 12 ක් වෙනවා. ස්නායු ආබාධයක් ඇති වෙලා අබේගෙ (අබේවර්ධන බාලසූරිය) කටහඬ නැති වුණ දා ඉඳලා මමත් ගීත ගායනා කළේ නෑ. අපි දෙන්නාගේ යුග ගායනාවලට රසික රසිකාවන් ගොඩාක් ආදරය කළා. සංගීත ප්‍රසංගවලට අපි දෙන්නා ම සහභාගී වෙලා ගීත ගායනා කළා. රටවල් විසිපහකට විතර අපි දෙන්නා ගිහින් තියෙනවා. 88-89 කලබල කාලෙත් අපි දෙන්න එංගලන්තයේ බොහෝ කාලයක් හිටියා. ඉතින් අබේ නැතුව මට සින්දු කියන්න බෑ."

ඇයගේ දෑස්කෙවෙනි අග පුංචි කඳුළක් දිලෙන්නට විය. කලබල කාලය නිම වූ පසු යළි ලංකාවට පැමිණ "අබේ-නෙරංජලා විශිෂ්ට ගී" නමින් සංයුක්ත තැටි දහතුනක් එළිදැක්වී ය.
 
"අපි දෙන්නාගේ ගීත ඇතුළත් කරලා ඒ සංයුක්ත තැටි කළා. ගී තැටි හොරට ගහලා විකුණන නිසා අබේ ඒ ගී තැටි වෙළෙඳපොළට දැම්මෙ නෑ. හැබැයි අපේ ගීතවලට ආදරය කරන බොහෝ අය ගෙදරට ම ඇවිත් අපේ සංගත තැටි මිලදී ගත්තා. විදේශ ගමන්වලදීත් ඒවා අලෙවි වුණා. අබේ 2010 මාර්තු 26 වෙනිදා නැතිවුණාට පස්සෙත් මම ඒ ඉතුරු වෙලා තියෙන සංයුක්ත තැටි වෙළෙඳපොළට නොදී ගෙදරට ඇවිත් ගත්ත අයට විතරක් දුන්නා."
 
නිවසේ හුදෙකලාව නිරංජලාට එතරම් නොදැනෙන්නේ ඉවුම් පිහුම්, මැහිම් ගෙතුම්වලට ඇය බොහෝ සේ ප්‍රිය කරන බැවිනි.
 
"එක එක කෑම ජාති හදන්න මම හරිම ආසයි. දෑතේ වැඩ හැම දෙයක් ම මම හොඳින් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා මං වැඩිපුරම කරන්නේ එක එක කෑම ජාති හදලා අහල පහල අයටත් බෙදා දෙන එකයි. මගේ නංගි සකුන්තලත් මේ දවස්වල අපේ ගෙදර ඇවිත් ඉන්නවා. මට සුරතල් බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. පාරේ යන සතුන්ටත් මම කෑම දෙනවා. මල් වවන්නත් මම ගොඩක් ආසයි. අබේ ඉන්න කාලේ අපේ උඩ තට්ටුවෙ බැල්කනියේ රෝස මල් යායක් තිබුණා. ලොකු රෝස මල් හැම ගහකම පිපිලා තිබුණා. ඒ තරම් මල් දැන් නැති වුණාට මල් වවන එක තවමත් මම ආදරෙන් කරනවා. මට ඉතින් පාළුවක් තනිකමක් දැනෙන්නේ නෑ. අපි ගේ හදන වෙලාවේ අබේ ලස්සන බුදු ගෙයක් හැදුවා. මගේ ආගමටත් අදාළ ව ගීතිකා කියන්න, දෙවියන් වඳින්න බුදු කුටියේ පැත්තකින් ඉඩක් අබේ මට වෙන් කරලා දුන්නා. අපි අතර කවදාවත් ආගම් භේදයක් තිබුණේ නැහැ. මම පල්ලියට යනකොට අබේ හැමදාම මාත් එක්ක පල්ලියට යන්න ආවා. මම අබේ එක්ක පන්සල් ගියා. එයා නැති වුණාට පස්සේ බුදුකුටියේ සියලුම වතාවක් මං ඒ විදියටම අදටත් කරනවා. උඳේ හවස මං එයාට පින් දෙනවා. මගේ හිතටත් ඒකෙන් ලොකු සැහැල්ලුවක් සැනසීමක් ඇති වෙනවා."
 
කතෝලික මුද්‍රණාල මැසෙන්ජර් පුවත්පතේ කතෘ වූ හැරිසන් පීරිස් නිරංජලාගේ පියා ය. ඔහු විවිධ ඉංග්‍රීසි පුවත්පත්වලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිපි සැපයූ ජනප්‍රිය මාධ්‍යවේදියෙකි. එසේ ම ඔහු ඉතා ම දක්ෂ කවියෙකි. මව රෙජීනා පීරිස් ය. කලා පවුලක කෙනෙක් වන නිරංජලාට ජනප්‍රිය කලා ශිල්පීන් වන සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක් ද සිටී.
 
"මල්කාන්ති නන්දසිරි අක්කා අපේ පවුලේ වැඩිමලා යි. ඊළඟට කුමාර අයියා එයා කලා කටයුතුවලට වැඩි සම්බන්ධ වීමක් නෑ. ඊට පස්සෙ තව අක්කා කෙනෙකුයි අයියා කෙනකුයි පොඩි කාලෙම නැති වෙලා තියෙනවා. ඊළඟට නිර්මලා රණතුංග අක්කා ඉන්නවා. ඊට පස්සේ මම, මට බාල සකුන්තලා නංගි ඉන්නවා. පවුලෙ බාලයා තමයි මනෝජ් පීරිස්. මගේ මවු පිය දෙදෙනා ම සංගීත භාණ්ඩ වාදනය කිරීමට දක්ෂයි. අපි පුංචි කාලයේ හවසට හැමෝම එකතු වෙලා ගීත ගයනවා, වාදනය කරනවා. මල්කාන්ති අක්කා තමයි මුලින් ම ගුවන් විදුලියට පිවිසුණේ. ඊට පස්සේ නිර්මලා අක්කා. මං ඒ දෙන්නාගේ පස්සෙන් ගියා. ළමා පිටියේ ඒ කාලේ සමන් අතාවුදහෙට්ටි, රෝහණ සිරිවර්ධන, ලංකා රාජනී, දමයන්ති ජයසූරිය වගේ ඉතා ම දක්ෂ පිරිසක් හිටියා. අදටත් ඒ අය ඉතා හොඳින් මම ඇසුරු කරනවා. ඉන්දියාවෙන් ශිල්පියෙක් ඇවිල්ල සරල ගී වර්ගීකරණ පරීක්ෂණයක් 1994 ගුවන් විදුලියේ පැවැත්වුණා. ඒ අවස්ථාවේ තමයි මම ඒ ශ්‍රේණියේ ගායිකාවක් ලෙස සමත් වුණේ. ඒ අවුරුද්දෙම මම මගේ මුල්ම සරල ගී වැඩසටහන පැවැත්තුවා. ලොව නිසසල වී, අකලට වට මහා වරුසාවක්, දිය පිට ඇන්ද, සමාවන්න මට දමා යන්න බෑ කියන ගීත හතර තමයි මම මුලින් ම ගායනා කළේ."
 
ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී ම 'සංගීත සන්ධ්‍යාව' වැඩසටහනට පාසල් නිල ඇඳුමෙන් ම සහභාගී වූ නිරංජලා ගීත ගායනය, කටහඬ පුහුණුව එහිදී මනාව ප්‍රගුණ කළා ය. ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක වශයෙන් ගජමුතු නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ මුතූගේ චරිතයට හඬ රංගනයෙන් දායක වූ ඇය මුවන් පැලැස්ස, මොනරතැන්න, හන්දියේ ගෙදර වැනි අතිශය ජනප්‍රිය සහ විශිෂ්ට ගුවන්විදුලි නාට්‍ය රැසකට හඬ රංගනයෙන් දායක වූවා ය.
 
"ඒ කාලේ අපට හොඳ පුහුණුවක් ලැබුණා. ඉතා ම දක්ෂ ප්‍රවීණ නාට්‍ය ශිල්පීන්, ගායන ශිල්පීන්, වාද්‍ය ශිල්පීන් එක්ක අපි වැඩ කළා. ජීවිතයේ සොඳුරු මතකයන් වගේ ම ජීවිතයට ලොකු වටිනාකම් ඒ පුහුණු වීම් හරහා අපට ලැබුණා. අද හොඳ කටහඬවල් තියෙන දක්ෂ දරුවෝ මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. සමහර පුංචි තරගකරුවෝ ඉතා ම දක්ෂ විදියට ගායනා කරනවා. ඒ දක්ෂතා හැමදාම පවත්වාගෙන යන්න හොඳ පුහුණුවක් වගේ ම ඒ පිළිබඳ දැනුමත් ලබාගෙන ඉදිරියට යන්න කියලා මම ඒ දරුවන්ට ඉතා ආදරයෙන් මතක් කරනවා."
 
නිරංජලා ගේ සොයුරියන් වන මල්කාන්තිගේ දියණිය අනුරාධා නිර්මලා ගේ දියණිය සෙව්වන්දි මේ වන විට නිරංජලාගේ ගීත විවිධ මාධ්‍යවල, ප්‍රසංගවල ගායනා කරන අයුරු අපට දැකිය හැකි ය.
 
"මම ඒ දෙන්නාට මගේ ගීත ගායනා කරන්න ඉඩදීලා තියෙනවා. එයාලට මම ගීත පවරලා නැහැ. නමුත් රූපවාහිනී වැඩසටහන්වලට සමහර වෙලාවට මට යන්න ලැබුණත් මගේ ගීත ගායනා කරන්න ඒ දෙන්නව මම එක්කගෙන යනවා. ඒගොල්ලො වෙනමත් විවිධ අවස්ථාවලදී මගේ ගීත ලස්සනට ගායනා කරනවා. විවිධ තරගවලට අලුත් අය මගේ ගීත ගයන්න මගෙන් ඉල්ලනවා. මට කතා කළ අයට තරගයේදී ගයන්න මං අවසර දුන්නා. ඒ කාලේ ප්‍රවීණයන් අපටත් බොහෝ සෙයින් උදවු කර තිබෙනවා. මට ඒවා මතකයි. අලුත් පරපුර ඉදිරියට එන්න ඕනේ. මං එයාලාගේ දක්ෂතා බලන්න ආසයි." ඇය නිහතමානී ව කීවා ය.
 
තුෂාරි කළුබෝවිල
රසඳුන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top