Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
“අකිල මට හරියට කරදර කරනවා, මට දැන් ජීවිතේ එපාවෙලා. එයාට මොකක් හරි කරන්න ඕන... නැත්නම් අපි දෙන්නටම මෙහෙම නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ...” - ග්‍රාම නිලධාරිනිය අනියම් පෙම්වතා එක්ක එකතු වෙලා, සැමියාව අමු අමුවේ මැරූ හැටි ගැන, වෙනස්ම කතාවක් එළියට

- “අකිල මට හරියට කරදර කරනවා, මට දැන් ජීවිතේ එපාවෙලා. එයාට මොකක් හරි කරන්න ඕන... නැත්නම් අපි දෙන්නටම මෙහෙම නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ...” - ග්‍රාම නිලධාරිනිය අනියම් පෙම්වතා එක්ක එකතු වෙලා, සැමියාව අමු අමුවේ මැරූ හැටි ගැන, වෙනස්ම කතාවක් එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,378 Views
“අපිට බොරු කරන්න එපා! තමන් ආමි එකේ ..... එක්ක යාළුයි නේද?”

“අපි සේරම හොයාගෙන තියෙන්නේ.
අපරාදේ අමාරුවේ වැටිලා හිරේ යන්නයි වෙන්නේ...”

මට්ටක්කුලිය, කාක දූපත කාගේත් සිත්ගත් සුන්දර ස්ථානයකි.

කැලණි ගඟ මුහුදට එකතු වන මෝය අසල පිහිටි ඇළ මාර්ගයකින් වෙන්වන කඩොලාන තෙත් හා මිරිදිය විල්වලින් වටවූ කාක දූපත වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රීටා ජෝන් ඝාතනය හේතුවෙනි.

ඉකුත් දිනක කාක දූපතට පොලිස් නිලධාරීන් රැසක් පැමිණ සිටියේද මෙවන් ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටය. අත්පා ගැටගසා මුහුණද රෙදි කඩකින් බැඳ තිබූ මළසිරුරක් කාක දූපතට ගොඩගසා තිබිණි.

පොලිසිය සැක කළේ කිසිවකු විසින් එම පුද්ගලයා අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇති බවකි.

එහෙත් මොහු කාගේ කවුදැයි හඳුනා ගැනීමට පොලිසිය ගත් දැඩි උත්සාහය ව්‍යර්ථ වී ගියේ එදින රාත්‍රියේ සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවී තිබුණු හෙයිනි.

ඝාතනය සම්බන්ධයෙන් මෝදර පොලිසිය විමර්ශන ඇරැඹුවේය. ඒ අතර කොළඹ උතුර කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය විසින් අදාළ මළසිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත පැවරිණි.

නාඳුනන මළ සිරුරේ මුහුණ සහිත ප්‍රදේශය හඳුනා ගැනීමට නොහැකි වන තරමට විකෘති වී තිබිණි. දින ගණනාවක් පුරා මිනිස් සිරුර කාගේදැයි හඳුනා ගැනීමට උතුරු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දැඩිවෙහෙසක් ගත්තද නිරෝධායන ඇඳිරි නීතිය නිසා ඊට සිදුවූයේ දැඩි බාධාවකි.

මේ නිසා මාධ්‍ය ආයතනවල සහාය ලබා ගැනීමටද පොලිස් පරීක්‍ෂක ශි්‍රයන්තට නොහැකි විය. අවසානයේ ඔහු සිය ෆේස්බුක් ගිණුමට මෙම පුද්ගලයාගේ සිරුරේ ඡායාරූප හතරක් යොමුකර ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ උපක්‍රමය සාර්ථක විය.

එක් පුද්ගලයකු ෆේස්බුක් හරහා දන්වා තිබුණේ එම ඡායාරූපවලට සමාන පුද්ගලයකුගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් රාගම පොලිසියේ සටහන් වී ඇති බවකි. එම හෝඩුවාව ඔස්සේ ක්‍රියාත්මක වූ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා රාගම පොලිසියට ගියේය.

එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ අකිල සම්පත් රත්නසිරි නමැත්තකුගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකක් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති බවකි. ඉන් එක් පාර්ශ්වයක් ඔහුගේ විවාහක බිරිය බවත් ඇය ග්‍රාමසේවා නිලධාරිනියක් බවත් සෙසු පාර්ශ්වය මියගිය පුද්ගලයාගේ සොහොයුරියක් බවත් අනාවරණය කර ගත හැකි විය.

මින් හෝ මියගිය පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට හැකිවෙතැයි සිතූ විමර්ශන නිලධාරීහු පැමිණිලිකාර බිරිය සොයා ඇය පදිංචිව සිටි වල්පොළ නිවෙසට ගියහ.

“මගේ මහත්තයාත් 17 වැනිදා ඉඳලා ආගිය අතක් නැහැ. ඒත් මේ ඉන්නේ මගේ මහත්තයා වෙන්න බැහැ. එයාට මෙහෙම මැරෙන්න හේතුවක් නැහැ.”

මියගිය පුද්ගලයාගේ හිස කොටස රෙදි කඩකින් වැසී තිබෙන අයුරු ඡායාරූපවල සටහන්වී තිබීම නිසා ඔහු තම සැමියා බව ඇය නොපිළිගත්තාය.

“මේ ඇඟේ තියෙන ඇඳුම් ඔයාගේ මහත්තයාගේ නොවේද?” ස්ථානාධිපතිවරයා ග්‍රාම නිලධාරිනියගෙන් විමසීය. “නෑ”යි ඇය කීවාය. ඉන්පසු නිලධාරීන් යොමුවූයේ අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සොහොයුරිය වෙතය. නිලධාරීහු ඇයට ඔවුන් අත තිබූ මළ සිරුරේ ඡායාරූප පෙන්වූහ.

“ඔව්... සර්... මේ මගේ මල්ලි තමයි. එයාගේ ඇඳුම් තමයි...”

ඡායාරූපවල සිටින්නේ තම සොහොයුරා බව ඇය ප්‍රකාශ කිරීමත් සමඟ නිලධාරීහු ඇගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක්ද ලබා ගත්හ. එහිදී ඇය සොහොයුරා හා බිරිය අතර ඇති ආරවුල් හා ඊට බලපෑ කරුණු කාරණාද නිලධාරීන්ට කීවාය.

ඒ අනුව අකිල දක්‍ෂ එල්ලේ ක්‍රීඩකයකු බව පොලිසිය හඳුනා ගත්තේය. ශ්‍රී උදාර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එල්ලේ පිටියට පිවිසි ඔහු ඉන් අනතුරුව වරාය අධිකාරිය එල්ලේ කණ්ඩායමද, වල්පොළ සොහොයුරෝ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසද කටයුතු කළ ඔහු තොටළඟ අරුණ හි වැඩබලන නායකයාද විය.

මෙවන් දක්‍ෂ ක්‍රීඩකයකු අමානුෂික ලෙස මරා දැමීම නිලධාරීන්ට මහත් ගැටලුවක් විය.

“සමහර විට අකිලගේ බිරිය මේ ගැන මොකක් හරි දන්නවා ඇති. ඒකයි එයා මිනිහගේ බොඩියවත් හඳුනා ගත්තේ නැත්තේ...” නිලධාරීහු සිතූහ.

ඒ අනුව නිලධාරීහු රහසිගතව විමර්ශනයක් සිදුකළහ. ඔවුහු ග්‍රාම නිලධාරිනියගේ චර්යාව ගැනද කරුණු කාරණා සොයන්නට වූහ. මෙම සොයා බැලීමේදී අනාවරණය වූයේ ඇය හමුදා කෝප්‍රල්වරයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවය.

එමෙන්ම අකිල හා බිරිය අතර දිගින් දිගටම ආරවුල් පැවැති බවත් ඒ සම්බන්ධයෙන් රාගම පොලිසියට පැමිණිලිද ඉදිරිපත්වී ඇති බවත් හෙළිවිය. පවුල් ආරවුල උත්සන්න වීමට අකිලගේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයද බෙහෙවින් බලපා ඇති බව නිලධාරීහු අනාවරණය කර ගත්හ.

පසුව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවූයේ ඇය සමඟ සබඳකම් පවත්වන හමුදා කෝප්‍රල්වරයා වෙතය. එහිදී දැනගත හැකි වූයේ ඔහු මට්ටක්කුලිය හමුදා කඳවුරක කෝප්‍රල්වරයකු බවය. මේ සියල්ල අනාවරණය කර ගත් විමර්ශන නිලධාරීහු ග්‍රාම නිලධාරිනිය විමර්ශන ඒකකයට කැඳවා නැවතත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ.

“අපිට බොරු කරන්න එපා! තමන් ආමි එකේ ..... එක්ක යාළුයි නේද? අපි සේරම හොයාගෙන තියෙන්නේ. අපරාදේ අමාරුවේ වැටිලා හිරේ යන්නයි වෙන්නේ...”

ස්ථානාධිපතිවරයා ඉදිරියේ තවදුරටත් බොරු බේගල් කීමෙන් පලක් නැති බව දත් ග්‍රාම නිලධාරිනිය සිය සැමියා වූ අකිලට සිදුවු දේ හෙළිකරන්නට වූවාය.

ඇය අකිල හා විවාහ වී ඇත්තේ පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් වශයෙනි. ඇය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතර අකිල රාගම, වල්පොළ පදිංචිව සිටියේය. දරුවෝ තිදෙනෙක්ද වූහ.

අකිල රැකියාව කළේ වරාය අධිකාරියේය. විවාහයෙන් පසු බිරියට ග්‍රාමසේවා නිලධාරිනියක් ලෙස රැකියාවක්ද ලැබිණි. ඇය සැමියා හා දරුවන් සමඟ වල්පොළ නිවෙසේ ජීවත් වුවත් රැකියාව කරගෙන යෑම සඳහා මට්ටක්කුලියට ආවාය. ඇගේ කාර්යාලය පිහිටා තිබුණේ මට්ටක්කුලිය විහාරස්ථානයකය.

කල්යෑමේදී ඇගේ සැමියා අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි විය. මේ නිසා දෙදෙනා අතර ආරවුල් පැන නැඟිණි. ග්‍රාම නිලධාරිනියක් ලෙස රාජකාරි කළ ඇයට සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය දැඩි අපහසුතාවක් ගෙන දුන්නාය. මේ නිසාම අකිලගේ වරායේ රැකියාවද ඔහුට අහිමි විය.

ඒත් ඔහු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම නතර කළේ නැත. අයිස් ගහන්නට මුදල් ඉල්ලා බිරියට කරදර කළේය. බැන වැදුණේය. පහර දුන්නේය. මෙය බිරියට දරාගත නොහැකි විය. මේ නිසා ඇය අකිලව මඟහැර වල්පොළ ගෙදරට නොගොස් දෙමටගොඩ ඥාතියකුගේ නිවෙසේ සිය දරුවන් සමඟ විසුවාය.

මේ අතරතුර අකිල බිරියගේ ඥාති සොහොයුරියක සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. අවසානයේ ඔහු ඇය සමඟ පලාගොස් වෙනම නිවෙසක ජීවත් විය. එහෙත් ඔහු ඉඳහිට තම දරුවන් දැක බලා ගැනීමට නිවෙසටද පැමිණියේය.

කාලය මෙසේ ගෙවී ගියේය. මේ අතරතුර අකිල සමඟ ජීවත්වෙමින් සිටි අනියම් බිරිය හදිසියේ මරණයට පත්වීම අකිලට මහත් වේදනාවක් ගෙන දුන්නේය. ඉන් අනතුරුව ඔහු නැවතත් කසාද බිරිය සොයාගෙන පැමිණියේය.

අකිල ඇය අතහැර ගිය කාලය තුළ එක්තරා පුද්ගලයකු හඳුනා ගැනීමට ඇයට හැකිවිය.

ඒ මට්ටක්කුලිය හමුදා කඳවුරක රාජකාරි කළ කෝප්‍රල්වරයෙකි.

ඔහු සේවය කළේ ගැමුණු රෙජිමේන්තුවට අයත් මට්ටක්කුලියේ පිහිටි හමුදා කඳවුරකය. ප්‍රදේශයේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම ඔහුට පැවරී තිබිණි. ඔහු බුද්ධි තොරතුරු දැනගැනීම සඳහා ග්‍රාම නිලධාරිනිය සමඟ මිතුරු විය. කල්යත්ම එම මිතුරුකම අනියම් ඇසුරක් බවට පත්විය. සිය සැමියාට හොර රහසේ කෝප්‍රල්වරයා සමඟ ගමන් බිමන් ගියාය. ඒත් වැඩිකල් යන්නට පෙර ඒ බව සැමියාට දැනගත හැකි විය. එදා පටන් අකිල හා ඇය අතර ආරවුල් වඩාත් උග්‍ර විය. ඇගේ කාර්යාලයට ගොස් ඇයට බැන වදින්නට පවා අකිල පුරුදු විය. මේ නිසා ඇයට සිය රාජකාරිය කරගත නොහැකි විය.

“අකිල මට හරියට කරදර කරනවා, ගහනවා, අයිස් ගහනවා. මට දැන් ජීවිතේ එපාවෙලා. අපේ සම්බන්ධයත් එයා දැනගෙන තියෙනවා. එයාට මොකක් හරි කරන්න ඕන... නැත්නම් අපි දෙන්නටම මෙහෙම නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ...” අවසානයේ ඇය පෙම්වතාට කීවාය.

අකිලට පාඩමක් ඉගැන්විය යුතු යැයි දෙදෙනා අතර කතාබහක්ද ඇති විය. මේ කිසිත් නොදත් අකිල සුපුරුදු පරිදි බිරියට පහර දෙමින්, බැන වදිමින් කාලය ගත කළේය.

මේ නිසා ඇයට දරුවන් සමඟ තැන්තැන්වල ජීවත් වීමට සිදුවිය. හොඳම දේ අකිලව මඟහැර යෑම බව ඇයට වැටහිණි. අවසානයේ ඇය දරුවන්ද සමඟ මහනුවර ප්‍රදේශයේ නිවෙසකට ගියහ. ඒ ගමනට තවත් පුද්ගලයෙක්ද එක්විය. ඒ ඉකුත් අගෝස්තු මස 4 වැනිදාය.

මෙසේ දින කිහිපයක්ම රැකියාවටද නොයමින් ඇය මහනුවර රැඳී සිටියාය. ඒ අතරතුර ප්‍රාදේශීය ලේකම්වරයා ඇය අමතා රැකියාවට නොඑන්නේ නම් රැකියාව අහිමිවනු ඇතැයි කීවේය. මින් බියට පත් ඇය දින හතකට පසු ඉකුත් මස 11 වැනිදා දරුවන්ද ඇගේ හිතවතාද සමඟ නැවත කොළඹ පැමිණියාය. එහෙත් ඇය වල්පොළ නිවෙසට නොගොස් දෙමටගොඩ නෑ ගෙදරක නැවතුණාය.

එහෙත් ඇයට වැඩි දිනක් දෙමටගොඩ නිවෙසේ රැඳෙන්නට ඉඩක් නොලැබිණි. අකිල දෙමටගොඩ නිවෙසට පැමිණ ඇයට බැනවැදී දරුවනුත් ඇයත් රැගෙන වල්පොළ ඔහුගේ නිවෙසට ගියේය. ඒත් හිතේ සතුටින් එහි රැඳී සිටීමට ඇයට නොහැකි විය. ඇය සිය දුරකථනයෙන් පෙම්වතාට මේ බව කීවාය.

මෙලෙස දින කිහිපයක් වල්පොළ නිවෙසේ රැඳී සිටි ඇය ඉකුත් අගෝස්තු මස 16 වැනිදා දරුවන්ද සමඟ වල්පොළ නිවෙසින් පිටවුණේ අකිල අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට නිවෙසින් පිටව ගිය මොහොතේය. නිවෙසට පැමිණි අකිල දුටුවේ බිරියත් දරුවනුත් නිවෙසින් පලාගොස් ඇති බවය. ඔහු ඒ මොහොතේ සිටම ඇයත් දරුවනුත් සොයා දස අතේ ඇවිද්දේය. එහෙත් ඇය කිසි තැනක නොවීය.

කෙසේ වෙතත් ඇගේ ජංගම දුරකථනය යළි ක්‍රියාත්මක වී තිබුණේ අගෝස්තු මස 17 වැනිදාය. ඒ සැණින් අකිලගෙන් ඇයට ඇමතුමක් ලැබිණි.

“කොහෙද උඹ ඉන්නේ?” අකිල ඇයට පරුෂ වචනයෙන් බැන වැදුණේය. ඇයද එලෙසම ඊට ප්‍රතිචාර දැක්වූවාය.

“මම ඉන්නේ ඔෆිස් එකේ. උඹට ඕනෑනම් එහාට වරෙන්”

අකිල නිසැකවම තමා සොයාගෙන එන බව ඇය දැන සිටියාය. එහෙත් ඒ වන විට ඇය සිය කාර්යාලයේ සිටියේ නැත. ඇය සිටියේ විවාහ මංගල්‍යයකට යෑමට සූදානම් වෙමින්ය. ඒ අතරතුර ඇය හිතවතකු ඇමතුවාය. මේ සියල්ල ඇය ඔහුට කීවාය. ඇය එතැනින් නතර වූයේ නැත. සිය කාර්යාලයේ රැඳී සිටි සේවිකාවකටද දුරකථනයෙන් ඇමතුවාය.

“මාව හොයාගෙන අකිල ඒවි. එයා මම එනකම් ඔෆිස් එකේ තියා ගන්න. මම ඉක්මනට එනවා”

ඇය එසේ කියා ගතවූයේ මොහොතකි. අකිල සිය යතුරුපැදියෙන් ඇය සොයා ඇගේ කාර්යාලයට ආවේය.

“අක්කා කිව්වා අක්ක මඟ එනවා කියලා අයියට ඔෆිස් එකට වෙලා ඉන්න කියලා”

සේවිකාව අකිලට කීවාය.

අකිල බිරිය එනතුරු මඟ බලා සිටියද ඇය පැමිණියේ නැත. ගතවූයේ නිමේෂයකි. බොලෙරෝ වර්ගයේ ජීප්රියක් වේගයෙන් පැමිණ අකිල අසල නතර විය. ඉන් බැසගත්තේ සිවිල් ඇඳුම් ලාගත් පිරිසකි. එහෙත් රිය පදවමින් පැමිණියේ හමුදා නිල ඇඳුම් ලා ගත් අයෙකි.

“උඹ අයිස් විකුණනවා නේද?”

ජීප් රියෙන් පැමිණි කිහිපදෙනකු අකිල අල්ලා ජීප් රියට දමා ගනිද්දී තවත් දෙදෙනෙක් අකිලගේ යතුරුපැදියට ගොඩ වූහ.

“ඇයි සර්? මම මොකක්ද කළ වැරැද්ද?” අකිලට පවසන්නට හැකිවූයේ එපමණකි. අකිල රැගත් ජීප්රිය එතැනින් පිටව ගියේය. එදායින් පසුව අකිල යළි බිරිය සොයා පැමිණියේ නැත.

බලධාරීහු මේ කරුණු කාරණා සියල්ල ඇගෙන් හෙළිකර ගත්හ. එමෙන්ම අකිල පැහැරගෙන ගිය පිරිස කවුදැයිද දැනගත්හ. ඊට ඇගේ අනියම් පෙම්වතා වූ කෝප්‍රල්වරයා සම්බන්ධ වී ඇති බවද අනාවරණය කරගත හැකි විය.

පැහැර ගැනීමෙන් පසු ඔහු මරා දැමූ ආකාරය හමුදා කෝප්‍රල්වරයාගෙන් දැනගත හැකි බව දත් ස්ථානාධිපතිවරයා තොරතුරු සියල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නේය. ඒ වන විට විමර්ශන ඇරැඹූ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා එම කොට්ඨාසයෙන් වෙනත් කොට්ඨාසයකට මාරුකර තිබූ අතර නව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස අමල් එදිරිමාන්න මහතා පත්කර තිබිණි.

සිද්ධියට හමුදා නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බව අනාවරණය වීම නිසා විමර්ශන නිලධාරීහු ඔවුන් එකවර අත්අඩංගුවට ගැනීමට මැළි වූහ. පසුව මේ සම්බන්ධයෙන් පළාත් භාර ජේ‍යෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ හමුදා කඳවුරේ බලධාරීන්ට මේ බව දන්වන ලදී. සැකකාර හමුදා කෝප්‍රල්වරයා ගැන තොරතුරු බලධාරීන්ට ලබාදී මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු අවශ්‍ය බවද විමර්ශන නිලධාරීහු බලධාරීන්ට කීහ. සැකකාර හමුදා කෝප්‍රල්වරයා සිවිල් ඇඳුමෙන් රාජකාරි කළද ඔහු විමර්ශන නිලධාරීන් වෙත ඉදිරිපත් වූයේ නිල ඇඳුමෙන් වීමද විශේෂත්වයක් විය.

“අපි ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. ඔහු සම්බන්ධකම පැවැත්වූ අනියම් කාන්තාව ප්‍රකාශ කළ කරුණු ඔහුගෙන් විමසද්දී ඔහුට ඇත්ත හෙළි කරන්නට සිදුවුණා. ග්‍රාම නිලධාරිනියගේ කාර්යාලය ඉදිරිපිටදී අකිලව පැහැරගෙන ගිය මේ පිරිස පන්සල පිටුපසදී ඔහුට හොඳටම පහරදීලා පස්සේ අත් බැඳලා මාදම්පිටිය කුණු කන්දට අරන් ගිහින් මුහුණ රෙදි කඩකින් වහලා ආයෙත් පහරදීලා තියෙනවා.”

ඉන් අනතුරුව සැකකරුවන් විසින් ගෙනෙන ලද ලණුවකින් අකිලගේ ගෙල සිර කිරීමත් සමඟ අකිලගේ අවසන් හුස්ම වායුතලයට මුසු වී ගියේය. පසුව කුණුගොඩ අසලින් සොයාගන්නා ලද පොලිතීන් බෑගයකට ගල් පුරවා එයද අකිලගේ සිරුරේ ගැට ගැසිණි. ඉන්පසු සිරුර ජීප් රියට දමාගත් පිරිස කෙළින්ම ගියේ කළුපාලම අසලටය. ජීප් රිය එතැන නතරකොට ගල්ගැට ගැසූ අකිලගේ සිරුර කළුපාලම උඩින් කැලණි ගඟට දමා ඇත්තේ ඉන් අනතුරුවය.

මළසිරුර මෝය කටින් මුහුදට වැටෙනු ඇතැයි සිතූ ඔවුහු අකිලගේ යතුරුපැදියද රැගෙන සිය කඳවුරට ගොස් දින දෙකක් ඇතුළත කඳවුර තුළම මස් කර පුලුස්සා එහි කොටස්ද කැලණි ගඟට දැමූහ.

අකිලගේ මරණය සදා අබිරහසක් වනු ඇතැයි හමුදා පිරිස බලාපොරොත්තු වුවද ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු කරගන්නට ස්වභාවධර්මය ඉඩ නොදුන්නේය. දින තුනකට පසු අකිලගේ සිරුර ගැට ගැසූ ගල්ද සමඟ කාක දූපතට ගොඩ ගැසීය. ඒ ඉකුත් අගෝස්තු මස 20 වැනිදාය. පොලිස් නිලධාරීන්ට අකිලගේ මළසිරුර කාක දූපතේදී සොයා ගැනීමට හැකි වන්නේ ඉන් අනතුරුවය.

අකිලගේ බිරිය ඔහු අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිලි කරන්නේ මේ අතරතුරදීය.

සියල්ල මෙසේ අනාවරණය කර ගැනීමෙන් අනතුරුව හමුදා කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන්නට නිලධාරීහු කටයුතු කළහ. අකිලගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා ලද මට්ටක්කුලිය හමුදා ක¼ඳවුරේ තවත් සෙබළුන් 7 දෙනකුද අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හැකි විය.

මේ අතර හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නියෝග මත මෙම සිද්ධියට අදාළ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් හමුදා පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

මෙම නිලධාරීන් වරදක් කර ඇති බවට තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් දෙන බවද යුද හමුදා මූලස්ථානය පැවැසීය. කෙසේ වෙතත් මෙම සිද්ධියට මට්ටක්කුලිය හමුදා කඳවුරේ බුද්ධි ප්‍රධානියාගේද සහාය ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇත. එහෙත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතත් ඔහු යුද හමුදා පොලිසිය භාරයට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ කොළඹ උතුර කොට්ඨාස භාර හිටපු ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, වත්මන් කොළඹ උතුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත කොළඹ උතුර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලීන් ශි්‍රයන්ත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයසිංහ හා සෙනෙවිරත්න, සැරයන් කුලතුංග, (47090) හා කොස්තාපල්වරුන් වන අසේල (50142), ලලිත් (30609), කුමාර (91102) කාන්තා පොලිස් කොස්තාපල් සුලෝචනා (11117) යන මහත්ම මහත්මීහු මෙම විමර්ශනවලට සහභාගි වූහ.

පොලිස් විමර්ශන අනුව ලිපිය සකස් විය.

කීර්ති මෙන්ඩිස්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top