Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
අවුරුදු 20ට ඩොලර් ට්‍රිලියන 2ක් නැති නාස්ති කළ ඇමරිකානුවෝ

- අවුරුදු 20ට ඩොලර් ට්‍රිලියන 2ක් නැති නාස්ති කළ ඇමරිකානුවෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,093 Views
යම්කිසි රාජ්‍යයක බලය අත්පත් කර ගැනීමට සිදු කරන සන්නද්ධ අරගල ලෝක දේශපාලන ඉතිහාසයේ එමටය. ඉතිහාසය හාරා ඇවිස්සීමේදී එවැනි අරගල රැසක තොරතුරු සොයා ගත හැකිය. එහෙත් පවතින රාජ්‍ය පාලනයට එරෙහිව සිදු කළ එවැනි අරගල සාර්ථක වූ අවස්ථා ඇත්තේ අතළොස්සක් පමණි.

සන්නද්ධ අරගල බොහෝ විට සාර්ථකවීමට තුඩු දුන් සාධකය වන්නේ පවතින රාජ්‍ය පාලනය ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව තිබීමය. එබැවින් සන්නද්ධ අරගල සඳහා නායකත්වය මතු වන්නේ ද ජනතාව අතරිනි. අනතුරුව රාජ්‍ය විරෝධී ජනතාව නායකත්වය වටා පෙළ ගැසෙන්නේ රට ආගාධයට තල්ලු කරන පාලකයන් පළවා හැර රට මුදා ගැනීම උදෙසාය. ඊට හොඳම නිදසුන කියුබාවය. හමුදා කුමන්ත්‍රණයකින් බලය රැකගෙන ධනේෂ්වර අමෙරිකාවට වුවමනා අයුරින් රට පාලනය කළ ෆුල්ගෙනීෂියෝ බැටිස්ටාගේ ඒකාධිපති ක්‍රියා පිළිවෙතට එරෙහිව 1959 දී විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ කියුබානු විප්ලවය ජය ගත්තේ එවැනි පසුබිමකදීය. අනතුරුව අඩසිය වසක්ම කියුබාව පාලනය කිරීමට කස්ත්‍රෝට හැකිවූයේ ජනතාවගේ ආශිර්වාදය මැදිනි. එහෙත් ඇෆ්ගනිස්තානයේ සිදු වූයේ ඊට වෙනස් පෙරළියකි. ඇෆ්ගනිස්තාන රජය පෙරළා දමා තලේබාන් සංවිධානය බලය අත්කර ගත්තේ ජනතා විරෝධය මැදිනි. 
 
දැඩි මතධාරී හෝ අන්තවාදී සංවිධානයක් ලෙස බටහිර රටවල් ලේබල් ගැසූ තලෙ­්බාන් සංවිධානය තමන්ගේම ජාතිය අතර දැඩි අප්‍රසාදයට පත්ව සිටි බැවින් නව රජයක් පිහිටුවූවත් තලේබාන් පාලනයට නම් නතුවීමට කිසිදු ඇෆ්ගන් ජාතිකයකු කැමැති නැත. එහෙත් දැන් සිදු වී ඇත්තේ සිදු නොවිය යුත්තකි. දශක දෙකක් හමුදාව රඳවා තබා ගනිමින් අමෙරිකාව සිදු කළ ක්‍රියාදාමය එහෙම පිටින්ම පුස්සක් බවට පත්වී ඇත. තලේබාන් සංවිධානය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය යටත් කරගනිමින් කාබුල් අගනුවරට ළඟා වෙද්දී අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සාම සාධක හමුදාවේ අවසන් සේනාංක පිටත්ව තිබුණේ ද නැත. 
 
මේ අමෙරිකා විරෝධි සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් මොහොතේ පවා නේටෝ හමුදාවේ අවසන් සේනාංක සහ සැලකිය යුතු ප්‍රමාණයක විදෙස් ජාතිකයන් කාබුල් ගුවන්තොටුපොළේ රැඳී සිටි අතර, තලේබාන් පාලනයට බියෙන් රටින් පැන යෑමට පැමිණි දහස් ගණනක ඇෆ්ගනිස්තාන ජාතිකයන් ද ඒ අතර විය. දැන් ඇෆ්ගනිස්තානයේ සිදුවන්නේ තලේබාන් සංවිධානය අපේක්ෂා නොකළ සිදුවීම් පෙළකි. තලේබාන් සංවිධානය පැවති රජයට සහ විදෙස් හමුදාවලට සහාය දුන් ඇෆ්ගනිස්තාන ජාතිකයන් සොය සොයා පලි ගනිමින් සිටියදී එරට කාන්තාවෝ දැඩි සීමා තහංචිවලට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කරති. දරිද්‍රතාව හැම අතින්ම ඉහළ යද්දී ආහාර අර්බුදයක් ද ඇෆ්ගනිස්තානයට අත වනමින් තිබේ. සන්නද්ධ අරගලයකින් රටේ පාලනය පෙරළා දැමීමෙන් එරටට විදෙස් ආධාර පවා අහිමි වී තිබේ.
 
 අන්තර්වාර රජයක් ස්ථාපිත කරමින් තලේබාන් සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට පිවිසෙමින් සිටින බව ලෝකයාට පෙන්නුම් කළ ද, සැබැවින්ම එරට සිදුවන්නේ ඊට වෙනස් දෙයකි. එහෙත් අන්තර්ජාතික දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ ඇෆ්ගනිස්තානයේ වත්මන් සිදුවීම් සම්බන්ධව අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩින්ට හෝ ඔහුට පෙර සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ඊටත් පෙර සිටි බැරක් ඔබාමාට හෝ දොස් පැවරීම එතරම් සාධාරණ නැති බවය. ඔවුන්ට සිදු වූයේ උරචක්‍ර මාලයක් ගෙලේ එල්ලා ගත්තා වැනි වැඩකි. එබැවින් දශක දෙකක් ගතවූවත් සාර්ථක විසඳුමකට අවතීර්ණ වීමට නොහැකි පසුබිමක ඔවුන්ට අවශ්‍ය වූයේ ඉන් ගැලවීමටය. එය අනාගතයේ කවර දිනෙක හෝ සිදුවිය යුතුව තිබූ දෙයකි. 
 
අනිත් අතට ඇෆ්ගනිස්තානයේ ඇති වූ අවුල් සහගත තත්ත්වය ඔවුන් අපේක්ෂා නොකළ එකකි. එවැනි ඉරණමකට මුහුණදීමට අමෙරිකාවට සිදු වූයේ වසර 2001 ඔක්තෝබරයේදී ඔවුන් එවකට ඇෆ්ගනිස්තානය පාලනය කළ තලේබාන් සංවිධානය පළවා හැරීමෙන් පසු අනුගමනය කළ ප්‍රතිපත්ති මාලාව හේතුවෙනි. ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකාව සහ මිත්‍ර රටවල් එක්ව යුද වැදුණේ ඉන් අනතුරුවය. සැබැවින්ම තලේබාන් සංවිධානය සමඟ සමීප සබඳතා ගොඩ නඟාගෙන සිටි බවට අමෙරිකාව හොඳින්ම දැන සිටි අසල්වැසි පාකිස්තානය පවා මුල් කාලීනව අමෙරිකාව සමඟ අත්වැල් බැඳ සිටි බව නොරහසකි. එහෙත් අමෙරිකාව ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙළීම ආරම්භ කිරීමට පෙර ඔසාමා බින් ලාදේන් සහ අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයන් රටින් පලවා හරින ලෙස එවකට පාකිස්තානයේ ජනාධිපති සහ හමුදා ප්‍රධානී ජෙනරාල් ෆර්වේස් මුෂාරෆ් තලේබාන් සංවිධානයේ නායක මුල්ලා ඔමාර්ගෙන් ඉල්ලා සිටි බව දැන සිටියේ අතලොස්සක් පමණක් බව විදෙස් වාර්තා මගින් පැහැදිලි වේ. 
 
ඒ වනවිට නිව්යෝක් නුවරට සහ වොෂින්ටනයට එල්ල වූ සැප්තැම්බර් 11 අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් අමෙරිකාව දැඩි කෝපයට පත්ව සිටියේය. අනිත් අතට සිය දියණිය ඔසාමා සමඟ විවාහ වී සිටි බවට පැතිර ගිය පුවත මුල්ලා ඔමාර් විශ්වාස කළේ ද නැත. ඒ මොහොතේ ජෙනරාල් මුෂාරෆ්ට අවශ්‍ය වූයේ තලේබාන් පාලනය රැක ගැනීම පමණි. එබැවින් තලේබාන් රජය රැකදෙන ලෙසට ඔහු අමෙරිකාවෙන් ඉල්ලා සිටියද, අමෙරිකාව ඊට එකඟ වූයේ නැත. එවකට ඇතැම් බටහිර රටවල මාධ්‍ය මගින් ප්‍රකාශ වූයේ ජෙනරාල් මුෂාරෆ් තලේබාන් පාලනය රැක ගැනීමට උත්සාහ ගනිමින් සිටියේ ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩාව ලෙස සලකමින් බවය. වසර 2001 ඔක්තෝබර් මාසයේ 7 වැනිදා අමෙරිකාව විසින් ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙළීම ආරම්භ කරනු ලැබූ අතර, තලේබාන් පාලකයෝ සහ අල් කයිඩා ත්‍රස්තවාදීන් පාකිස්තානයට පළා ගියේ පාකිස්තානයට ඇතුළුවීමට හෝ පාකිස්තාන දේශ සීමාව අසලට බෝම්බ හෙළීමට අමෙරිකාවට අවසර නොලැබුණු නිසාය. 
 
අමෙරිකාව ඇතුළු නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයේ සිදු කරන හමුදා ක්‍රියාන්විත සාර්ථක වනු ඇතැයි තමා නොසිතන බව රුසියාවේ හිටපු ජනාධිපති මිහායිල් ගොර්බචොව් එරට ආර්අයිඒ පුවත් ඒජන්සියට ප්‍රකාශ කර තිබිණි. ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමෙන් පසු 1989 වසරේදී සිය හමුදා ආපසු ගෙන්වා ගත් ගොර්බචොව්ට එසේ සිතීමට ඉවහල් වූ සාධක කවරේදැයි කිසිවකු දැන සිටියේ නැත.
 
 එහෙත් දශක දෙකක දීර්ඝ කාලයක් පුරා තලේබාන් සංවිධානය සහ අල් කයිඩා ත්‍රස්තවාදීන් සමඟ යුද්ධ කළ අමෙරිකාව ඇතුළු නේටෝ හමුදාවට හිස් අතින් ආපසු යෑමට සිදුවීමෙන් ගොර්බචොව්ගේ අනාවැකිය හරි ගිය අතර, සෝවියට් සංගමයේ බිඳ වැටීමට හේතු වූ ගොර්බචොව් එවැනි අනාවැකියක් පළ කිරීම එක් අතකට විමතියට කරුණක් බව පසුගියදා විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් ඔහු පාකිස්තාන- තලේබාන් - අල් කයිඩා සබඳතා මැනවින් දැන සිටි බව ඉන් පැහැදිලි වන්නේ යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේය. එබැවින් අමෙරිකාව ඇතුළු නේටෝ රටවල හමුදා ක්‍රියාන්විතයේදී තලේබාන් සහ අල් කයිඩා සංවිධානවලට එරෙහිව පාකිස්තානය කටයුතු කරනු ඇතැයි විශ්වාස කිරීම විකාර සිතිවිල්ලක් බව ඔහුට අවබෝධ වන්නට ඇත. පාකිස්තානය ත්‍රස්තවාදයට පහසුකම් සපයන්නන් ලෙස සැලකීම වෙනුවට ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ඔවුන් සිය යුද්ධයේ හවුල්කරුවන් ලෙස පිළිගැනීමට අමෙරිකාව ගත් තීරණය ඥානාන්විත එකක් නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ඇරත් ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අමෙරිකාව ඩොලර් බිලියන ගණනක් පාකිස්තානයට සැපයීම ද දේශපාලන විශ්ලේෂකයන්ගේ විමතියට කරුණක් වී තිබිණි. 
 
ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන්ට, එවකට පැවති රජයට සහ නේටෝ හමුදාවට එරෙහිව ත්‍රස්තවාදය ව්‍යාප්ත වූවද, තලේබාන් සහ අල් කයිඩා සාමාජිකයන් රැකවරණය ලබමින් සිටි පාකිස්තානයේ ගෝත්‍රික කලාපයට ප්‍රහාර එල්ල නොකිරීමට මිත්‍ර හමුදාව එකඟ කර ගැනීමට පාකිස්තාන රජය එවකට සමත්වී තිබිණි. එරට හිටපු ජනාධිපති හමීඩ් කර්සායිගේ අදහසට අනුව නම් පාකිස්තානය තලේබාන් සංවිධානය සමඟ තිබූ මිත්‍රත්වය අවසන් කරන්නේ නම් ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට හැකියාව තිබිණි. ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට පාකිස්තානය සම්බන්ධ බවට එකළ ඇෆ්ගනිස්තාන බුද්ධි අංශය චෝදනා කර තිබූ අතර, ගෝත්‍රික කලාපයේ රැකවරණය ලබමින් සිටි ත්‍රස්තවාදීන් පාලනය කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසට එවකට අමෙරිකාව කළ ඉල්ලීම පාකිස්තානය ඉවත දැමීම ද සැලකිය යුතු කරුණක් විය. 
 
වසර 2003දී එවකට හිටපු අමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ් ඇෆ්ගනිස්තාන යුද්ධය අතහැර ඉරාකයට ප්‍රහාර එල්ල කරමින් ජනාධිපති සදාම් හුසේන් යටත් කරගැනීමට මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් තලේබාන් සංවිධානයට යළි ඇෆ්ගනිස්තානය තුළ ප්‍රතිසංවිධාන වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වූ බව අමෙරිකා වාර්තාවක සඳහන් විය. එතැන් සිට තලේබාන් සංවිධානය පසුගියදා ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගන්නා තුරු ආපසු නොහැරුණු බව තවත් වාර්තාවකින් දැක්වෙයි. එමෙන්ම නේටෝ හමුදාවෙන් සිය හමුදාව ඉවත් කරගන්නා බව පසුකාලීනව අමෙරිකාවේ ජනාධිපතිධුරයට පත් වූ බැරක් ඔබාමා නිවේදනය කිරීම ද තලේබාන් සංවිධානය ලද දිරිගැන්වීමක් බව කියැවේ. අනතුරුව දෝහා කටාර්හි දී තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡාවක නිරත වීමට පසුකාලීනව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කිරීමත් ඔවුන්ට ශක්තියක් වූ බව පැවසේ. ජනාධිපති ජෝ බයිඩ්න් සිය හමුදාව ඉවත් කරගැනීමට පියවර ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානය තුළ අමෙරිකා පරාජය තහවුරු විය. 
 
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීම ඇෆ්ගනිස්තානයට විමුක්තිය උදාවීමක් ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් හඳුන්වනු ලැබූ අතර, එරට ඊනියා විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කිරීමට පසුගිය වසර 20 පුරාවට තම රට අමෙරිකාවෙන් ඩොලර් බිලියන ගණනක් ගත් බව ඔහුට අමතක වූවා සේය.
 
 ෆවුස් මොහොමඩ්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top