Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
"අවුරුදු 16ක දුවෙක් ඉන්නවා, මම වයස කෙනෙක් කියලා හිතන්නේ නැහැ. අදටත් ජිම් ගිහිල්ලා ලස්සනට ඉන්නවා..." - රෝස් අලගියවන්න

- "අවුරුදු 16ක දුවෙක් ඉන්නවා, මම වයස කෙනෙක් කියලා හිතන්නේ නැහැ. අදටත් ජිම් ගිහිල්ලා ලස්සනට ඉන්නවා..." - රෝස් අලගියවන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,767 Views
මේ දවස්වල වෙන්න තියෙන හොඳම දේ වෙනවා. ඒක දැනට රහසක් විදිහට තියාගන්නම්. ඒකට මම පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. සමහර දවස්වලට පැය පහක් හයක් විතර පුහුණු වෙනවා. ඊට අමතරව ගෙදරට වෙලා කනවා. බොනවා. අලුත් නිර්මාණ කටයුතු නම් මේ දවස්වල වෙන්නේ නැහැ.

ඒ කියන්නේ මේ දවස්වල නිදහසේ ඉන්නවාද?
ඔව්. නිදහසේ හිටියට නිකම්ම නම් ඉන්නේ නැහැ හැබැයි අනිවාර්යයෙන්ම වොයිස් ට්‍රේනින්ග් කරනවා.
 
ෆැලෑස් බෑක් සංගීත කණ්ඩායමට සම්බන්ධවෙලා දැන් ලොකු කාලයක් නේද?
ඔව්. 2003 වසරේ අගෝස්තු 31 වැනිදා තමයි ෆැලෑෂ් බෑග් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ. දැන් අවුරුදු 18ක් වෙනවා. ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ ක්‍රිස්ටෝපර් අයියා තමයි මාව ෆැලෑෂ් බැක් සංගීත කණ්ඩායමට සම්බන්ධ කළේ.
 
ෆැලෑෂ් බැක් සංගීත කණ්ඩායම ගැනත් මතක් කරමු?
ෆැලෑෂ් බැක් කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මට හැමදේම ලැබුණේ බෑන්ඩ් එක නිසා. මම බෑන්ඩ් එකට සම්බන්ධ වෙනකොටත් ලංකාවේ උසස් ගණයේ සංගීත කණ්ඩායම් අතර ඉහළම තිබුණේ ෆැලෑෂ් බැක්. ඒක අදටත් එහෙමයි. නම්බර් 01 මම මේ සංගීත කණ්ඩායමට එන්න පුළුවන් වුණ එක හීනයක් වගේ. රොෂාන් ප්‍රනාන්දු, කින්ස්ලි පීරිස් වගේ අය එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණු එකත් මට හීනයක් වගේ. දැන් ඒ ගොල්ලෝ මට මගේ පවුලේ අය වගේ. ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයාවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ. අදටත් මම ඔවුන්ට ගරු කරනවා. සංගීත කණ්ඩායම එක්ක මම රට වටේ ගියා. ලෝකේ වටේ ගියා. හරිම සුන්දර කාලයක් තමයි බෑන්ඩ් එකත් එක්ක ගෙවුණේ.
 
රෝස් අලගියවන්න ගායකයෙක් නොවුණා නම්?
ඉස්කෝලෙ යන කාලේ මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ක්‍රිකට්, බාස්කට් බෝල්, ෆුට් බෝල් සහ මලල ක්‍රීඩා කළා. නාට්‍ය කළා. කෙටි කතා ලිව්වා. පරිගණක අංශයේ වැඩ කළා. මාව සංගීත ක්ෂේත්‍රයට යොමු වුණේ දිනේෂ් කියලා යාළුවෙක් ඉන්දා. දවසක් මම ඉස්කෝලේ ඩෙස් එකට ගගහා සින්දුවක් කිව්වා. දිනේෂ් ඒක අහන් ඉඳලා මම හොඳට ඒක කිව්වා කියලා කිව්වා. දවසක් විපුල කියලා සර් කෙනෙක් කිව්වා පන්තියේ කාට හරි රැස්වීමකට සින්දුවක් කියන්න කියලා. දිනේෂ් ඒකට මාව දැම්මා. දිනේෂ් තමයි මාව සංගීත තරගවලට පවා තල්ලු කරලා යැව්වේ. එහෙම තමයි මම සංගීත ක්ෂේත්‍රයට යොමු වුණේ. සංගීතය පැත්තට ආවෙ නැත්නම් මම මොන ක්ෂේත්‍රයකට යයිද කියලා හිතාගන්න බැහැ.
 
සංගීත ක්ෂේත්‍රයේ ඉන්න නවකයෝ ගැන මොකද හිතෙන්නේ?
මාරම දක්ෂ පිරිසක් ඉන්නවා. සින්දු කියන, හොඳට ප්ලේ කරන ගොඩක් දක්ෂයෝ ලංකාවේ ඉන්නවා. හැබැයි ඒ අස්සේ කරන්නන්වාලේ සංගීතය කරන පිරිසකුත් ඉන්නවා. සංගීතය කියන්නේ ගොඩක් ව්‍යාප්ත වුණ විෂයක්. ඒ නිසා අපි අඩුම මාස 6ක්, අවුරුද්දක්වක්වත් සංගීතය ගැන අධ්‍යයනය කරන්නට ඕනේ. සින්දුවක් කියන්න පුළුවන් වුණ පළියට, ගිටාර් එකක් ගහන්න පුළුවන වුණ පළියට බෑන්ඩ් පටන් අරන් වැඩක් නැහැ. අපි අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පැවැත්මක් නැහැ. මම මුල් කාලේ සින්දු කිව්වා වගේම දැන් සින්දු කියලා හරියන්නේ නැහැ. ඊට වඩා දියුණුවක් තියෙන්න ඕනේ. ඒකට අපි අප්ඩේට් වෙන්න ඕනේ. මම අලුත් අයගෙන් ඉල්ලන්නේ විෂයට අදාළ අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න කියලා.
 
පවුලේ අය ගැනත් මතක් කරමු?
මගේ පවුලේ මගේ අම්මා, තාත්තා, අයියා, මල්ලි ඉන්නේ. දැන් මම විවාහකයි. මට අවුරුදු 16ක දුවක් ඉන්නවා. දුව ෂෙලී මරියා, බිරිය ඉමේෂා පෙරේරා.
 
ඔවුන්ගෙන් ඔබට ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති?
ඔව්. සංගීතඥයෙක්ගේ බිරියක් විදිහට මගේ බිරිය මාව හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ. ඇගෙන් මට 1000%ක සහයෝගයක් ලැබෙනවා. අම්මා, තාත්තා, අයියා මල්ලිගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
 
ඟදී පිය ගුණ ගීතයක් ගැයුවා නේද?
ඔව්. රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේ රචනා කළ පිය ගුණ ගීතයක් ගායනා කළා. මට මීට කලිනුත් ස්වාමීන් වහන්සේලා ගීත රචනා කරලා දුන්නා. නමුත් මේ ගීතයේ වචනවල ලොකු තේරුමක් තිබුණා. වචන ටිකත් ලස්සනයි. මම මගේ ස්ටුඩියෝ එකේ තමයි මේ ගීතය වොයිස් කළේ. මම ඒ ගීතයටත් සාධාරණයක් කළා කියලා හිතෙනවා. මේ මාසේ 15 වැනිදා ගුවන් විදුලි නාළිකාවල ගීතය විකාශනය ඇරඹුණා. ළඟදීම ගීතයට රූප රචනයක් නිර්මාණය කරයි. ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ට මේ ගීතය නරඹන්නත් පුළුවන් වෙයි.
 
ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ වගේම තවමත් ගැහැනු ළමයින්ගේ ප්‍රතිචාර වැඩිද?
ඔව්. ඔව්. ප්‍රතිචාර තියෙනවා. වයස් භේදයක් නැහැ. මම වයස කෙනෙක් කියලා හිතන්නේ නැහැ. අදටත් ජිම් ගිහිල්ලා ලස්සනට ඉන්නවා. අපිට ඉස්සර හිටිය වගේම දැන් ඉන්න බැහැ. වයසට යනවනේ. ඒත් බෑන්ඩ් එකට යනකොට හිටිය වගේම එළියෙ ඉන්න කෙනෙක් දකිනකොට හැමදාම ලස්සනට ඉන්න මම උත්සාහ කරනවා.
 
විදෙස් ආරයේ ගී ගායනයට වැඩි රුචිකත්වයක් දක්වනවද?
බෑන්ඩ් එකේ මට වැඩි ඉඩක් ලැබිලා තිබුණෙ ඒ ගීත ගායනයට. මම එන්රික් චාර්ලි පුත්, මාර්කි ඇන්තනී, ෂෝන් මෙන්ඩස්, වගේ අයගේ ගීත ගායනා කරන්න ආසයි.
 
මගේ සංගීත ලෝකේ වීරයා රූකාන්ත ගුණතිලක මහත්මයා. ඔහු මාර චරිතයක්. මගේ ආසම ගායකයා අමල් පෙරේරා. නදීමාල් පෙරේරා සහ කසුන් කල්හාරගේ වොයිස් එකටත් ආසයි.
 
ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් යමක් කියමු.
මේ දවස්වල පරිස්සම් වෙලා ඉන්න කියලා තමයි ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ. යම් අවශ්‍යතාවකට එළියට ගියත් පුළුවන් තරම් ගෙදරින් එක්කෙනෙක් යන්න. මම කඩේකට ගියත් මාස්ක් දාලා, ෆේෂ් ෂීල්ඩ් එකකුත් දාගෙන යන්නේ. මොකද අතපසුවීම් වෙන්න බැහැ. තමනුත් ආරක්ෂා වෙන ගමන් පවුලේ අයවත් ආරක්ෂා කරගන්න ඕනේ. ආණ්ඩුවටම බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න ඕනේ. මේ තත්ත්වය යහපත් අතට හැරුණම ඉතාම ඉක්මනින් අලුත් නිර්මාණත් අරගෙන අපි ප්‍රේක්ෂකයො අතරට එනවා.
 
ඉරේෂා කල්හාරි සේනාධීර
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top