මොන වැඩේ කරන්න ගත්තත් ශිවාගේ හිතේ හිටියෙම සුදු මැණිකෙම විතරයි.මහ මුහුදේ මාලු අල්ලන ගමන් ශිවා , බාබුට කිව්වේ අනිත් පහුවදා කරන්න තියෙන වැඩේ ගැන.
"මොකක්ද "
"හෙට අපි සුදු මැණිකෙගෙ කොලේජ් එකට පනින්න ඕනේ.එයාට තෝසේ දීලා,එයා ඩාන්ස් කරනවත් බලලා,පුලුවන් වුනොත් එයත් එක්කම තෝසෙත් කාලා, එන්න ඕනේ.."
"හෙට මට මළ ගෙයක් තියෙනවා බන්.මට එන්න බැරිවෙයි"
බාබු එහෙම කිව්වේ බොරුවට කියන එක ශිවාට තේරුනා.
"ආ කමක් නෑ..හැබැයි ඉතින් හෙට සුදු මැණිකෙගෙ ගෑණු යාලුවොත් ඉන්නවා.හරිද "
"ආ ..හරි හරි මං එන්නම් ඉතින්..උඹේ කිසි දේකට මං නෑවිත් ඉන්නෙ නෑනේ"
බාබු එහෙම කිව්වට ශිවාටත් හිනා ගියා.මොකද බාබු වගේ යාලුවෙක් ලැබුනේ ශිවාගේ වාසනාවට.ශිවාගේ ඕනම වැඩකදි බාබු තනියට හිටියා.
අනිත් පහුවදා දෙන්නම බයික් එකේ නැගලා තෝසෙත් අරගෙන කොලේජ් එකට ගියේ සුදු මැණිකෙව බලන්න ආසාවෙන්.ඒත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා.ඉස්සරහ ගේට් එකෙන් ඇතුලට යන්න හදද්දිමයි දැක්කේ ,ජේය්රාජ් වාහෙනත් නතර කරගෙන එතන ඉන්නවා කියලා.කොහොමින් කොහොම හරි දෙන්නම වටේටම ඇවිදලා කොලේජ් එක ඇතුලට පැන ගත්තා.
හැබැයි පොඩි ප්‍රශ්නයක්..කොහෙද සුදු මැණිකේ නැටුම් පුරුදු වෙන්නේ..එතන හොයාගන්න දෙන්නට තවත් වෙලාවක් ගියා .
කොහොමින් කොහොම හරි දෙන්නම හදිසියේම දැක්කේ ගැහැණු ළමයි ටිකක් ඩාන්ස් කරමින් ඉන්න හැටි.
ශිවාගේ ඇස් අදහගන්නත් බැරිවුනා.ඒ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි..සත්‍යා..තමන්ගේ සුදු මැණික..
"කෝ අහකට වෙයන්කෝ මටත් බලන්න.."
බාබුත් ජනේලේන් එබුනා.
"ඒ..ප්‍රියංකා චොප්රා වගේ බං "
ඇත්තටම සත්‍යා ඒ තරමටම ලස්සනට නටමින් හිටියේ.දෙන්නා තවත් ටිකක් වෙලාවක් එහෙමම බලාගෙන හිටියා.
ඔය අතරෙදි ඉස්සරහා හිටපු ජේය්රාජ්ට ආව කෝල් එකෙන් ඔක්කොම දේවල් ටික වෙනස් වුනා.ශිවයි බාබුයි අද නම් ජේය්රාජ්ගේ අතටම මාට්ටු වෙයි වගේ තමයි පේන්න තියෙන්නේ..
අදත් රාත්‍රියේදී හිරු ටීවි ඔස්සේ "රැල්ල වෙරළට ආදරෙයි "නරඹන ඔබට මේ කතාවේ ඉතිරිය බලාගන්න පුලුවන්.