Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
මහ රෑ සංගීතවේදියාට මැරයන් ලවා පහර දුන්නේ ජනප්‍රිය ගායකයෙක් බවට සැකයක් ? - Video

- මහ රෑ සංගීතවේදියාට මැරයන් ලවා පහර දුන්නේ ජනප්‍රිය ගායකයෙක් බවට සැකයක් ? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,946 Views
දවසින් දවස රයිසින් ස්ටාර් එකේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩිවුනා. දැන් ඉස්සරහට එන්න තියෙන්නේ SMS වටය.මේ වටය එනකල්ම බලාගෙන හිටපු කට්ටියක් හිටියා.ඒ තමයි විස්ලගේ අම්මයි තාත්තයි.තමන්ගේ ගාමන්ට් එකේ වැඩ කරන ගැහැණු ළමයින්ට සිම් අරගෙන දීලා,මේ SMS කැම්පේන් එකෙන් තමන්ගේ දරුවව උඩටම ගන්න තමයි ඒ අය සැලසුම් කරලා තිබුනේ.
 
"ඒත් අනේ අපිට වගේ අනිත් ළමයින්ට සල්ලි නැහැනේ.ඒ නිසා අපි මොකටද බය වෙන්නේ ? "

"නෑ..මේකනේ ශානිකා.. ඔය ළමයින්ට සල්ලි නැතිවුනාට ඒ ළමයි ඉන්න පැතිවල සල්ලිකාරයෝ ඒ අය වෙනුවෙන් වියදම් කරනවා.දැන් ඔය නුවරඑළියෙ ළමයෙක් ඉන්නවා නේද..එයාට ඒ පැත්තේ එළවළු බිස්නස් කරන අය උදව් කරනවා.එතකොට අර රත්නපුරේ ළමයට මැණික් කාරයෝ ටික උදව් කරනවා. මීගමුවේ ළමයට මාලු කාරයෝ ටික උදව් කරනවා.එහෙම තමයි මේක වෙන්නේ. ඔයා බය වෙන්න එපා.මං ගේමකට බැස්සොත් ඔයා දන්නවනේ ඉතින්.."
 
විසල්ගේ තාත්තා නම් හිටියෙම අධි තක්සේරුවක.හොඳින් හරි නරකින් හරි තමන්ගේ පුතාව රයිසින් ස්ටාර් කරවන්නයි ඔහුට ඕන වෙලා තිබ්බේ.
 
මේ අතරෙදි ටීනා ,අශාන් එක්ක කොෆි ෂොප් එකට ගිහිල්ලා කොෆි එකක් බිබී හිටියා කියලා තේමියට කිව්වේ,ඒ දෙන්නා පස්සෙන් ගිහින් ඔත්‍තු බලාගෙන ආව සමීර.සමීර තේමියගෙන් ලකුණු දාගන්න එක දෙක කරලා තමයි කිව්වේ.
 
ඒක අහපු තේමියගේ පපුව හිරවුනා වගේ වුනා.
 
"ටීනාට වටින්නෙ නෑ සමීර මට එහෙම කරන්න.ඔය කෙල්ලව මෙතනට ගෙනාවෙ මම.එහෙම කරපු මට තමයි,මාව මෙතනින් පන්නපු එකා එක්ක ගිහිල්ලා ඔය කොෆී බොන්නේ.මට දුකයි සමීර "..
 
"ඒකනේ සර් හරිම විලිලැජ්ජයි සර්..බලන්නකෝ "..
 
සමීර ,තේමියව තව තවත් ඇවිස්සුවා.
 
තේමිය කියපු එක දෙයක් සමීරගේ හිතට ඇල්ලුවා.
 
"හිතුනොත් මං ඕකුන් දෙන්නවම මෙතනින් එළවල දානවා "
 
සමීර ඇහැ ගහගෙන හිටියේ අශාන්ගෙන් පස්සෙ රයිසින් ස්ටාර් එකෙ නිවේදන කටයුතු කරන්න.ගමේදී මියුසිකල් ෂෝස් කිහිපයක් එනවුන්ස් කරලා තිබ්බ නිසා ඔහු හිටියේ තමන් ගැනම ආඩ්මබරයෙන්.
 
තේමියගේ කාමරේට වෙලා ඔහු නිවේදන කටයුතු පුරුදු වෙන්න ගත්තා.ඒත් එතනට ටීනා ඇවිත් කියපු දෙයින් ඔහුගේ බලාපොරොත්තු එහෙමම කඩාගෙන වැටුනා.
 
" ඔන්න මං අශාන්ව කොහොමහරි කැමති කරවා ගත්තා.මිනිහා ආපහු එයි"
 
ඔය අතරෙදි අගස්තිට ආව කෝල් එකත් ඔහු හිටියේ කලබල වෙලා.හැබැයි වින්ඩි ඉස්සරහ ඒ බවක් නොපෙන්වන්න ඔහු සෑහෙන්න මහන්සි වුනා.
 
කතා කරපු කෙනා කවුරු වුනත් ,ඔහු අන්තිමට කිව්ව වචන ටික නම් අගස්තිගෙ හිත ඇතුලෙ හොල්මන් කරා.මොකද ඒ වචන ටික නිකන් කිව්වා වෙන්න බැරි නිසා.
 
"මියුසික් කරන අහිංසක මනුස්සයෙක්ගේ ඇඟිලි වලට ගහලා කඩන එක හරිද මහත්තයා.හැබැයි මතක තියාගන්න,අපි ඔයා ගැන හොඳ අවධානයෙන් ඉන්නේ "
 
ඇත්තටම මේ කතා කරේ කවුද..?ඒක නම් සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්.අගස්තිත් කල්පනා කරේ ඒ ගැන.ඇත්තටම දැන් අගස්තිට වෙලා තියෙන්නේ තමන්ගේ අතීතයම තමන් පස්සෙ පන්නන එක.අගස්තිගේ අතීතය මේ තරමටම සමාජයෙන් හංගන්න තරම් අමිහිරි එකක්ද..කොහොම වුනත් ,ඒ අතීතය ළඟදිම දවසක හැමෝම ඉස්සරහ දිග හැරෙනවා කියලා අගස්ති දැනගෙන හිටියේ නැහැ.ඒ දවස උදාවෙන්න වැඩි කාලයක් යන එකකුත් නැහැ.
හිරු ටීවි ඔස්සේ දිනපතා දිවිතුරා නරඹන ඔබටත් ඒ ගැන දැන ගන්නට පුලුවන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top