Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
21
මුකේශ් අම්බානිගේ පෞද්ගලික ජෙට් යානය රත්මලානට ගෙන්වා ගන්නට තරම් මුම්බායට පොරක් වූ මාලී

- මුකේශ් අම්බානිගේ පෞද්ගලික ජෙට් යානය රත්මලානට ගෙන්වා ගන්නට තරම් මුම්බායට පොරක් වූ මාලීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
"මම ඔහුට මුලින් ම මුහුණදුන්නේ ටෙස්ට් තරගයක දී. ඔහු එවපු පන්දුව ආවේ විනිසුරුගේ පපුව කෙළින්. මට කිසිවක් හිතාගන්න නොහැකි වුණා. ඔහුගේ පන්දු ඔබව මුලා කරනවා. ඕනෑම අවස්ථාවක ඔහු එවන පන්දුව ඔබේ පා ඇඟිලිවල එහෙමත් නැත්නම් ඔබේ හිසේ වදින්නත් පුළුවන්.

නමුත් ඒ ඉරියව්ව එසේමයි. ඔබට බෑ කවදාවත් නවකයකුට දුවගෙන ඇවිත් අත තිරස්ව කරකවල පන්දු යවන්න පුරුදු කරන්න. ඔහු වගේ පන්දු යවන්නෙක් කවදාවත් හිටියේ නෑ. නැවත එවැන්නෙක් බිහිවෙන එකකුත් නෑ.” මේ වදන් කලක් එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවකු වූ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් ගේ ය. මේ වදන් ඔබට ඒත්තු ගන්වන්නේ එදා මෙදා තුර ලොව බිහි වූ අසාමාන්‍යම පන්දු යවන්නකුගේ විශිෂ්ටත්වය යි. 
 
2004 වසරේ ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචරාය තුළ එක්වරම, අත තිරස්ව කරකවමින් කවපෙත්තක් විසි කරන්නකු මෙන් පන්දු යවන ක්‍රීඩකයකු ක්‍රිකට් පිටියට පා තබන්නේ ය. තම මංගල ඉනිමේ දී ම එක ම පන්දුවාරයක් තුළ දී කඩුළු දෙකක් ලබන මාලිංග දෙවෙනි ඉනිමේ කඩුලු හතරක් ලබන්නේ ය. එතැන් පටන් පුරා වසර 17 ක් තිස්සේ ලොව පුරා හමා ගිය ස්ලින්ගා කුණාටුවේ තරම අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. පැයට කි.මී. 145 ක ට ආසන්න වේගයකින් එන පන්දුවක් පා ඇඟිල්ලක වදින විට ඇතිවන වේදනාව සිය ගණනක් පිතිකරුවන් ඉගෙන ගන්නට ඇත. පන්දු යවන්නකු ඉදිරියේ පිටිය මැද දණින් වැටෙන්නට සිදුවූ විට ඇතිවන හැඟීම බොහෝ පිතිකරුවන් අත්විඳින්නට ඇත. ඒ සියල්ලටම වඩා......
 
 ඒ පන්දුව තමාගේ කකුල් අස්සෙන් ගොස් විකට්ටුවේ වැදුණේ කෙසේ දැයි හරිහැටි වටහා නොගත් පිතිකරුවන් රැසක් ඔහු දෙස විමතියෙන් බලමින් නැවත ක්‍රීඩාගාරයට යන්නට ඇත. ටෙස්ට් කඩුලු 101 ක් එක්දින කඩුලු 338 ක් විස්සයි විස්ස කඩුලු 107 ක් තම නම ඉදිරියෙන් ලියවාගත් ඔහු ලොව වැඩි ම කඩුලු ත්‍රිත්ව ලාභියා ද වේ. එය එසේ ඔහු නමට ලියැවී ඇත්තේ ඔහුගේ විශේෂ හැකියාවන් ලොවට පසක් කරමිනි. එක්දින හා විස්සයි විස්ස යන තරග රටා දෙකෙහිම පිට පිට පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් එකම පන්දු යවන්නා ඔහු ය. ගෙවුණු දසකය තුළ සීමිත පන්දුවාර පිටියේ බිහි වූ ඕනෑම නායකයකු අවසන් පන්දුවාර යැවීම සඳහා මාලි අතට පන්දුව භාර දීමට බිය නොවූයේ එහෙයිනි. පන්දුවෙන් වැඩ දැමූ ඔහුගේ වීර කතා අතරට 2010 දී මැතිච්ස් සමඟ එක්ව කළ මෙල්බර්න් පෙරළිය එකතු වන්නේ ඔහුව තව තවත් ඉතිහාසගත කරවමිනි. කතාව එතනින් ඉවර නැත.. මුම්බායි අගනුවර කර ගත් මාලිංගගේ ලීග් ගමන IPL ,BPL CPL, BigBash ආදි ලොව පුරා ලීග් තරගාවලි රැසක් පසු කරන්නට විය. අදටත් මුම්බායි නගරයට ඔහු දෙවියෙකි. 
 
මුකේශ් අම්බානිගේ පෞද්ගලික ජෙට් යානය රත්මලානට ගෙන්වා ගන්නට තරම් ඔහු මුම්බායට පොරකි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදා මෙදා තුර බිහිවූ සාර්ථක ම පන්දු යවන්නා ලෙස අදටත් නම් දරන්නේ ලසිත් මාලිංග ය. ඔහුගේ කතාව කෙළින් ය... ළඟට අඬගසා වචනයෙන් කනට ගසන්නට තරම් වරෙක ඔහු මුරණ්ඩු ය. පාට කළ කැරලි කොණ්ඩය ඔහුටම ආවේණික ය. 2007 ලෝක කුසලානයේ සරාගීම ක්‍රීඩකයාගේ කොණ්ඩා මෝස්තරය අද වන විට 'බ්‍රෑන්ඩ්' එකක් වී හමාර ය. IPL තරගවලත් කොණ්ඩ බූසියක් සාදා පාට කර ගත් ප්‍රේක්ෂකයකු සොයාගැනීම අදටත් පහසු කාර්යයකි. තවත් අවුරුදු දහයකට පසු වුව ද ලංකාවේ ක්‍රිකට් තරගයක් බලන අයකුට කොණ්ඩය පාට කරගත් නරඹන්නන් දැකගත හැකි වනු නොඅනුමාන ය.
 
 ලසිත් මාලිංග අපට පුරුදු කළ “මාලි ස්ටයිල් “ එක ඒක ය. නමුත් සියල්ල අවසන් වී ඇත. ඇරැඹූ සේ ම අවසන් කිරීමට කාලය එළඹ ඇත. ලසිත් මාලිංග නම් වූ සිංහයාගේ ගර්ජනාව ක්‍රිකට් පිටියෙන් සදහටම නික්ම ගොස් ඇත්තේ එලෙස ය. අත අංශක අසූවකින් පමණ ඇල කර එවන මාරාන්තික කවපෙත්තාකාර යෝකර් පන්දුව නැවත අපට පිටියේ දී දක්නට නොලැබෙනු ඇත. දිනෙන් දින නවක ක්‍රීඩකයන් බිහි වනු ඇත. හෙට තවත් කවුරන් හෝ ලාංකේය වේග පන්දුව භාරගනු ඇත. 
 
නමුත්, එදා මෙදා තුර ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ඇති කළ විශාලත ම ප්‍රේක්ෂක උන්මාදය : “ස්ලින්ගා” කිසිදා නොනැසී පවතිනු ඇත. කොටින්ම මාලිංග යනු ක්‍රීඩකයකුට එහා ගිය බ්‍රෑන්ඩ් එකක් බව තවත් වසර ගණනාවක් යන තුරුම අපට සනාථ වනු ඇත. නමුත් එදා රත්ගම වැල්ලෙන් ක්‍රිකට ආරම්භ කළ සෙපරමාදු ලසිත් මාලිංග පැමිණි ගමන සියලු දෙනාටම ආදර්ශවත් එකක් වනු ඇත. ඉතින් ආදරණීය මිත්‍රයාණෙනි, අපි ඔබට බොහෝ ණයගැති විය යුත්තෙමු. මෙතුවක් කාලයක් පුරාවට වතුර කළ සෑම ලේ බිංදුවක් පාසාම.... කෙළින් කළ සෑම රෝම කූපයක් පාසාම අපි ඔබට ස්තුති කරන්නෙමු.... ඔබ නැති ක්‍රිකට් පිටියක පිතිකරුවන්නේ ඇඟිලි තුඩු සතුටින් සැනසුම් සුසුම් හෙළනු ඇත. එසේම.. අව්‍යාජ සිනහවකින් මුව සරසාගත් ලොවක් තම විලාසිතාවයට නතු කර ගත් හිතුවක්කාරයා ශ්‍රීලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය තුළ සදා නොමැකෙන මතකයක් වනු ඇත. සුබ ගමන් මාලි....නිරෝගීමත් දිවියකට ඔබට අපෙන් සුබ පැතුම්. 
 
චමිඳු ගිහාන්ත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top