Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
"මම මේ අලුත් මුහුණ පිළිගත්තේ නැත්නම් දරුණු තත්ත්වයක් ඇති වෙන්න තිබුණා.." - වෛද්‍ය විද්‍යාවේ හාස්කමෙන් මුහුණු තුනක් හිමිව ඉපදුණු තරුණයෙකුට ජීවිතය ලබාදුන් දෙවිවරු

- "මම මේ අලුත් මුහුණ පිළිගත්තේ නැත්නම් දරුණු තත්ත්වයක් ඇති වෙන්න තිබුණා.." - වෛද්‍ය විද්‍යාවේ හාස්කමෙන් මුහුණු තුනක් හිමිව ඉපදුණු තරුණයෙකුට ජීවිතය ලබාදුන් දෙවිවරුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,864 Views
සාමාන්‍යයෙන් මිනිසෙක්ට අත් දෙකක් කකුල් දෙකක් සහිතව මුහුණක් උපතින් උරුම වෙනවා. නමුත් අවාසනාවට යම් යම් රෝගී තත්ත්වයන් නිසා හෝ වෙනත් හේතූන් මත ඒ ඒ යම් අවයව අඩුවෙන් පිහිටන අවස්ථා ගැන ඔබ අසා ඇති. ඒ විතරක් නෙවෙයි යම් අවස්ථාවල සාමාන්‍ය ප්‍රමාණයකට වඩා අවයව වැඩියෙන් ද පිහිටන අවස්ථා ඕනෑ තරම්.

වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ ඒ වැඩියෙන් පිහිටි අවයව ඉවත් කිරීමක් හෝ නොපිහිටි අවයව බද්ධ කිරීම් ආදියත් සිදු කෙරෙනවා ඉතින් එවැනි ඇතැම් සිදුවීම් විශ්වාස කරන්නත් හරිම අමාරුයි. නමුත් මේ කතාව කියවලා බලන්නකෝ අපි නොහිතන නොදකින දේවල් මොන තරම් ලෝකයේ සිද්ධ වෙනවද කියලා ඔබටම වැටහේවි. විශේෂම කාරණය තමයි ඔහුට මුහුණක් නැතිව මාස දෙකක කාලයක් රෝහලේ සිටින්නට සිදුවීම. ඉතින් මේ අවාසනාවට මුහුණු තුනක් හිමි පුදුම මිනිසාගේ කතාව. මොහුව මුහුණු තුනක් සහිත මිනිසා ලෙස හඳුන්වා තිබුණේ ප්‍රංශ මාධ්‍යය විසින් . ජෙරෝම් හැමන් (Jerome Hamon) නම් පුද්ගලයා තමයි මේ ඛේදනීය ඉරණමට ගොදුරු වුණේ. ඔහු ප්‍රංශ ජාතිකයෙක්. ඉතින් මේ තත්ත්වයටත් බලපා තියෙන්නේ බහුතර ආබාධවලට හේතුවන ජානගත රෝගි තත්ත්වයක්. ඉතින් ඒ නිසාවෙන් ජෙරෝම්ගේ මුහුණේ හැඩය වෙනස් වෙන ආකාරයේ ගෙඩි විශේෂයක් (tumours) මතුවෙන්නට පටන් ගන්නවා. මේ තත්ත්වය නිසා ඔහුට මුහුණු බද්ධයක් සිදු කිරීම අවශ්‍ය වන බව වෛද්‍යවරුන් පවසා සිටියා. 
 
ඉතින් ඒ නිසාවෙන් ඔහුගේ මුහුණ සඳහා පළමු මුහුණු බද්ධය සාර්ථකව සිදු කරනු ලැබුවා. ඒ 2010 වසරේදී මහාචාර්ය ලන්තියෙරි විසින්.නමුත් අවාසනාවට 2016 වෙද්දී ඔහුගේ ඒ පළමුවෙන් බද්ධ කළ මුහුණ ජෙරොම්ගේ මුහුණින් ඉවත් කරන්නට සිද්ධ වෙනවා. එයට හේතුව වී තිබුණේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් සඳහා ඔහුට දෙන ලද ප්‍රතිජීවක ඖෂධ නොගැළපීමෙන් විවිධ සංකූලතා මතුවීම නිසාවෙන්. මේ සංකූලතා තත්ත්වය නිසාවෙන් පළමු බද්ධ කිරීම ශරීරයට අනුගත නොවීමේ ලක්ෂණ ක්‍රමයෙන් පහළ වන්නට වුණා. ඒ අතරවාරයේ ඔහු පටක ක්ෂය වීමේ ආබාධයකටත් ගොදුරු වී සිටි බවයි වාර්තා වෙන්නේ.ඒ තත්ත්වයන් හමුවේ ජෙරෝම්ගේ පළමු මුහුණ නැවත ඔහුගේ සිරුරෙන් ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදු වෙනවා. ඒ පළමු මුහුණ ඉවත් කළ දින සිටම ඔහු මුහුණක් නැතිව මාස දෙකකට ආසන්න කාලයක් සිටි බව ඔබ විශ්වාස කරනවා. පිළිගන්නට අසීරු වුණත් එය ඒ ආකාරයෙන් සිදුවුණා. 
 
මොකද යම් පරිත්‍යාගශීලී අයෙක් ඔහුට ගැළපෙන ආකාරයේ මුහුණු කොටස් සපයන තුරු ඔහුට මුහුණක් නැතිව ජීවත් වෙන්නට සිදුව තිබුණා. ඇසූ විට විශ්වාස කරන්නට අසීරු වුණත් ඔහු මාස දෙකක් පැරිස් නගරයේ රෝහලක රැඳී සිටියා. එසේ රැඳී සිටි මාස දෙකක කාලය ඔහුට ඉතාම කණගාටුදයක තත්ත්වයක් උදාකර තිබුණා. ඒ මුහුණක් නොමැතිව සිටි ඒ කාලය තුළ දී හැමන්ට පෙනීම, ඇසීම සහ කතා කිරීමේ හැකියාව පවා අහිමි වී ගිය නිසා. මුහුණ නොමැතිව මාස දෙකක කාලය ගෙවීයාමත් සමඟ සුදුසු අවයව පරිත්‍යාගශීලි අයෙක් හමුවීමෙන් පසුව ඔහුගේ දෙවන මුහුණු සැත්කම් සිදු කරන්නට වෛද්‍යවරුන් තීරණය කරනු ලැබුවා. නමුත් ඊට පෙර සිදු කළ මුහුණු බද්ධයේදී ඇති වූ සංකූලතා නිසාවෙන් නැවත එවැනි තත්ත්වයන් ඇති නොවෙන්නට වෛද්‍යවරුන් වග බලා ගත්තා. ඒ සඳහා ශල්‍ය කර්මය සිදුකිරීමට පෙර හැමන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා විශේෂ ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලැබුවා.
 
 ඉතින් ඒ දෙවන මුහුණ බද්ධය සඳහා වෛද්‍යවරුන්ට පැය ගණනක ශල්‍ය කර්මයක් සිදු කරන්නට වුණා. ඒ ශල්‍ය කර්මය මෙහෙයවනු ලැබුවේ මහාචාර්ය ලෝරට්න්ට් ලන්තියෙරි විසින්මයි. ඔහු දෑත් සහ මුහුණත් බද්ධ කිරීම් පිළිබඳව විශේෂඥයෙක් වුණා. ඉතින් හැමර්ගේ අලුත් මුහුණ මෘදු මෙන්ම චලනය නොවන මට්ටමක බොහෝ කාලයක් පැවති අතර ඒ නිසාවෙන් වෛද්‍යවරුන් පවසා තිබුණේ හිස් කබල, සම වගේම ඔහුගේ මුහුණුවර පවා තවදුරටත් සැකසීමට සිදු වන බව. නමුත් තමා සුවය ලැබීම ගැන හැමර් මහත් සතුටින් පසුවණ බව සඳහන් . විශේෂම කාරණය තමයි හැමර්ට ඒ ශල්‍ය කර්මය සිදු කරද්දි වයස වුරුදු හතළිස් තුනක් වුවත් ඔහුට මුහුණ පරිත්‍යාග කළ පුද්ගලයාගේ වයස 22 ක් වීම. එදා පැරිස් නගරයේ ජෝර්ජ් පොම්පිඩු රෝහලේ ප්‍රතිකාර ලැබූ ජෙරෝම් හැමන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ “මටත් දැන් වයස විසි දෙකයි ” යනුවෙන් . ඒ වගේම ඔහු සිය සතුට වචනවලින් මෙසේ ප්‍රකාශ කර සිටි බවත් විදෙස් මාධ්‍ය හෙළි කර තිබුණා.”මම මේ අලුත් මුහුණ පිළිගත්තේ නැත්නම් දරුණු තත්ත්වයක් ඇති වෙන්න තිබුණා. එය අනන්‍යතාවය පිළිබඳව ප්‍රශ්නයක්. 
 
නමුත් දැන් අපි මෙතැනට පැමිණ සිටිනවා. ඔක්කොම හොඳින් සිදුවුණා. මේ තමයි මම.” ඉතින් දෙවන සැත්කම සිදු කිරීමෙන් පසු මාස තුනකට පසුව ජෙරොම් හැමර් මාධ්‍යයට පවසා තිබුණේ තමාට දැන් සුවයක් තිබෙන බවයි. ඉතින් නොසිතූ ආකාරයට ඕනෑම පුද්ගලයෙකුගේ ජීවීතය ඕනෑම ආකාරයකින් වෙනස් වෙන්නට පුළුවන්. නොසිතූ ආකාරයට ජීවිතය අහිමි වෙන්නට පවා පුළුවන්. නමුත් අද වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝදුරට රෝගී තත්ත්වයන් හඳුනා ගනිමින් මිනිසුන් සුවපත් කරනවා. මුහුණු තුනක් හිමි පුද්ගලයෙක් ලෙස ප්‍රංශ මාධ්‍ය ඔහුව හඳුන්වා ඇත්තේ ඔහුට ජන්මයෙන් හිමි මූහුණ සහ ඉන්පසුව පළමුවරට ඔහුට බද්ධ කළ මුහුණ සහ ඒ මුහුණ ඉවත් කිරීමෙන් දෙවන සැත්කමෙන් හිමිවුණු මුහුණ නිසාවෙන් . ඉතින් කොහොමවුණත් ජෙරොම් හැමර් මුහුණ සැකසීම සඳහා දෙවතාවක් සැත්කමකට භාජනය වුණු ලොව පළමු පුද්ගලයා විදියට ඉතිහාසගත වෙනවා. ඒ විතරක් නොවෙයි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නටත් ඒ මුහුණු බද්ධ කිරීම හේතුවෙලා තියෙන බවයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් ජෙරොම් හැමන් ද ජීවිතයට මුහුණ දෙන්නේ ඔහුට ජන්මයෙන් ලැබුණු මුහුණෙන් නොව වයස අවුරුදු 22 ක් වුණු තරුණයෙකුගේ මුහුණකින් වීම සුවිශේෂී කාරණයක්.
 
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
 

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top